සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.මේ වේලාවේ අලී සහ උඳුල් එළියට පැමිණ ඉදිරි වැඩකටයතු පිළිබඳ ජෙනි සමඟින් කතා කරමින් සිටිද්දි අලී එකපාරට ඔහුගේ දුරකථනයෙන් ඊෂාගේ පෙම්වතා බව කියා සමාජ මාධ්‍යට විඩියෝවක් නිකුත් කල පුද්ගලයා යළිත් ඔහු විසින් සමාජ මාධ්‍යට නිකුත් කළ විඩියෝව බොරු බව කියමින් ඔහුගේ අතින් ලොකු වරදක් වු බවත් ඔහුට එය හදා ගන්නට අවශ්‍ය බවත් කියමින් ඔහු එසේ කියු සියළු දේ බොරු බවත් ඔහු ඊෂාව කිසිදින හමුවීවත් නැති බවත් ඔහුට එසේ සිදු කරන්න කියා යම් කිසි පුද්ගලයකු විසින් බලපෑමක් කල බවත් ඔහුට මුදල්ද එ සඳහා ගෙවු බවත් ඔහු එම විඩියෝවේ පවසනවා. ඉන්පසු විඩියෝව අවසානයේ ඔහු අත් දෙක අල්ලා සමාව ගනිමින් ඔහුට සමාව දෙන ලෙස ඊෂාගෙන් ඉල්ලා සිටිනවා. ඉතිං එය බලා අවසන් වනවාත් සමඟම එදිනම මෙසේ විඩියෝවක් එළියට ආවේ කෙසේද කියා උදුල් අලිගෙන් අසද්දී ඔහුටත් එය හිතා ගන්නට නම් බැරි බවත් නමුත් කෙසේ හෝ මෙසේ එය එළියට ආ එක හොද බවත් අලි පවසනවා. ඉන්පසු එම විඩියෝව ඉක්මනටම ඊෂාට යවන්න කියාත් එසේ වුවහොත් ඇගේ හිත පොඩ්ඩක් හෝ හැදෙයි කියාත් උදුල් පවසනවාත් සමඟම අලි එම විඩියෝව ඊෂාට යවනු ලබනවා.

මේ වේලාවේ ඊෂාගේ කොල්ලා බව කියා සමාඩ මාධ්‍යට නිකුත් කළ විඩියෝව දැමු පුද්ගලයා වරද පිළිගන්නා විඩියෝව දකිනා ඊෂාත්, රෙහානාත් සමාධි සමඟින් එ පිළිබඳ කතා කරමින් සිටිද්දී එ කොල්ලා සියළු දේ කියු බවත් නමුත් එම විඩියෝව තුළින් මෙය කලේ කවුරුන්ද යන්න ගැන කියුවේ නැති බවත් සමාධි පවසද්දී එක නම් ඇත්ත බවත් එකත් කිවා නම් ඒ කොල්ලා ඉවරටම ඉවර බවත් රෙහානා කියද්දී ඒ කෙසේ වුවත් ඇගේ හිතට දැන් වෙද්දී පොඩි හරි සහනයක් දැනෙනා බවත් සමාධි කියද්දී ඇයට නම් අවශ්‍ය මේ සියළු දේ ඉන්නේ කවුරුන්ද කියා දැනගන්නට බව ඊෂා කියද්දී එක ගන පස්සේ සොයා ගමු කියාත් දැන් වෙද්දී මිනිස්සු එම විඩියෝව බොරු එකක් කියා දැනගත්තානේ කියාත් රෙහානා පවසනවා. ඉන්පසු ඇයට එස්එම්එස් අවශ්‍ය නැති බවත් නමුත් මේ විඩියෝව බොරුවක් කියා මිනිස්සු දැනගතහොත් ඇයට ඇති බවත් ඊෂා පවසනවා. ඉනපසු සමාධි ඊෂාගේ හිත හදමින් බොරුව වැඩි කල් තිබෙන්නේ නැති බවත් ඇත්ත ඉක්මනින්ම එළියට එන බවත් ඔහුට මොනවා හිතිලා මෙසේ විඩියෝවක් කර දැම්මාද දන්නේ නැහැ කියාත් සමාධි පවසමින් ඒ කොහොම වුනත් දැන් සියළු දේ අමතක කර ඇය ඇගේ ගීතය හොඳින්ම එදින කිසිවක් ගැන නොහිතා ගායනා කල යුතු බව සමාධි පවසා සිටිනවා.

මේ වේලාවේ සමාජ මාධ්‍යට ඊෂා ගැන කියු සියළු දේ බොරු කියා යළිත් විඩියෝවක් කර එම පුද්ගලයා විසින් පළ කිරීමෙන් පසු එය දැක ඔහුට ඔහු ගැනම ලැජ්ජාවක් ඇති වුන විශාල් ඊෂාව හමවුන්නට පැමිණි, ඇයගෙන් සමාව ඉල්ලා සිටිනවා. ඒ වේලාවේ එසේ ඔහු සමාව ඉල්ලන්නේ ඇයිද කියා ඊෂා අසද්දී ඔහු අර කොල්ලාගේ විඩියෝව දැක ඇයට විවිධ දේ කියු බවත් ඒ ගැන ඔහුට දුක බවත් කියද්දී එයට කමක් නැති බවත් දැන් ඒ ප්‍රශ්නය ඉවර බවත් ඊෂා සිනාසෙමින් පවසද්දී කෙසේ හෝ අවසානයේ ඇත්ත එළියට ආ එක ගැන ඔහුට සතුටු බව කියද්දී ඒ වුනත් මෙසේ විඩියෝ දමා ඇයගෙන් පලිගන්නට හදන්නේ කවුද කියා ඇයට හිතා ගන්නට බැරි බව කියද්දී එ සියළු දේත් මේ වගේම ඉක්මනින්ම එළි වෙයි කියාත් එ නිසා ඒ සියළු දේ අමතක කර ඇයට ඇගේ ගීතය හොඳින්ම ගායනා කරන්න කියා විශාල් ඇගේ ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *