සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.මේ වේලාවේ ලොයිඩ්ට දුරකථන ඇමතුමක් ලබා ගන්නා විශාකා ඔහුට ඇයට කියන්න තිබෙනවා කිව්වේ මොනවාද කියා විමසද්දී ඔහුට කියන්නට තිබෙන්නේ අභිමන් ගැන යමක් බව කියද්දී විශාකා කලබල වෙමින් මොකද්ද ප්‍රශ්නය කියාත් ඔහුව ඇය මේ දැනුත් හමුවෙලා ආවේ කියාත් පවසද්දි එසේ අභිමන්ගේ ප්‍රශ්නයක් නොවන බවත් ඔහුට අමායාගේ තාත්තා කතා කර බවත් ඔහු අමායාට අභිමන්ව යෝජනා කල බව කියද්දී විශාකා පුදුම වෙමින් මෙන් කල්පනා කරද්දී ඔහු ජයවංශට ඒ ගැන ඔවුන් අභිමන්ගෙන් අසා දැනගෙන කියන්නම් කියු බවත් මන්ද අභිමන්ගේ ජිවිතේ ගැන තීරණයක් ඔවුන්ට එසේ එකපාරින් ගැනීමට හැකියාවක් නැති බවත් ලොයිඩ් පවසද්දී අභිමන්ගෙන් පමණක් නොව ඒ ගැන අමායාගෙන්ද ඇසිය යුතු බව විශාකා පවසද්දී අමායා තමයි මේ ගැන ඔවුන්ගෙන් අසා දැනගන්න කියා ජයවංශට කියා තිබෙන්නේ කියාත් ඇය මේ ගැන මොනවාද හිතන්නේ කියාත් ලොයිඩ් විමසද්දී ඇයටත් ඒ ගැන සිතා ගන්නට බැරි බවත් මන්ද ඔවුන් දෙදෙනාම සැලසුම් කරලාම මේ ගැන ඔවුන්ගෙන් මෙසේ ඇසුවාද දන්නේ නැහැ කියා විශාකා කියමින් ඔහු මේ ගැන අභිමන්ගෙන් ඇසුවාද කියා ලොයිඩ්ගෙන් විමසනවා. ඒ අවස්ථාවේ තවම ඔහු ඒ ගැන ඇසුවේ නැති බව ලොයිඩ් පවසා සිටිනවා.

මේ වේලාවේ විරාජ්ට දුරකථන ඇමතුමක් ලබා ගන්නා චන්ද්‍රදීත්‍ය,මොකද්ද මෙකේ තේරුම කියාත් ඔවුන්ට තවමත් පුජා සහ සන්ද්‍යා ගැන කිසිදු තොරතුරුක් සොයාගන්නට හැකි වුයේ නැති බවත් කියමින් ඔශු වරදක් නොකර ගානට පොලිසියට එසේ චෝදනා කරද්දී ඔහු කෙසේ හෝ මේ ප්‍රශ්නය විසඳනා බව කියද්දී කෙසේද ඔවුන් එය විසඳන්නේ කියාත් ඔවුන් ඔහුගේ නිවසත් පැමිණ සෝදිසි කල බවත් ඔවුන් තවත් කොහේද එසේ සොයන්නේ කියාත් චන්ද්‍රදීත්‍ය කියමින් ඔහුට ඕනේ ඔහුගේ බිරිඳ සහ දරුවා බවත් ඔවුන් දෙදෙනා නැති වුයේ ඔවුන්ගේ අත්අඩංගුවේ සිටිනා විටදී බවත් එහෙයින් මෙයට සම්පුර්ණ වගකිවයත්තේ ඔවුන් බවත් ඔහු යළි යළිත් කියමින් ඔහු ඔහුගේ බිරිද සහ දරුවා බලන්නට පැමිණි නිසා ඔවුන් එකතුවෙලා ඒ දෙදෙනාව සැඟවුවස කියා ඔහු කිසිවක් නොදන්නා ගානට විමසද්දී එය අසා සිනාසෙමින් එසේ කරන්නට කරම් ඔවුන් වගකිමක් නැති පුද්ගලයන් නොවන බවත් ඔවුන් කෙසේ හෝ මේ ප්‍රශ්නය විසඳනා බවත් කියද්දී ඔහුට මෙය කරන්න බැරි නම් කියන්න කියාත් ඔහුට ඔහුගේ කට්ටිය දමා මෙය විසදා ගන්නට පුළුවන් බවත් චන්ද්‍රදීත්‍ය පවසනවා.

මේ වෙලාවේ අමායා ළඟට පැමිණෙන ඇගේ අම්මා,ජයවංශ කියන කතාව ඇත්තක්ද කියා අසමින් ඇගේ සහ අභිමන් අතරේ සම්බන්ධයක් තිබෙනවාද කියා අසද්දී, තාත්තා කියු දේ ඇත්ත බවත් නමුත් අභිමන් ඒ ගැන ඇගෙන් අසා නැති නමුත් ඇගේ හිතේ අභිමන් ගැන කැමැත්තක් තිබෙන බව පවසද්දී අමායාගේ අම්මා සිනාසෙමින් ඇයට ඒ ගැන සිතුන බවත් මන්ද හැම වේලාවේම අභිමන් ගැනම කියද්දි කියා ඇය පවසද්දී අභිමන්ව මැරි කරනවාට ඇය කැමති නැතිද කියා අමායා ඇගෙන් විමසනවා.ඉන්පසු ඇයගේ අකමැත්තක් නැති බවත් නමුත් ඇයට ඊට එකපාරින්ම උත්තරයක් දීමට නොහැකි බවත් අභිමන් නරක කෙනෙකු නොවන බවත් නමුත් ඔහුට වඩා හොද කෙනෙකු ඇයට හොයා ගන්නට පුළුවන් බවත් ඇය පවසද්දී ඇයට නම් සිතෙන්නේ ඇගේ ජිවිතේ ගෙනියන්න පුළුවන් හොදම කෙනා අභිමන් බව අමායා පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *