හිරු ටීවී ඔස්සේ සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී හතයි තිහට විකාශනය වන hiru super dancer තරගාවලිය මේ වෙද්දි ඉතාමත් තරගකාරී.. මන්ද මේ වේදිකාවේ තරගවදින පුංචි පොඩ්ඩක් දවසින් දවස ඔවුන්ගේ ඒ හැකියාවන් දියුණු කර ගනිමින් තමයි මේ වේදිකාව මත එම නර්තනාංගයන් ඉදිරිපත් කරනු ලබන්නේ. ඉතිං පසුගියදා ඇරඹුනේ hiru super dancer තරඟාවලියේ සුපිරි හයදෙනා තේරීමේ වටයයි.. ඉතින් මේ වෙද්දි මේ තරඟාවලිය එන්න එන්නම අභියෝගාත්මක වී තිබෙනවා. ඉතිං මේ පුංචි පොඩ්ඩෝ සෑම දිනෙකම ඔවුන්ගේ නර්තන ආචාර්යවරුන් සමඟ එකතුවී මේ වේදිකාව අලංකාරවත් කරමින් ඔවුන්ගේ ඒ දක්ෂතාවයන් උපරිම ලෙස ඉදිරිපත් කරනු ලබනවා..

ඉතින් පසුගිය සතිඅන්තයේ වේදිකාව මත සිය නර්තනාංගයන්   ඉදිරිපත් කල පුංචි තරගකරුවන් වන්නේ තිළිණ සමග මිලාන්,අචින්ත සමග ධනුජ, ලක්ෂිත සමග ඩේලියා, ගිහාන් සමග ඔකදි, ධනුෂ සමඟ ඉරුෂ, ලහිරු සමග නෙතුනි, ජෝති සමග ක්‍රිස්ටිනා යන තරගකරුවන් හත් දෙනයි. ඉතිං එදා දවසේ දී තරඟ වැදුණු මේ පොඩ්ඩො හත්දෙනාගෙන් හය දෙනෙක්ට පමණයි ඉදිරි වටය සඳහා යාමට වාසනාව හිමි වෙන්නේ.. ඉතින් ඒ අනුව එදා දවසේ සුපිරි හයදෙනාගේ කණ්ඩායම නියෝජනය කිරීමට ප්‍රෙක්ෂකයන්ගේ වැඩිම මනාපයන් සමග ඉදිරියට යනු ලැබුවේ ඉතාමත් අලංකාරවත් කතක් නර්තනයකින් සියලු දෙනාගේම සිත් ඇදගත්  ඩේලියා සේනානායක සමගින් ලක්ෂිතයි.. ඉතින් දෙවනුව වැඩිම ප්‍රේක්ෂක මනාපයන් සමග ඉදිරියට යන්නට වාසනාව හිමිවූයේ ධනුජ ඉන්දීවරි සමගින් අචින්තටයි. ඉතින් තෙවනුව වැඩිම ප්‍රේක්ෂක මනාපයක් සමග සුපිරි හයදෙනාගේ කණ්ඩායමට යන්නට අවස්ථාව උදා වූයේ නෙතුලි නෙහාරාත් සමගින් ලහිරුටයි. ඉතින් තර්කය ස්වභාවය අනුව එදා දවසේ දී සුපිරි 6 දෙනාගේ කණ්ඩායම නියෝජනය කිරීමට නොහැකි වන්නේ ඉරුෂ සමඟින් ධනූෂට මේ වේදිකාවට සමුදෙන්නට සිදු වූවා.

ඉතිං ඒත් සමගම එදා රාත්‍රියේ hiru super dancer සුපිරි හය දෙනාගේ තරග වටය ආරම්භ කරනු ලැබුවා. ඉතිං වෙනදා වගේම මෙහේ සිටින ගෞරවනීය විනිශ්ච මණ්ඩලය තීරණය කෙරුවොත් මෙහි සිටින තරඟකරුවන් හය දෙනා අතරින් යම්කිසි තරඟකරුවෙක් ඉදිරිපත් කරන නර්තනාංගය super performer එකක් කියා ඔවුන් ඉදිරියේ තිබෙන ග්‍රීන් ලීවරය  දැල්වීමට ඔවුන්ට හැකියාව තිබෙනවා. ඒ විතරක් නෙමේ එය super duper performer එකක් වුවහොත් විනිශ්චමණ්ඩලයට හැකියාව තිබෙනවා  ඔවුන් ඉදිරියේ තිබෙන golden buzzer එක ක්‍රියාත්මක කරන්නට. ඉතිං ඒ තීන්දු තීරණ සියල්ලම විනිශ්ච මණ්ඩලය සතුයි.ඉතිං එදා දවසේ hiru super dancer වේදිකාවෙ සිය දස්කම් එළිදැක්වූ  තරගකරුවන් වන්නේ ගිහාන් සමග ඔකදි , අචින්ත සමග ධනූජ, ලහිරු සමඟ නෙතුනි, ලක්ෂිත සමග ඩේලියා , ජෝති සමග ක්‍රිස්ටිනා, තිළිණි සමග මිලාන් යන පුංචි පොඩ්ඩන් හය දෙනයි. ඉතින් එදා දවසේ දී පළමුවෙන්ම පහත රට නර්තනාංගයකින් සිය දස්කම් එළිදැක්වූ ඔකදි  සමරතුංග සමග ගිහාන්ට විනිශ්ච මණ්ඩලයේ ඉතාමත් හොඳ ප්‍රතිචාර ලබා ගැනීමට හැකි වුවා.. ඉතිං එදා දවසේදී සාම්ප්‍රදායිකව නර්තනාංගයක් ඉදිරිපත් කළ නෙතුනි සමග ලහිරුට හැකියාව ලැබුණා විනිශ්ච මණ්ඩලයේ තිදෙනාගේම හොද ප්‍රතිචාර ලබා ගනිමින් super performer කිරුළ හිමිකරගැනීමට. ඉතින් එදා දවසේ දී හැඩයන් කිහිපයක් එකතු කර ගනිමින්  ඉතාමත් අලංකාරවත් නර්තනාංගයක් ඉදිරිපත් කළ ඩේලියා සමගින් ලක්ෂිටත් හැකිවූවා super performer කිරුළ දිනාගන්නට.. ඉතින් මේ විදියට එදා දවසෙදි තරගකරුවන් හයදෙනා ඔවුන්ගෙ නර්තනාංගයන් ඉතාමත් දක්ෂ ලෙස hiru super dancer වේදිකාව තුළ ඉදිරිපත් කරනු ලැබුවා.. ඉතින් ලබන සතියේ දී මේ පුංචි පොඩ්ඩෝ හය දෙනා අතරින් කවුරුන්ද ඉවත් වෙන්නේ කියන තීරණය ප්‍රේක්ෂක ඔබ මතයි තීරණය වන්නේ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *