හිරු නාලිකාව ඔස්සේ සෑම ඉරිදා දිනකම රාත්‍රී 7.30 ට විකාශනය වන මෙගා ස්ටාර්ස් නර්තන වැඩසටහන මේ වෙනකොට නම් ඉතාමත් තරගකාරී.. ඉතින් විවිධ බාධක මැද තරඟකරුවන් සිය නර්තනාංගයන් අනෙකාට අභියෝග කරමින් ඔවුන්ට හැකි උපරිමයෙන් මේ  වේදිකාව තුළ නිර්මාණශීලීව ඉදිරිපත් කරනු ලබනවා… ඉතින් පසුගියදා මෙගා ස්ටාර් වේදිකාව මත සිය නර්තනාංගය ඉදිරිපත් කරන්නට තරගකරුවන් හය දෙනෙක් සූදානම්ව සිටියා. ඉතිං එදා දවසේ සුපිරි හය දෙනාගේ තරග වටය ආරම්භ කෙරුණා.. ඉතිං තරඟයේ ඇති නීතිරීති සහ තරගය ස්වභාවය අනුව පහුගිය සතියෙත් තරග වැදුණු තරගකරුවන් හත්දෙනාගෙන් එක් අයෙකුට මේ වේදිකාවෙන් ප්‍රේක්ෂක මනාපයන් අනුව ඉවත් වීමට සිදු වුවා.. ඉතින් මේ වෙද්දි මේ සුපිරි තරු වේදිකාව මත ඔවුන්ගේ නර්තන දක්ෂතාවයන් පෙන්වන්නේ සියට සීයක්ම ජනතා පරමාධිපත්‍ය මතයි.. ඉතින් ප්‍රේක්ෂක මනාපය අනුව තමයි ඔවුන් මේ තරම් දුරක් මේ තරගයෙන් ඉදිරියට පැමිණ තිබෙන්නේ.. ඉතිං ඉදිරියේදී අවසාන කිරුළ දක්වා යන සිහිනය සියට සීයක්ම ඔවුන් ගමන් කරන්නේ ආදරණීය ප්‍රේක්ෂක මනාපයක් මතින්මයි..

 

ඉතින් පසුගිය සතියේ මෙගා ස්ටාර් වේදිකාව තුළ සිය නර්තනාංගයන් ඉදිරිපත් කළ තරඟකරුවන් වන්නේ ශනුද්‍රි ප්‍රියසාද් සමගින් කවිදු, තරින්දි ප්‍රනාන්දු සමඟ හසින්ත, ඉරේෂා අසංකි සමග සලා, කැලුම් ශ්‍රී සමඟින් අෂානි, නිරෝෂා තලගල සමගින් ප්‍රදීප්,ඩිස්නි රාජපක්‍ෂ සමගින් ලලිත්,චුලක්ශි රණතුංග සමග ලක්ෂාන් යන තරගකරුවන් හත්දෙනයි.. ඉතිං එදින 100%  ප්‍රේක්ෂක මනාපය ලබාගෙන හිරු මෙගා සටාර්ස්  සුපිරි 6 දෙනාගේ වටේට යෑම වාසනාව මුලින්ම හිමිකර ගනු ලැබුවේ ප්‍රාතිහාරී  ගීතයට ඉතාමත් අලංකාරවත් නර්තනාංගයක් ඉදිරිපත් කල  ඩිෂ්නි රාජපක්ෂ සමග ලලිත්.. ඉතින් ඊළඟට මේ සුපිරි  හත්දෙනා අතරින් සුපිරි හය දෙනාගේ වටේට යෑමේ වාසනාව හිමිකර ගන්නා වාසනාවන්ත තරගකරුවා 94% ක ප්‍රතිශතයක් සමගින් තමයි තරගයෙන් ඉදිරියට යන්නේ.. ඒ තමයි හින්දි සිනමාවේ ඉතාමත් ජනප්‍රිය ගීතයක් වන කජරාරේ ගීතයට ඉතාමත් අලංකාරවත් නර්තනයක් ඉදිරිපත් කළ අසංකි සමගින් සලායි.. තෙවනුව සියට 90 ක ප්‍රේක්ෂක ප්‍රතිචාරය මත සුපිරි 6 දෙනාගේ කණ්ඩායම සඳහා තේරී පත් වූයේ බොලිවුඩ් නර්තනයකින් සියල්ලන්ගේම සිත් ඇදගත් ශනුද්‍රි  ප්‍රියසාද් සමඟින් කවිඳුයි. ඊළඟට 88% ක ප්‍රේක්ෂක මනාපයක් ඇතිව මේ තරගයෙන් ඉදිරියට යනු ලැබුවේ බොලිවුඩය තුළ ඉතාමත් ජනප්‍රිය ගීතයකට සිය නර්තනාංගය ඉදිරිපත් කළ කැලුම් ශ්‍රී සමගින් අශානි.. ඉතිං එදා දවසේ සුපිරි හයදෙනාගේ කණ්ඩායම් වටය සඳහා යාමට සුදුසුකම් නොලබන්නේ අලංකාරවත් බොලිවුඩ් නර්තනාංගයක් ඉදිරිපත් කළ චුලක්ශි සමගින් ලක්ෂාන්ය..

ඉතිං ඔවුන් දෙදෙනාට දුකින් වුවත් මේ වේදිකාවෙන් සමු දෙන්නට සිදු වූවා.. ඉතින් එදා දවසේ ඇය තරඟයේ සිටින සියලුම තරගකරුවන්ට සුබ පතමින්  මෙවැනි අවස්ථාවක් දීම පිළිබඳවත් ස්තුතිවන්ත වෙමින් ඇයට ඇගේ ගමන යාමට උදව් කළ සියලු දෙනාටත් ස්තුතිවන්ත වෙමින් ඇය වේදිකාවට සමු දුන්නා. ඉතින් එදා දවසේ දී අවසන් වටයට තේරී පත්වුණ තරගකරුවන් හය දෙනාට තේමාවක් යටතේ තමයි සිය නර්තනාංගයන් ඉදිරිපත් කිරීමට සිදුවූයේ.. ඒ තේමාව වනුයේ 80 , 90 දශකයයි.. ඉතිං ඔන්න එදා දවසේදීත් සුපුරුදු පරිදි විනිශ්ච මණ්ඩලයේ රංගන ශිල්පිනී දිල්හානි ඒකනායකත්, නර්තනවේදී ආචාර්ය චන්න විජයවර්ධන මහත්මයත් සිටියා. ඉතින් එදා දවසේදීත් රංගවේදී රවීන්ද්‍ර රන්දෙණිය මහත්මයා වෙනුවට සිනමාවේ ඉන්න ඉතාමත් දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් පැමිණියා.. ඒ ප්‍රවීණ රංගන ශිල්පිනී නදීකා ගුණසේකරයි.. ඉතින් එදා දවසේ පුබුදු විසින් මෙහි සිටින තරගකරුවන් ගැන ඇය මොකද සිතන්නේ කියා පැනයක් ඇසුවා.. ඒ වෙලාවේ ඇය මෙහි සිටින තරඟකරුවන්ගේ දක්ෂතාවයන් ගැන පුදුම වන බවත් ඔවුන්ට තිබෙන රංගන ශෛලිය නර්තන හැකියාව ඉතාමත්ම ඉහළ බවත් කියා සිටියා.. ඉතින් ඇය එහි සිටි සියලුම තරගකරුවන්ට සුබ පැතුවා..

 

ඉතිං එදින රාත්‍රියේ සුපිරි හය දෙනාගේ තරඟ වටේ සඳහා තරග වැදුණේ, ඩිස්නි රාජපක්ෂ සමග ලලිත්,  නිරෝෂා තලගල සමග ප්‍රදීප්, ශනුද්‍රි ප්‍රියසාද් සමඟ කවිඳු, ඉරේෂා අසංකි සමඟ සලා, කැලුම් ශ්‍රී සමඟ අශානි, තරින්දි ප්‍රනාන්දු සමඟ හසින්ත යන තරගකරුවන් හයදෙනයි.. ඉතිං එදා දවසේ මේ තරගකරුවන්  හයදෙනා 80 , 90 දශකයේ තේමාව යටතේ ඉතාමත් දක්ෂ ලෙස ඔවුන්ගේ නර්තනාංගයන් ඉදිරිපත් කරනු ලැබුවා. ඉතින් ලබන සතියේ දී මේ තරගකරුවන් හයදෙනා අතරින් කවුරුන් ඉවත් වෙයිද කියන තීරණය තිබෙන්නේ ප්‍රේක්ෂක ඔබ අතෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *