දෙරණ නාලිකාවේ මේ දවස් වල විකාශය වන derana dream star season 10 මේ දින වල අවසන් තරඟකරුවන්

‍21 දෙනාගේ වටයේ සිටින අවසන් තරඟකරුවන් 7දෙනෙකුගෙන් යුත් කණ්ඩායම පසුගිය සතියේ ගීත ගායනා කරණු ලැබුවා.වෙනදා වගෙම කීර්ති

පැස්කුවෙල් මහතා,උමාරා සිංහවංශ මහත්මිය,සමිතා මුදුන්කොටුව මහත්මිය සහ නදීක ගුරුගේ මහත්මයාගෙන් යුත් විනිශ්චය මණ්ඩලය පැමිණ

තිබුණි.සංගීතයෙන් සහය ලබා දෙන්නෙ ලසන්ත කාරියවසම් ප්‍රධාන සික්ෂා සංගීත කණ්ඩායමයි.අංක 1 රමේෂ් ඉසුරංග,අංක 2 අංජලී

මෙත්සරා,අංක 3 වෙනුසර වින්දන,අංක 4 නිර්මානි ශාලිත්‍යා,අංක 5 තුශාන් කාවින්ද්‍ර,අංක 6 කාවින්ද ගිම්හාන,අංක 7 දුලංග සම්පත් එදින ගායනා

කරනු ලැබුවා.මෙම තරඟකරුවන් ඉදිරියට ගෙය යාම සඳහා ප්‍රේක්ෂකයන්ට අවස්ථාව හිමි වෙයි.අංක 1 රමේෂ් ඉසුරංග විශාරද ගුණදාස කපුගේ

ශූරීන්ගේ උන්මාද සිතුවම් ගීතයද,අංක 2 අංජලී මෙත්සරා මහාචාර්ය සනත් නන්දසිරි ශූරීන්ගේ සොවින් පිරි ගීතයද,අංක 3 වෙනුසර වින්දන සුළඟ

ඔබද ගීතයද අංක 4 නිර්මානි ශාලිත්‍යා රිද්ම වීරවර්ධන සහ අනූ මධුභාෂිණිගේ සංසාරයේ මා ගීතයද අංක 5 තුශාන් කාවින්ද්‍ර උමාරා සිංහවංශ

මහත්මියගේ හාදකම් ගීතයද,අංක 6 කාවින්ද ගිම්හාන ගීතයක්ද,අංක 7 දුලංග සම්පත් භාරත නයනජිත්ගේ වශවත තාන්ඩව ගීතයද ගායනා කරනු

ලැබුවා.අංක 2 අංජලී මෙත්සරා මනාප 53901,6 කාවින්ද ගිම්හාන මනාප 47977,අංක 5 තුශාන් කාවින්ද්‍ර මනාප 46693,අංක 7 දුලංග

සම්පත් මනාප 44618,අංක 3 වෙනුසර වින්දන මනාප 40389,අංක 4 නිර්මානි ශාලිත්‍යා මනාප 39239ක් ලබා තරඟයෙන් ඉදිරියට ගිය

අතර අංක 1 රමේෂ් ඉසුරංග මනාප 37951ලබා තරඟයෙන් ඉවත්වීමට සිදුවිය.

(පියුමි හංසිකා)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *