සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.අක්ෂාගේ අසනීප තත්ත්වය ගැන ඕනෑවටත් වඩා සිතමින් සිය ජිවිතය විනාශ කර ගන්නට උත්සහා කරන අනුහස් බීමත්ව යළි වතාවක් හෝටලයකට වී තනිව සිටිද්දී ඔහුව සොයා පැමිණෙන දෙව්මි, ඔහු සිටින්නේ බීමතින් බව නොදැන අනුහස් සමඟින් කතා කරමින් අවන්ත එතැනට පැමිණියේ නැතිද කියා ඔහුගෙන් විමසද්දී අනුහස්ට එ පිළිබඳ සිහියක් නොතිබු හෙයින් ඔහු දෙව්මි දෙස අමුතුවට බලමින් අවන්ත එදින එතැනට එනවා කියුවාද කියා දෙව්මිගෙන් විමසද්දී ඇයත් එය අසා පුදුම වී ඇය ඔහුට කීවා අමතකද කියා අනුහස්ගෙන් අසනවා.ඉතිං ඔය විදියට ඔවුන් දෙදෙනා කතා කරමින් සිටිද්දී දෙව්මිට තේරුම් යනවා අනුහස් සිටින්නේ හොඳ සිහියෙන් නොවන බව ඉතිං ඒ අතරතුරේම එතැනට පැමිණෙන අවන්ත අනුහස් එදිනත් බීලාද කියා දෙව්මිගෙන් විමසද්දි ඔහු එදින පාටියකට යන්නට ඉන්නේ කියාත් ඔහු දැන් අක්ෂාව ගෙදරට ගොස් රැගෙන ඉන්පසු දිගන්චියාගේ පාටියකට යන බව පවසනවාත් සමඟම දෙව්මිත් අවන්තත් එකපාරටම මුහුණට මුහුණ බලා ගන්නවා. ඉන්පසු අවන්ත අනුහස්ට ඔවුන් පුදුම වු හේතුව ගැන නොපවසමින් එය මඟ හරිමින් එම පාටිය කල් ගිය බව පවසනවා. ඒ වේලාවේ අනුහස්ගේ සිහිය හොඳටම අඩු බව තේරුණ දෙව්මිට ඔහු පිලිබඳ දුකක් දැනී ඇය හඬන්නට පටන් ගන්නවා.

මේ වේලාවේ යළිත් මිලාන්වත් රැගෙන හෝටලයකට යන අනුහස්, ඔහු මෙසේ අනුහස් සමඟින් එළියට යන බව අක්ෂාට කිවේ නැහැ නේද කියා මිලාන්ගෙන් විමස්දදී ඔහු කිවේ නැති බවත් නමුත් මහා රැ වන තුරු මෙතැන සිටිමට නොහැකි බවත් ඔහුට මේ දිනවල බැනුම් වැඩි බවත් ඔහු හැමතැනම මෙසේ අක්ෂාට නොකියා යනවා කියා පැමිණිලි වැඩි කියාත් මිලාන් පවසනවා. ඉන්පසු අක්ෂාට පිරිමින්ගේ හිත මොනවාගේද කියාත් ඔවුන්ගේ ප්‍රශ්න මොනවාද කියාත් තේරෙන්නේ නැති බවත් කියද්දී එක හරි බවත් නමුත් හැමෝටම ප්‍රශ්න තිබෙන බවත් එසේ වුවා කියා මෙහෙම බීලා ජිවිතේ නාස්ති කරගෙන වැඩක් නැති බවත් ඔහුගේ ඕනෑම ප්‍රශ්නයකට එ කාලේ වගේම දැනුත් ඔහු සමඟින් ඉන්නා බවත් මිලාන් කියමින් ඔහුගේ හිත දහනන්ට උත්සහා කරනවා. එත් සමඟම මේ වෙද්දී අක්ෂාගේ ප්‍රශ්නයට විසදුමක් තිබෙන බවත් මිලාන් කියද්දී එසේ විසදුමක් තිබෙනවා නම් ඩෝක්ටර්ස්ලා මේක ඇඳ ඇඳ දින නොදී වැඩේ නොකරන්නේ ඇයිද කියාත් එසේ කරා නම් ඔහු මෙලෙස ඒ ගැන සිතන්නේ නැති බවත් අනුහස් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *