සතියේ දින වල රාත්‍රි 8.30ට ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන පාරදිගේ ටෙලි නාට්‍ය මේ දින වල කාගේත් අතර ජනප්‍රිය ටෙලිනාට්‍යකි.රෙහාන් හා සරණි හෝටලයට වී රාත්‍රි ආහාර ගනිමින් සිටිනවා.ඉන්පසු රුවිනි ඔවුන් හට ඇමතුමක් ගන්නවා.විස්තර විමසන රුවිනි සරනි හට දුරකථනය දෙන ලෙස රෙහාන් හට පවසනවා.දුරකතනය ගන්නා සරනිගෙන් රුවිනි අගුලාන ගැන විස්තර විමසනවා.දුරකථනය විසන්ධි වු පසු රුවිනි ඒ දේවල් අසන්නේ ඇයි දැයි විමසා රුවනි හට සරනි සමඟ බනිනවා.මේ අතර රාත්‍රියේදි අධිකාරි හට ඇමතුමක් ගන්නා රුක්ෂානා රෙහාන් දවස් දෙකක් ගේ ඇතුලේ හිර කර තිබු බව පවසනවා.එසේ කරන්නේ ඇයි දැයි අසන අධිකාරි හට රෙහාන්ගේ කසාදය නැවැත්වීමට පැමිණේවියැයි බියට එසේ කල බව පවසනවා.මේ ගැන තමා සොයා බලන බව අධිකාරි පවසනවා.

භානුක හට ඇමතුමක් ගන්නා ආණ්‍යා රුක්ෂානා කියු දේ පවසනවා.ඉන්පසු එය බණ්ඩා හා බානුක දෙදෙනාම අසා සිටිනවා.පසුදින උදෑසන සරනි අවදි වී රෙහාන් හට කෝපි සාදා දෙනවා.මේ අතර සිකුරා අසලට ඔහු සමඟ ආ කෙල්ල පැමිණෙනව.ඇය සිකුරාටද කෑම ගෙනා බව පවසනවා.ඉන්පසු තමාට නැවතීමට තැනක් හමු වූ බවත් සිකුරාටද ගෙදර යන ලෙස පවසනවා.රුක්ෂානා පැවසු දේ අධිකාරි ආයතනයට ගොස් පවසනවා.රුක්ෂානා පොලිසිය හට තමාට සිදුව ඇති දෙ පවසනවා.පොලිසිය ඔවුන්ගේ නිවසින් ගිය පසු මාටියා හා මිතුරෙකු පැමිණෙනවා.පොලිසියටසියලු දේ පැවසු බව ඔහු පවසනවා.මාටියා රුක්ෂානා සමඟ කතා කරමින් සිටින විට අධිකාරි ඇමතුමක් ගන්නවා.ඔහු සමඟ තමාට ඇසෙන්නට කතා කරන ලෙස මාටියා ඇයට පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *