සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.අමායාගේ තාත්තා විසින් ලොයිඩ් වෙත ගෙන ආ යෝජනාව අසා කලබල වුන අභිමන් ඒ ගැන මඳ වේලාවක් කල්පනා කරමින් හිද ඉන්පසු අමායාට දුරකථන ඇමතුමක් ලබා දෙමින් , ඇය මොනවාද මේ කරන්නේ කියා අසමින් රැපියල්ව ඔවුන්ගේ නිවසට එව්වේ ඇයිද කියා අමායාගෙන් විමසද්දී අමායා බොරුවට කිසිවක් නොදන්නා ගානට ඇයි ඔහු කුමකටද ඇවිත් තිබෙන්නේ කියා සිනාසෙමින් මෙන් අභිමන්ගෙන් විමසද්දී ඇයට බොරුවට දන්නේ නැහැ වගේ රඟපාන්න එපා කියාත් ඔහ එසේ පැමිණ ඔහුගේ තාත්තා සමඟින් කියා තිබෙන්නේ මොනවාද කියාත් අභිමන් අසද්දී එයත් වැඩි ගානකට නොගන්නා අමායා, එක එච්චර ලොකු දෙයක් නොවන බව කියද්දී, ඇය මේ ගැන දැනුවත්ද කියා අභිමන් අසද්දී ඇය ඒ ගැන දැනුවත් බවත් ඇය තමයි ඒ ගැන ජයවංශට කිවේ කියාත් අමායා පවසමින් ඇය ඒ ගැන ඔහුට කියන්නට ගොඩක් දවස් උත්සහා කල බවත් නමුත් ඇයට අවස්ථාවෙක් නොලැබුන බවත් එමෙන්ම ඇයට එය කියන්නට ඕනේ කෙසේද කියාත් තේරුමක් තිබුනේ නැති බවත් අමායා පවසනවා. මේ වේලාවේ ඇය කියනා සියළුදේ ඉවසීමෙන් යුතුව අසා සිටි අභිමන් ඇයට පිස්සුද කියාත් ඇය මොනවාද කියවන්නේ කියාත් අසද්දී ඇය ඔහුට ආදරය කරනා බවත් ඇය මෙසේ කියන්නේ ඇගේ හිතේ තිබෙන ආදරය ගැන බවත් අමායා පැවසුවද අභිමන් ඒ කිසිවකට ප්‍රතිචාර දැක්වුයේ නැහැ.

ඉතිං අමායා සමඟින් කතා කිරිමෙන් පසු ඔහුගේ සිතේ එවැනි සිතුවිල්ලක් අමායා ගැන නොතිබු හෙයින් ජයවංශට ඒ වේලේම දුරකථන ඇමතුමක් ලබා ගන්නා අභිමන් එකපාරටම ඔහුගේ ඇඟට කඩා පනිමින් ඔවුන් එකතු වී මේ කරන්නට යන නාඩගම කුමක්ද කියාත් ඔවුන් ඇයිද ඔහුට අමායාව යෝජනා කලේ කියාත් අසද්දී ජයවංශ කිසිවක් කරකියා ගත නොහැකිව ඔහු එසේ කතා කරන්නේ ඇයිද කියාත් ඔවුන් දෙදෙනා හොඳ යහළුවන් නේ කියාත් ඔහු පවසද්දී එය අසා අභිමන් අමුතුවට සිනාසෙමින් ඔවුන් යළුවෝ කියා අමායාගේ ඔක්කෝම යළුවන්ව ඔහු ඇයට ප්‍රපොස් කරනවාද කියා අසමින් ඔහුට බැන වදිද්දී අමායාගේ හිතේ ඔහු ගැන කැමත්තක් තිබෙන බවත් එ නිසයි ඔහු එසේ කලේ කියාත් අභිමන්ට පවසද්දී අමායා එවැනි දේවල් ඔළුවේ තියාගෙන සිටියද ඔහු ඇයව අශ්‍රය කලේ යහළුවකු විදියට පමණක් බවත් එය ඉස්සරහටත් එසේ බවත් ඇයට මේ යළුකම තියා ගන්නට අවශ්‍ය නම් ඒ දේවල් ඔළුවෙන් අයික් කරගන්න කියා කියන්න කියාත් ඔහු විවාහය ගැන සිතා නැති බවත් එය අමායාත් හොඳින්ම දන්නා බවත් කියමින් අභිමන් දුරකථනය තියනවා.ඉතිං ඉන්පසු එතැනට පැමිණෙන වාසනාද ඒ ගැන අභිමන්ගෙන් විස්තර අසමින් ඇයද ඔහු අමායා සමඟින් විවාහ වෙනවාට කැමති නැති බව පවසනවා.

මේ වේලාවේ කුරුළුගේ නිවසට පැමිණෙන විරාජ්ගෙන් පුජාට සිදුවුයේ කුමක්ද කියා විස්තර රේෂ්මා විමසද්දී ඔවුන්ටත් ඒ ගැන තවම සිතාගන්නට බැරි බවත් ඔවුන් තවමත් ඒ ගැන සොයනා බවත් ඔහුට පහුගිය දිනවල ඔවුන්ගේ නිවසටද එන්නට බැරි වුනේ පුජාගේ ප්‍රශ්නය නිසා බවත් කියද්දී පිස්සු හැදුන කෙනෙකු මෙසේ තවත් කෙනෙකු සමඟින් පැනලා යන්නේ කෙසේද කියා කුරුළු ඔහුගේ විමසනවා. එය ඔවුන්ටත් ප්‍රශ්නයක් බවත් ඔවුන් දෙදෙනා එසේ පැන ගියාද නැතිනම් කවුරුන් හෝ කෙනෙකු විසින් ඔවුන්ව පන්නාගෙන ගියාද යන්න ඔවුන්ට සැකයක් තිබෙන බවත් කියද්දී පුජා මෙසේ පැන ගිය එක පොලිසියටවත් හොස්පිට්ල් එකේ අයටවත් ප්‍රශ්නයක් නෙමෙයිද කියා රේෂ්මා අසද්දී එ සියල්ලටම ඇය පැන ගිය එක ප්‍රශ්නයක් බවත් මන්ද ඔවුන් දෙදෙනා ගැනම තවම කිසිදු තොරතුරක් නැති බවත් ඔහු පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *