සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.මේ වේලාවේ ඊෂා රේහානා සමඟින් රෑ පාරේ රයසින් ස්ටාර්ස් තරඟාවලිය ගැන කතා කරමින් යන අතරේදී එ අසළ තිබු වානහයක් ඔවුන් එන මඟ ඈත සිට බලා සිටිමින් ඔවුන් එ අසළට ලං වනවාත් සමඟම වේගයෙන් පැමිණෙන එම මෝටර් රථය ඊෂාව ඉලක්ක කරගනිමන් ඇයව අනතුරට ලක් කරන්නට උත්සහා කලද , රේහානා එය දැක ඊෂාව අහකට තල්ලු කරමින් ඇයද එතැනින් ක්ෂණිකයෙන් ඈත් වනවා. ඉන්පසු බිම වැටී සිටි ඊෂාව නැගිටුවන රේහානා සහ ඊෂා එම වාහනය දෙස බය වී මඳ වේලාවක් බලා සිටිමින් මෙය නිකන්ම සිදුවන්නට තිබුනු අනතුරක් නොවන බවත් මෙය කවුරුන් හෝ කෙනෙකු විසින්ම ඔවුන්ව එසේ අනතුරකට ලක් කරන්නට හැදු බවත් පවසද්දී එසේ ඔවුන්ව හප්පන්නට ඕනෑ කාටද කියා ඊෂා රේහානාගෙන් විමසද්දී හෙට ඔවුන් ගීත ගායනා කරන්නට සිටින බැවින් එය නැවැත්වීම සඳහා මෙසේ කවුරුන් හෝ කෙනෙකු විසින් මෙය කර තිබෙන බවත් එම වානහයේ සිටි කෙනාව ඔවුන්ට අල්ලා ගැනීමට බැරිවුනානේ කියාත් කියමින් ඔවුන් මෙතැනින් දැන් යමු කියා ඊෂාව රැගෙන රේහානා එතැනින් යන්නට යනවා.

මේ වෙලාවේ කාව්‍යා ෆෝෂ් රූම් එකට වී ඇගේ හැඩ බලමින් සෙල්ෆි ගසමින් සිටියදී එතැනට අහම්බයෙන් මෙන් ඊෂා සමඟින් පැමිණෙන රෙහානා කාව්‍යාව දැක ඇය දෙස හොරෙන් බලමින් ඇය විවිධ දේවල් ඇයට ඇසෙන්නට කියද්දී ඇගේ කතාව අසා සිටි කාව්‍යාට කේන්ති ගොස් ඇයට හැම දේටම පැන පැන කතා කරන්නට එපා කියා පවසද්දී ඇය දෙස බලන රෙහානා ඇය පැනලා දෙන්නේ ඇගේ කනට බව කියා අත උස්සද්දී ඊෂා රෙහානාව අමාරුවෙන් නවත්වා ගන්නවා. ඉන්පසු ඇය රෙහානාට මුකුත් කිවේ නැති බවත් එ නිසා නිකන් පැන පැන අනංමනං කියාගෙන එන්නට එපා කියා කාව්‍යා මහ හඩින් කියමින් අවසාන දවසේත් නිකන් යළුවාට කඩේ යන්නට හදන්න එපා කියාත් ඇයට ෆයිනල් යන්නට බැරි පම් අඩුම තරමින් සෙමි ෆයිනල් එක ගැනවත් හිතන්න කියා ඇය පවසමින් ඔවුන්ට ඉරිසියා කරන්න එපා කියා කව්‍යා යන්නට හදනවාත් සමඟම කව්‍යාව ඇඳ අල්ලා ගන්නා රෙහානා, හැම අවස්තාවේම මිනිස්සුන්ගේ හිත් අවුල් වන විදියට කතා නොකර ඉන්න බැරිද කියා අසද්දී ඇය එසේ කතා කරොත් මෙනවා කරන්නද කියා අසනවාත් සමඟම රෙහානා හයියෙන් ඇගෙ බෙල්ල තද කරමින් පුළුවන් දෙයක් කර පෙන්වන්න කියා ඇය සමඟින් යළිත් රණ්ඩු වෙන්නට පටන් ගන්නවා.

විශාල්ව මඟදී හමුවන අගස්ති ඔහුව දැක කතා කරමින්, ඔහුට කොහොමද කියා අසමින් ඊෂාට මෙතරම් අවුලක් වෙලා තිබියදී ඔහුට මෙසේ ඉන්නට පුළුවන්ද කියා අගස්ති අසද්දී කිසිවක් සිතා ගත නොහැකි වුන විශාල් ඊෂාට කුමක්ද වෙලා තිබෙන්නේ කියා අගස්තිගෙන් විමසනවා. ඉන්පසු ඇයට සිදු වී ඇති දේ ඔහුට වඩා විශාල් හොඳින් දන්නවා ඇති නේද කියා අසමින් කොල්ලෙක් විඩියෝවක් සමාජ මාධ්‍යට දමා ඊෂාගේ එස්එම්එස් කඩනවා ඔහු දැක්කේ නැතිද කියා අගස්ති අසද්දී ඔහු එක දන්නා බවත් නමුත් එය කරේ කවුද මොකක් නිසාද කරේ කියා ඔහු දන්නේ නැති බව පවසද්දී ඒ ගැන විශාල් ඇරෙන්නට අනිත් සියළු දෙනා දන්නවා ඇති කියාත් සමහර දෙවල් එළියට ආවොත් ගොඩක් අයට ප්‍රශ්න ඇති වෙන්නට තිබෙන බවටත් එ නිසා කරන දෙයක් පරිස්සමින් කරන්න කියාත් එය ඔහුටත් ඔහුගේ මැනේජර්ටත් හොඳයි කියාත් අගස්ති විශාල්ට තර්ජනය කරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *