සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.මේ වේලාවේ දින ගෙවෙමින් සුභද්‍රාට සියළුදෙනාගෙන්ම සමුගෙන යාමට කාලය එළඹෙනවා. මේ අවස්ථාවේ පංශකුලයද දීමෙන් අනතුරුව සුභද්‍රාගේ දේහය රැගෙන පවුලේ උදිවයත් සමඟින් කන්තත්ට ගොස් සුභද්‍රාගේ අවසන් කටයුතු සිදු කරනු ලබනවා.ඉතිං ඒ අවස්ථාවේදීත් අම්මා නැති වීමේ දුක දරාගත නොහැකිව කුරුළු මහ හයියෙන් කෑගසමින් හඩා වැටෙද්දී අභිමනුත් ඇගේ හිතවතුනුත් ඇගේ දුක වේදනාව නිවන්නට උත්සහා කරනවා. ඉතිං ඒ අවස්ථාවේ කුරුළු සුභද්‍රාගෙ දේහය අළුවී යන හැටි බලා හිඳිමින් ඇයගේ මතකන් මතක් කරමින් සිටිනවා. ඔව අවස්ථාවේ චන්ද්‍රාදීත්‍යද ඒ අසළට පැමිණ ඈතින් සිට සුභද්‍රාගේ දේහය පිච්චෙනා සැටි බලා සිටිනවා. ඔහු එසේ ඈතින් කාටත් නොපෙනි සිටියේ ඔහු එනවාට කිසිසෙත්ම කුරුළුගේ කැමැත්තක් නොතිබුණු නිසයි. ඉන්පසු නිවසට පැමිණ කුරුළු පැත්තකට වී කල්පනා කරමින් සිටියදී ඇය ළඟට පැමිණ ඇයට දැන් හිත හදගමු කියාත් ඇය මෙසේ දිගින් දිගටම ඇඩුවා කියා තේරුමක් වෙන්නේ නැති බවත් කියමින් ඇගේ හිත හදන්න උත්සහා ගනිද්දි ඇය ඔහු කියනා සියළුදේ අසා හිඳිමින් ඔහු එතරම් දේවල් කීවද මෙතරම් ඉක්මනින් ඇය හිත හදාගන්නේ කෙසේද කියාත් ඒ ඇගේ අම්මා කියාත් කුරුළු පවසනවා.

සුභද්‍රාගෙ අවසන් කටයුතු සිදු කිරිමෙන් පසු නිවසට පැමිණෙන අභිමන් කල්පනා කරමින් සිටිනවා දකින ලොයිඩ් ඔහු ළඟට පැමිණ, දැන් කුරුළුගෙ තත්ත්වය කෙසේද කියාත් ඇය මොනවාද කියන්නේ කියාත් අභිමන්ගෙන් විමසද්දී එසේ මෙනවත් කියන්නේ නැති බවත් ඇය බලා ගත් අත බලාගෙන කල්පනා කරමින් ඉන්නා බවත් කියද්දී සුභද්‍රා කියන්නේ අම්මා කෙනෙකුගෙන් වෙන්න ඕන යුතුකම් උපරිමෙන් ඉෂ්ට කල ගැහැණියක් බවත් එමෙන්ම එපමණක් නොව තාත්තා කෙනෙකුගේ යුතුකම්ද ඇය විසින්ම කලා කියාත් ලොයිඩ් පවසනවා. ඉන්පස් එය ඇත්ත බවත් කුරුළුව ඒ සිටින තත්ත්වය ගෙන එන්නට සුභද්‍රා බොහෝ සේ කැපකිරීම් කල බවත් කුරුළු ස්ථාවරයකට පැමිණ මෙසේ ඇයට වුවා නම් සුභද්‍රාට සැනසිල්ලෙන් හරි මැරෙන්නට තිබුණු බවත් ඇය ගැන ඔහුට දුක බවත් වේදනාවෙන් අභිමන් ලොයිඩ් සමඟින් පවසා සිටිනවා.ඉතිං මේ අවස්ථාවේ ඔහු සහ කුරුළු අතරේ තිබුණු සම්බන්ධය ගැන ඔහු දැන් මොනවාද හිතන්නේ කියා අභිමන්ගෙන් විමසමින් ඔහු මේ වෙලාවේ කුරුළු සමඟින් සිටිය යුතුයි කියා ඔහුට සිතෙන බවත් පරණ සියළු දේ අමතක කර ඔහු කුරුළු සමඟින් තිබුණු සම්බන්ධය යළි පටන් ගතහොත් එය හොඳයි කියා ඔහුට සිතෙන බව කියද්දී අභිමන් මඳ වේලාවක් කල්පනා කර එහෙම දෙයක් නම් වෙන්නේ නැති බවත් ඔහු ඇය සමඟින් එසේ ඉන්නේ මනුස්සකමට යුතුකමක් විදියට පමණක් බවත් අභිමන් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *