ලෝක ප්‍රකට ටොම් කෲස්ව ඔබ දන්නවද? Mission: Impossible, Edge of Tomorrow, The Last Samurai වැනි අද්විතීය හොලිවුඩ් සිනමාව තුළ අපට දකින්නට ලැබුණු ඉහළ ආදායමක් ළබන හොලිවුඩ් තරුව ‘ටොම් කෲස්’. ඉතින් සටහන ටොම් කෲස් ගැන නම් නොවේ. මේ ඔබව භිරාන්තියට පත් කරන Top Gun Maverick 2022 මූවි එක ගැනයි.

මේ මූවි එක 2022 වර්ෂයේදී වැඩිම බොක්ස් ඔෆිස් වාර්තවක් තැබූ වාර්තාගත චිත්‍රපටයක්. මේ මූවී එක පිළිබඳව සොයා බැලීමෙදී මූවී එක නරඹනවාට වඩා මේ සඳහා රංගනයෙන් දායකවුණු රංගන ශිල්පීන් හට ලැබුණු අත්දැකීම් ගැන සොයා බැලීම ඉතාමත් ත්‍රාසජනක හා භයංකරයි. Top Gun Maverick මූවී එක පිළිබදව මුළින්ම කතාබහ අරභනවාට වඩා මේ මූවී එක රූගත කීරීම සහ ඒ සඳහා රංගන ශිල්පීන් රංගනයෙන් දායකවූ ආකාරය ගැන මුළින් ම සඳහන් කිරීම වඩා රසවත් යැයි මෙය කියවන ඔබට වැටහේවී.

නළුවන් නිළියන් ගුවන් නියමුවන් කළ මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ඇමෙරිකානු සිනමා අධ්‍යක්ෂ ජෝසප් කොසින්ස්කි විසින්. ඉතින් මේ මූවි එක සදහා භාවිතා කළ ගුවන් ගතවීමේ සිදුවීම්, සහ අනෙකුත් ගුවන් යානා අශ්‍රිතව සිදු වූ බොහෝමයක් වූ ක්‍රියාකරකම් හසුරුවනු ලැබුවේ මේ ටොම් කෲස් ප්‍රමුඛ Top Gun Maverick හි රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්. එක ඇතැම් විට ඔබට විශ්වාස කළ නොහැකිවනු ඇත. මේ කතාවේ වඩාත් රසවත්ම කොටස වන්නේ මේ මූවි එක වෙනුවෙන් මේ රංගන ශිල්පීන් දැක්වූ නිර්භීත දායකත්වයයි. මේ සඳහා මාස තුනක පමණ පුහුණුවක් මෙම රංගන ශිල්පීන් සඳහා ලබා දී මෙහි චිත්‍රපට රූගත කිරීම් සිදුකර තිබෙනවා. ගුවන් යානා හැසිරවීම, ගුවන් යානා හී ඇති කැමරා ප්‍රහාර ඉළක්ක සඳහා හැසිරවීම, නාවික පුහුණුව වැනි මරණාසන්න අත්දැකීම්වලට මුහුණ දෙමුන් තමයි මෙම විශිෂ්ට ගණයේ සිනමා නිර්මාණය 2022 වර්ෂයේ මැයි 27 වන දින කළ එළි බැස්සේ. මේ මූවී එක පැය දෙකක් සහ මිනිත්තු එකොළහක ධාවන කාළයක් තිබෙන ක්‍රියාදාම සහ ත්‍රාසජනක වර්ගීකරණයට අයත් චිත්‍රපටයක්.

දැන් අපි එමු ටොප් කෲස් වෙතට. මෙහි ප්‍රධාන චරිතය පණ පොවන කෲස් ගේ චරිතය වන්නේ මැව්රික්. මේ කතාවේ මැව්රික් කියන්නෙ ප්‍රහාරක ගුවන් නියමුවෙක්. නමුත් අවසනාවකට වගේ ඔහු දීර්ඝ කාළයක් ප්‍රහාරක ගුවන් නියමු සේවාවේ යේදී සිටියද ඔහුට ගුවන් හමුදාව තුළ ඉහළ තනතුරක් දැරීමේ හැකියාව නැතිවනවා. නමුත් ඔහු හා සම වයසේ ගුවන් පුහුණුව හා බැඳුණු ඔහුගේම මිතුරන් ඉහළ තනතුරු වල යෙදෙමින් කටයුතු කරනවා. මෙය කතාවේ වැදගත් කාරණයක්. මැව්රික් මේ නිසා කණස්සල්ලෙන් පසුවනවා. ඊට හේතුව කතාවේ රසයට හානියක් වන නිසා සඳහන් නොකර ඔබම කතාව නරඹා වටහා ගන්නා ලෙසට ආරාධනා කරනවා. ඉතින් මැව්රික්ට  මෙහි එන ඇද්මිරාල් සයික්ලෝන් විශේෂ මෙහෙයුමක් භාරදෙනවා. ඒ මෙහෙයුමේ තියෙන්නෙ අනවසර යුරේනියම් ගොඩනැගිල්ලක් නියමු කණ්ඩාමක් යොදවා පුපුරවා හැරීමට. නමුත් මෙම මෙහෙයුම පිළිබඳ සිදුවන කතාබහේදී මැව්රික් සිතන්නේ එම මෙහෙයුම දියත් කිරීම තමාට පැවරෙන බවයි. නමුත් අද්මිරාල් පවසන්නේ මැව්රික්ට, ඒ සඳහා තෝරාගත් ටොප් ගන්හී උපාධීධාරින් දොළහක් කැඳවා ඇති බවත් එම පිරිසෙන් හයදෙනෙකු මෙම මෙහෙයුම සඳහා තෝරාගැනීමට අදාළ පුහුණුව ඔවුන්ට ලබා දෙන ලෙසත්ය. ඉතින් එයින් පසු මෙම පුහුණුව සඳහා පැමිණෙන පිරිස හා මැව්රික් ඔවුන්ව ඒ සඳහා පුහුණු කරන ආකාරය හා සබැඳුණු සිද්ධීන් සමඟ Top Gun Maverick කතාවේ ත්‍රාසජනක සිදුවීම් ආරම්භවේ. මෙහි පුහුණුව සඳහා පැමිණෙන රූස්ටර්ද මෙහි විශේෂ චරිතයක්. රූස්ටර් හා මැව්රික් අතර අවුරුදු කිහිපයකට උඩදී සිදුවුණු එක් අවාසනාවන්ත සිදුවීමක් නිසා රූස්ටර් හා මැව්රික් බොහෝ සෙයින් අමනාපයෙන් සිටින දෙදෙනෙක්. ඉතින් මෙම පුහුණුව සඳහා පැමිණෙන දොළොස් දෙනා අතරට රූස්ටර්ගේ පැමිණිමත් සහ ඔවුන් දෙදෙනා අතර ඇති විසංවාදය කුමක් දැයි යන්න කතාව තුළ එක්වරම නොපෙන්නවන හෙයින් කතාවේ කුතුහලය සහ කතා රසය තව වැඩි කරමින් Top Gun Maverick කතාවේ ගලා යෑම තව තවත් රසවත් කර ඇත.

මෙම කතාවේ සිදුවන ගුවන් පුහුණු කටයුතු මේ කතාවෙ ප්‍රේක්ශකයාට ඉතාමත් භයංකර අන්දමේ අත්දැකීමක් සපයයි. මැව්රික් සහ එම පුහුණු පිරිස අතර වන පුහුණු කටයුතු වලදී ඇතිවන ත්‍රාසජනක ගුවන් මෙහෙයවීම් ඔබට ඉතාමත් උද්වේකකර අන්දමින් නැරඹීමට හැකිය.  ඉතින් බොක්ස් ඔෆිස් වාර්තා බිඳහෙලූ  මේ කතාව ඔබ තවමත් නරඹලා නැත්නම් ඉක්මණින් නරඹා ගුවනේ භිහිසුණු අත්දැකිම ඔබත් නොපමාව ලබාගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *