සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.මේ වේලාවේ අභිමන් ජයවංශට කතා කරමින් ඔවුන් විසින් සිදු කළ යෝජනාව ප්‍රතික්ෂේප කරමින් ඔහුට හොඳටම බැන වැදීම නිසා ඒ පිළිබඳ කණගාටුවෙන් සිටින ජයවංශ ලොයිඩ්ට දුරකථන ඇමතුමක් ලබා දෙමින්, ඔහු ගෙනා යෝජනාවට ලොයිඩ් අකමැති වුයේ ඇයිද කියාත් අමායා ඔහුගේ පුතා වන අභිමන් ගැන ලොකු බලාපොරොත්තුවකින් සිටින බවත් එ නිසා ඊට කැමැත්ත ලබාදෙන ලෙස ඔහු ඉතා බෑගැපත්ව ඉල්ලා සිටිද්දී ඔහු කෙසේද ඊට කැමැත්ත ලබා දෙන්නේ කියාත් ඊට එසේ නම් අභිමන් කැමති වන්නට අවශ්‍ය බවත් ලොයිඩ් පවසද්දී අභිමන්ට එය තේරුම් කර දෙන්න කියාත් ඔහු කකුල් දෙක අල්ලා ඕන නම් වඳින්නම් කියාත් ජයවංශ පවසද්දී මඳ වේලාවක් නිහඩව සිටි ලොයිඩ් , ඔහුට ඊට පිළිතුරුක් ලබාදිය නොහැකි බවත් මෙය විවාහයක් බවත් ඔහු ඊට කැමති විය යුතුයි ඔහුට උත්තරයක් ලබා දෙන්න නම් බවත් ලොයිඩ් ජයවංශට තේරුම් කර දෙන්නට උත්සහා කරනවා. ඒ වේලාවේ ඔහු එය දන්නා බවත් නමුත් අභිමන් අමායා අකමැති වෙන්න හේතුව කුමක් ද කියා ලොයිඩ්ගෙන් විමසද්දී ඔහු ඒ ගැන දන්නේ නැති බවත් නමුත් මෙතැන කුමක් හෝ නොගැළපීමක් ඇති කියාත් කියද්දී ඔහු කියු දේ අසා කේන්ති ගිය ජයවංශ ඔහුත් මෙය අකමැති කියා ඔහුට හොඳින්ම තේරෙන බවත් ඔවුන් මෙසේ කරන්නේ ඇයිද කියාත් වේදනාවෙන් අසා සිටිනවා.

මේ වේලාවේ ජයවංශ ඔහුට ගෙනා යෝජනාව ගැන බෝහෝ වේලාවක් සිතමින් සිටි අභිමන් අමායාට යළි දුරකථන ඇමතුමක් කේන්තියෙන් ලබා ගනිමින් ඇගේ ඇඟට කඩා පනිමින් ඇයට කුමක්ද වෙලා තිබෙන්නේ කියා අසමින් ඇයට මානසික ලෙඩක් බව කියමින් ඇයට කෑගසද්දී කිසිවක් සිතා ගත නොහැකිව අභිමන් කියනා දේවල් දරා ගත නොහැකි වුන අමායා ඇස් වල කඳුළු පුරවා ගනිමින් ඇය අතින් ඔහුට කුමක් හෝ වරදක් වුවාද කියා අසද්දී අභිමන් තවත් මහ හයියෙන් කෑගසමින් ඇය වරදක් කල බවත් ඒ වරදම තවමත් කරන බවත් කියමින් ඔහු ඇයව අශ්‍රය කරේ යළුකමට බවත් ඇය එතැනින් එහාට දේවල් ගැන සිතන්නේ ඇයිද කියාත් ඔහු යළි කිසිම කෙනෙකුට ආදරය කරන්නේ නැති බව අමායා සමඟින් ඔහු කියා තිබෙන බවත් ඔහුට එසේ කටවත් ආදරය කරන්නට උවමනාවකුත් නැති බවත් ඒ කියු දේ ඇයටත් ආදාළ බවත් ඒ නිසා ඇය වගේම අය වටේ සිටින අනිත් අයටත් ඔහුගෙන් යළිත් ඒ පිළිබඳ අසන්නට එපා කියා කියන්න කියාත් කෑගසමින් පවසද්දී ඔහු කියනා දේවල් තවදුරටත් අසා සිටිමට නොහැකි වුන අමායා හඬමින් ඔහුගේ කතාව නවත්වන්න කියා කියද්දි ඔහුට තවත් කෙහොමත් කියන්නට දෙයක් නැති බව කියමින් අභිමන් දුරකථන කට් කර දමනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *