සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.මේ වෙලාවේ මාලන් යළිත් ඔෆිස් එකට පැමණිමත් සමඟ ඒ පිළිබඳ කේන්තියෙන් සිටින අභිමන් ළඟට පැමිණෙන ලොයිඩ්, ඔහු තවදුරටත් මාලන්ගේ ප්‍රශ්නය ගැන කල්පනා කරන එක තේරුමක් නැති බවත් කියද්දී ඔහු මාලන්ව කිසිසෙත්ම පිළිගත්තේ නැති බවත් මාලන් එතැන බලෙන් ඇවිත් ඉන්නේ කියාත් ජනනාදටත් කිසිම ඔළුවක් නැනේ කියාත් අභිමන් පවසද්දී එසේ කතා කරන්නට එපා කියාත් ජනනාද තවමත් සිටින්නේ පුජාගේ ප්‍රශ්නයත් එක්ක කියාත් කියද්දී එය අසා තවත් කෝපයට පත්වුන අභිමන් පුජාගේ ප්‍රශ්නය කියා මෙහෙම වෙන්න දෙන්න බැරි බවත් මේ නිසා වෙන්නේ කම්පැනිය කඩගෙන වැටෙන එක බවත් අභිමන් කෑගසමින් පවසනවා.ඉන්පසු ලොයිඩ් ඔහුට කලබල වෙන්න එපා කියාත් ඔහු ගොස් ජනනාද සමගින් මේ ගැන කතා කරන්නම් කියාත් ලොයිඩ් පවසද්දී ඔහු ඒ දේවල් කරද්දී කම්පැනියට වෙන්න ඕන දේ වෙලා තිබෙයි කියාත් මාලන් තවමත් ජිවත් වන්නේ ඔහු මිනිමරුවකු වන්නට අකමැති නිසා බවත් පවසනවා.

මේ වේලාවේ සුභද්‍රාව රෝහලේදී බැලීමට ඉඩ නොදීමත් සමඟම කුරුළු රෙෂ්මා සමඟින් අකමැත්තෙන් වුවත් නිවසට පැමිණෙනවා. එසේ පැමිණ සුභද්‍රා ගැන කතා කරමින් හිඳ ඉන්පසු කුරුළු ෆෝෂ් එකක් දාගෙන ගොස් පහන තියන්නට සූදානම් වෙද්දී එකපාරටම මහ හයියෙන් වැස්සක් වහින්නට පටන් ගන්නවා. එ වේලවේදී ඇය පහන පත්තු කලද එය එකපාරටම නිවි යනවාත් සමඟම කුරුළුගේ හිතට අමුත්තක් දැනෙන්නට පටන් ගන්නවා. ඉතිං ඒ අවස්ථාව වන විට සුභද්‍රාගේ තත්ත්වය අයහපත් අතට හැරමිනුයි සිටියේ. ඇයට හුස්ම ගැනීමට පවා ඉතා අපහසුවෙන් ඉන්නවාත් සමඟම ඇයට සවි කර තිබු සියළු මැෂින්ද අක්‍රිය වී ඇය ඒ අවස්ථාවේ ජිවිතයෙන් සමු ගන්නවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *