ශ්‍රීලාංකේය සිනාමවට නවමු මුහුණුවරක් එකතු කරමින් ගජ මෑන් 3D චිත්‍රපටය එළෙඹෙන ජනවාරි 20 වනදා සිනාමහල්වලදී ප්‍රේක්ෂක ඔබට සමීප කරවීමට ලහි ලහියේ සුදානමින් සිටී. මෙම 3D චිත්‍රපටයේ හරමුසු තැන් ගැන දැක්වෙන මේ කෙටි සටහනින් ප්‍රේක්ශක ඔබට ගජමෑන් චිත්‍රපටයේ අල්පමාත්‍රික රස සංවේදනයක් එක් කිරීමටයි මෙ සූදානම.

ගජමෑන් කියනවිටම ප්‍රේක්ශක ඔබට කැමිලස්ගේ “ගජමෑන් කාටූන්” පුවත් පත් හරහා ඔබ හමුවට ආ බව මතක් වනවා ඇති. ඉතින් මේ කලා කීර්ති කැමිලස් පෙරේරා මහතා විසින් 1972 වර්ෂයේදී කරළියට ගෙන ආ ගජමෑන් මේ වන විට ගජමැන්ට අවුරුදු පනහක් සම්පූර්ණ වීමත් සමඟම “ගජමෑන් 3D” චිත්‍රපටයක් ලෙසින් තිරගත විමට නියමිතයි. තව දින කිහිපයක් තිබියදී වුවද මේ වන විටත් මෙම චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය නිකුත් වී අවසන්. ඒපමණක් නොව දැන් දැන් ගජමෑන් හි තේමා ගීතය “බොම්බේ මොටයි” යූ ටියුබ් ඔස්සේ ඔබට නැරඹීමේ හැකියාවද ඇත.

ඉතින් ගජමෑන් ආවේ කොහොමද? ඇයි ගජමෑන් මේ තරම් මාධ්‍ය හරහා කතාබහට ලක් වෙන්නේ? ගජමෑන් 3D, “3D” කියපු හැටියේම ශ්‍රී ලාංකික අපි දිව යන්නෙ හොලිවුඩයේ නිර්මාණය වුණු අති දැවැන්ත සිනාමා නිර්මාණ තුළටය. ඉතින් ඒ සීමාවට තිත තබමින් 3D සිනමා නිර්මාණයට අත්පොත් තබන්නට මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ “චානක පෙරේරා මහතා” සමත් වීම ශ්‍රී ලාංකික අපට මහත් වූ භාග්‍යයක්. මෙම සිනමා නිර්මාණය ගැන කතා බහ කරන කොට සුනෙත් චිත්‍රානන්දයන් සහ ගාමින්ද ප්‍රියවිරාජ් අමතකනොකළ යුතුම දෙදෙනෙක්. අප බොහෝ දෙනාට ඔවුනව හඳුනන්නේ චූටි මල්ලී සහ පොඩි මල්ලී යන නම් වලින්. ඉතින් මේ දෙනා විසින් විශාල කාර්‍යය භාරයක් එක් කරමින් මෙම චිත්‍රපටය රචනා කිරීම, දෙබස් රචනය හා ප්‍රධාන චරිත වලට හඬ කැවීමේ කර්තව්‍යයද සිදු කර තිබෙනවා. ශ්‍රී ලංකා රුපියල් මිලියන 75ක නිෂ්පාදන පිරිවැයක් දරමින් “Studio 101” නිෂ්පාදක කණ්ඩායම ගජමෑන් 3D චිත්‍රපටය නිර්මාණය කර තිබේනවා.

ගජ්මෑන් නිර්මාණයට පාදක වුණු ශ්‍රී ලාංකේය සිනමාවේ වැඩි කතා බහට මෙතාක් ලක් නොවුණු “Motion capture technology” යන ලෝක සිනමාවේ වඩාත් සිනමා නිර්මාණයට භාවත වන මෙම තාක්ශනය නිසාම ගජමෑන් ශ්‍රී ලංකා ප්‍රේකශක ජනතාව තුළ වැඩි කතාබහකට ලක් වී තිබෙනවා.

“ලංකාවට මේක අලුත් වුණාට ලෝකේ මේක අලුත් තාක්ෂනයක් නෙමෙයි. මේකට අපි කියන්නෙ Motion capture කියලා. ඒ කියන්නේ.. ඒකට සිංහල වචනය හදලා තියෙන්නෙ චලන ග්‍රහනය කියලා. නෝර්මල් ෆිල්ම් එකක වගේම රගපානවා, ඒ රඟපාන එක 3D කැරැක්ටර් එකට එකතු වෙනවා.” චානක පෙරේරා පෙරේරා මහතා මාධ්‍යට අදහස් දක්වමින් පැවසුවා.

ශෂිමාල් කුලරත්න සංස්කරණයත්, රවිහාන්ස් වැටකේපොත සහ අනුෂ්ක උදාන , ඔබ අප කාටත් හුරුපුරුදු “වස්ති” මෙහි සංගීත නිර්මාණයට දායක වී තිබෙනවා.

ඉතින් මොකක්ද මේ කතාව? කතාව ගැන දැන ගන්න නම් මෙම චිත්‍රපට නැරඹීම වඩාත් සුදුසුයි. නමුත් මේ කතාව පිළිබඳ සුළු හෝ සඳහනක් නොතිබුණොත් ඒක මෙම සටහට අඩුවක් වෙයි. ගජමෑන් ගෙන එමින් සුනෙත් සහ ගාමින්ද විවිධ දේශපාලන ප්‍රහසන ඉස්මතු කර පෙන්වමින් හාස්‍ය රසය වගේම ශ්‍රී ලංකාවේ දේශපාලනය පිළිබදව යම් පණිවුඩයක් ජනගත කිරීමේ මුහුණුවරක් මේ කතාව තුළ දිවයනවා. ඇතැම් සමාජ මාධ්‍ය හරහා හුවමාරූ වී තිබෙන කරුණු අනුව මෙම චිත්‍රපටය නිකුත් කිරීමට නියමිතව තිබූ 2018දී වර්ෂය නිකුත් නොකර කළ් යෑමට හේතුවක් ලෙස මෙය දේශපාලනයට මඩ ගෑසීමක් නිසා දෝ යැයි යම් රාවයක් හේතු පාදකවී ඇත. ඒ කෙසේ නමුත් ගජමෑන් “උපහාස රස සංවේදීතාව ” ඇති නිර්මාණයක් බවයි ජනප්‍රිය නිවේදන ශිල්පිණී තනූජා ජයවර්ධන මාධ්‍ය වෙත අදහස් පළ කළේ.

සුනෙත් චිත්‍රානන්ද, ගාමින්ද ප්‍රියවිරාජ්, ප්‍රදීප් රාමවික්‍රම, නිපුනි ශාරදා, පබෝධා සංදීපනී, යුරේනි නොෂිකා, අනුරාධ සිගේරා, ඩිලාන් සේනානායක හඬකැවීම් දායකත්වය සපයනු ලැබුවා. ප්‍රවීණ ගායන ශිල්පී අප අතරින් සමුගත් සුනිල් පෙරේරා මහතාගේ අවසන් කළා නිර්මාණ දායකත්වයද මේ ගජමෑන් හී හඬකෑවීමෙන් සහ ගායනයෙන් ලබා දුන්බවද මතක් කළ යුතුය. කසුනි කාවින්දි, ප්‍රදීප් රාමවික්‍රම, නිපුනි ශාරදා, චාමර ප්‍රියදර්ශන, ඉරේෂා ලක්මාලි සහ ටිම්රාන් මේ සඳහා රංගන දායකත්වය සපයා තිබෙනවා.

ඉතින් මේ ශ්‍රී ලාංකේය සිනමාවට ඓතිහාසික පිම්මක් තබමින් චානක පෙරේරා මහතා විසින් අධ්‍යක්ශණය කළැ මෙම නිර්මාණය ඔබත් නොපමාව එළෙඹෙන විසිවනදා සිට නරඹන ලෙස ආරාධනා කර සිටිනවා. මෙම නිර්මාණයට දායක වුණු සියළුම ශිල්පීන්ට ඉදිරි වැඩ කටයුතු සාර්ථක වන්නට සුභා ශිංසනද එකතු කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *