සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.අගස්තිව මුණ ගැසනේනට පැමිණෙන වසන්ත ඔහුගේ ආ ගිය තොරතුරු ගැනත් මේ දිනවල වැඩකටයුතු කෙසේද කියාත් විස්තර විමසද්දී වැඩ නම් ගොඩක් තිබෙන බවත් නමුත් එසේ ඔහුට ආ වැඩ දෙක තුනක්ම ඔහු විසින් අත්හැර දැමුව බවත් ඔහුට ඒවා කරන්නට තරම් මුඩ් එකක් නැති බවත් කියද්දී එය ආස වසන්ත මඳ සිනවකින් යුතුව ඔහුට මුඩ් ගසා ඉන්නට තරම් තිබෙන ප්‍රශ්න මොනවද කියා අගස්තිගෙන් අසද්දි ඔහුත් අගස්ති ගැන සිතන්නේ ඓහෙමද කියාත් මිනිස්සුන්ට වාහන , වෙල් දොරවල් ගැන සල්ලි ගැන එන ප්‍රශ්න විසදගන්නට පුළුවන් කියාත් නමුත් යමක් කෙනෙකු මානසිකව හිරවෙනවා කියාන්නේ එය තමයි වෙන්න තියෙන ලොකුම දෙය බවත් දරාගන්නට බැරිම දේ බවත් කියා අගස්ති වසන්තට පැහැදිලි කර දෙනු ලබනවා. ඉන්පසු ඔහුගේ කතාව අසා සිටි වසන්ත ඔහු මේ කියන්නේ ඔහුගේ සහ වින්ඩිගේ වෙඩින් එක ගැනද කියා අගස්තිගෙන් විමසද්දී වෙඩින් එක ඔහුට කරන්නත් පුළුවන් නොකර ඉන්නත් පුළුවන් කියාත් ඔහු මේ කියන්නේ වෙනත් දෙයක් ගැන බවත් අගස්ති පවසනවා. ඉන්පසු ඔහු මේ කියන්නේ ඊෂා ගැනද කියාත් සමාධි කිසිදින ඔහුට ඊෂාව බාර ගන්න කියා ඔහුට බලපෑම් කර නැ නේද කියාත් සමාධි කියන්නේ ඔහු ඊෂාගේ තාත්තා බව පිළිගන්නට කියා පමණයි කියාත් වසන්ත පවසනවා.

අස්ති වින්ඩි සමින් දුරකථනයෙන් කතා කරමින් යන අතරතුරේ මහ මඟ සිටින සමාධිව අහම්බයෙන් දකින අගස්ති වාහනය නතර කරමින් ඇය ළඟට ගොස්, ඇය මෙහේ මොනවද කරන්නේ කියා විමසද්දී ඇය ඇගේ තාත්තාට බෙහෙත් වගයක් ගන්නට ළඟ ෆාමසි එහෙකට යන බවත් ගෙවල් පැත්තේ සෙව් බවත් ඒ කිසි තැනක එය නැති බවත් සමාධි කියද්දී  ඔහුට තුන්ඩුව දෙන්න කියාත් ඔහුගේ යාළුවකු සිටිනා බවත් ඔහුට කියා එය සොයා දෙන්නම් කියාත් අගස්ති පවසද්දී එසේ ඕනේ නැති බවත් ඇය එය මෙතැනින් ගන්නම් කියාත් පවසද්දී ඊෂා ගෙදරද කියා අගස්ති අසමින් ඊෂා යන එන තැන් ගැන ඇය බලනවා නේද කියා සමාධිගෙන් විමසනවා. ඒ වේලාවේ ඇය ඒ ගැන සොයා බලනා බවත් නමුත් ඊෂා දැන් පොඩි ළමයෙක් නොවන බවත් සමාධි කියමින් ඇයට වින්ඩිව ළඟදී මුණගැසුණ බව පවසනවා. ඉන්පසු ඇය පුළුවන් වුවහොත් ඊෂාටත් වෙඩින් එක කියන්නම් කියා බවත් කියද්දී අගස්ති සිනාසෙමින් වින්ඩි කොහොමත් එක එක හීන දකිනවානේ කියා පවසනවාත් සමඟම එය එසේ වෙන්නට එපැයි කියාත් වෙඩින් එකක් කියන්නේ ඕනෑම ගැහැණියකෙුගේ සිහිනයක් බවත් සමාධි පවසා සිටිනවා.ඒ වේලාවේ ඇය කියු දේ හිතට වැදුන අගස්ති එම ප්‍රශ්නය මඟ හරිමින් ඇයට වාහනයට නගින්න කියාත් ඔහු ඇයව මඟින් බස්සනම් කියාත් කියුවද සමාධි ඊට කැමති වුයේ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *