සෑම ඉරිදා දිනකම රාත්‍රී 7:30 ට හිරු නාලිකාව ඔස්සේ විකාශනය වන මෙගා ස්ටාර් නර්තන වැඩසටහන මේ වෙද්දි ඉතාම තරගකාරී.. මොකද මේ වෙද්දි අවසන් පස්දෙනා තේරීමෙන් වටය තමයි ඇරඹෙන්නේ.. ඉතින් එදා දවසේ දී මෙගා ස්ටාර් වේදිකා මත සිය නර්තනාංගයන් ඉදිරිපත් කරන්නට තරගකරුවන් පස්දෙනෙක් සූදානම්ව සිටියා.. ඉතිං වෙනදා වගේම පහුගිය සතියේ mega stars වේදිකා මත සිය දක්ෂතාවයන් ඉදිරිපත් කළා.. මේ තරගකරුවන් හය දෙනා අතුරින් එක් තරගකරුවෙක්ට මේ වේදිකාවෙන් සමු ගන්නට සිදු වූවා. ඉතින් පහුගිය සතියේ සුපිරි හායදෙනාගේ තරඟ වට සඳහා තරඟ වැදුනේ ඩිස්නි රාජපක්ෂ සමග ලලිත්, නිරෝෂා තලගල සමග ප්‍රදීප්, ශනුද්‍රි ප්‍රියසාද් සමඟ කවිඳු, ඉරේෂා අසංකි සමඟ සලා, කැලුම් ශ්‍රී සමඟ අශානි ,තරින්දි ප්‍රනාන්දු සමග හසින්ත යන තරඟකරුවන් හය දෙනයි. ඉතින් මේ සුපිරි හය දෙනා අතුරින් වාසනාවන්ත තරු යුවල 5ක් වාසනාවන්ත ලෙස ඉදිරියට යද්දී එක් අයෙක්ට මේ තරගයෙන් ඉවත්ව යෑමට සිදු වනවා..

ඉතින් එදා දවසේ ප්‍රේක්ෂක මනාපය 100% ලබාගෙන සුපිරි පස්දෙනාගේ වටය සඳහා යෑමට වාසනාව හිමිකර ගත්තේ ඉරේෂා අසංකි සමගින් සලායි.. ඉන්පසු 92% ක ප්‍රතිශතයක් සමග ඉදිරියට යන සුපිරි තරුව වනුයේ ශනුද්‍රි ප්‍රියසාද් සමගින් කවිඳු යි.. ඉතිං ඉන්පසු ප්‍රේක්ෂක වැඩිම මනාපයන් සමග සුපිරි පස්දෙනාගේ වටේ සඳහා යැමට අවස්ථාව උදා වූයේ ඩිස්නි රාජපක්ෂ සමගින් ලලිත්යි.. ඉතිං මෙලෙස තරගකරුවන් පස්දෙනෙක් සුපිරි පස් දෙනාගේ වටයට යෑම සඳහා සුදුසුකම් ලබද්දි නිරෝෂා තලගල සමගින් ප්‍රදීප්ට තමන්ගේ කිරුළේ සිහිනය අත් හැරීමට සිදු වූවා.. එදා දවසේ ඇය විනිශ්ච මණ්ඩලයටත් ස්තුතිවන්ත වෙමින් ප්‍රේක්ෂකයන්ට ස්තුතිවන්ත වෙමින් අවසන් සුපිරි පස් දෙනාටත් හදවතින්ම සුභ පතමින් වේදිකාවට සමුදුන්නා..

ඉතිං එදා දවසේ තරග වැදුන තරු යුවළ පහ වනුයේ ශනුද්‍රි සමග කවිඳු, ඉරේෂා අසංකි සමඟ සලා, තරින්දි ප්‍රනාන්දු සමඟ හසින්ත, කැලුම් ශ්‍රී සමග අශානි, ඩිස්නි රාජපක්ෂ සමග ලලිත් යන තරඟකරුවන් පස් දෙනයි. ඉතිං එදා දවසේත් මේ තරු යුවළ පහට තේමාවක් ලැබුණා. ඒ 2000න් පසු තේමාවයි.. ඉතින් ඔන්න වෙනදා වගේම එදා දවසෙත් විනිශ්ච මණ්ඩලයේ එක් අසුන හිස්ව තැබුණා.. ඉතිං ඒ අසුන වෙනුවෙන් එදා දවසේ මේ තරඟකරුවන්ට විනිශ්චය ලබාදීමට පැමිණියේ අපේ රටේ අපි කවුරුත් ආදරය කරන ඉතාමත් ජනප්‍රිය දක්ෂ ප්‍රවීණ රංගධරයෙක් වගේම අධයක්ෂවරයෙක් වන චන්න පෙරේරා මහත්මයායි. ඉතින් එදා දවසේ පුබුදු විසින් තරඟාවලියේ සිටින තරගකරුවන් පිළිබඳ ඔහු කුමක්ද සිතන්නේ කියා පැනයක් යොමු කළා.. ඒ වෙලාවේ රංගන ශිල්පිනියක්, ශිල්පියෙක් එක්ක තරඟ කිරීමට හැකියාවක් තිබෙන නව පරපුරක් මේ වෙද්දි බිහිවී තිබෙන බව ඔහු පවසමින් ඒ පිළිබඳ ඔහු ආඩම්බර වෙන බවත් මේ තරගකරුවන්ගේ හැකියාව විශිෂ්ට බවත් කියා සිටියා..

ඉතිං එදා දවසේ පළමුවෙන්ම වේදිකාව භාර ගනු ලැබුවේ ශනුද්‍රි ප්‍රියසාත් සමඟින් කවිඳුයි. ඔවුන් එදා දවසේ පහත රට සම්ප්‍රදායට අදාල මයුරුරාක්ෂ සහ නාගරාක්ෂ කියන සටන ඉතාමත් අපූරු නර්තනයකින් ඉදිරිපත් කරනු ලැබුවා. ඉතිං එදා දවසේ නර්තනවේදී චන්න විජේවර්ධනයන්ගෙන් ශනුද්‍රිට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා.. ඉතින් එදා දවසේ දෙවනුව මේ වේදිකාව බාරගනු ලැබුවේ ඉරේෂා අසංකි සමග සලා ය.ඔවුන් බොලිවුඩය තුළ තිබෙන ඉතාමත් ජනප්‍රිය ගීත දෙකකට ඉතාමත් අපූරු නර්තනාංගයක් ඉදිරිපත් කරනු ලැබුවා.. ඉතිං එදා දවසේ තරඟ වැදුණු තරින්දි සමගින් හසින්තට චන්න පෙරේරාගෙන් ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා.. ඔහු පවසා සිටියේ ඔවුන්ගේ නර්තනය ඉතාමත් ආකර්ෂණීය බවයි.. ඉතින් එදා දවසේ අවසාන තරගකාරිනිය ලෙස තරග වැදුණු ඩිෂ්නි රාජපක්ෂ සමගින් ලලිත් වෙනදා වගේම ඉතාමත් විස්මයට පත් කෙරෙන නර්තනයක් වේදිකාව මත ඉදිරිපත් කරනු ලැබුවා.. එදා දවසේ විනිශ්ච මණ්ඩලය ඇස පිය නොහෙලා ඔවුන්ගේ ඒ නර්තනය දෙස බලා සිටියා. මන්ද ඒ තරමටම විස්මයජනකයි.. ඔවුන් එදා ගින්දරත් සමඟ තමයි නර්තනය සිදු කළේ.. එදා දවසේ ඔවුන්ගේ එම නර්තනය අති විශිෂ්ට බව රංගනවේදී දිල්හානි ඒකනායක විසින් පවසා සිටියා.. එවගේම චන්න පෙරේරාත් ගින්දර සමගින් මෙලෙස නිර්භීතව සිය රංගනය ඉදිරිපත් කරනවා දුටු පළමු අවස්ථාව එය වන බව පවසා සිටියා.. ඉතින් එලෙස මෙ තරු 5 ඔවුන්ගේ දක්ෂතාවයන් දෙදාහෙන් පසු තේමාව යටතේ ඉදිරිපත් කරනු ලැබුවා.. ඉතින් එලෙස මෙගා ස්ටාර්ස් අවසන් පූර්ව තරගයේ අවසානයයි එලෙස නිමාවට පත් කෙරුණේ. ඉතිං මේ අවසන් සුපිරි පස්දෙනාගෙන් තරඟකරුවන් හතර දෙනෙක් අවසාන මහා තරගයේ තරග වදිනු ලබනවා.. ඉතිං මේ සියලු දේ තීරණය වනුයේ ප්‍රේක්ෂක ඔබ අතිනුයි..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *