සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.හදිසියේම අභිමන්ට දුරකථන ඇමතුමක් ලබා දෙන ජනනාද, හඩමින් පුජාට ඔහුව අඳුර ගන්නට බැරි බවත් පුජාගේ මතකයේ තිබෙන්නේ අභිමන් පමණක් බවත් ජනනාද පවසනවා. ඉන්පසු ඔහුට අභිමන්ගෙන් ලොකු උදව්වක් අවශ්‍ය බව කියද්දී ඕනම දෙයක් කියන්න කියාත් ඔහු වෙනුවෙන් ඔහුට පුළුවන් ඕනෑම උදව්වක් කරන්නම් කියාත් අභිමන් පවසා සිටිනවා.ඉන්පසු ඔහුට පුජාව බලන්න යන ලෙසත් එසේ ගොස් ජනනාද කියන්නේ ඇගේ තාත්තා කියාත් ඇයට තේරුම් කර දෙන ලෙස ජනනාද ඉල්ලා සිටිද්දී ඔහු එය කරන්නම් කියා අභිමන් පවසද්දී පුජා බලා සිටින්නේ අභිමන් එන තෙක් කියාත් කවුරු අමතක වුවද ඇයට ඔහුව අමතක වෙන්නේ නැති බවත් ජනනාද පවසා සිටිනවා. ඉන්පසු අභිමන් ජනනාදගෙන් ඔහු ඉන්නේ කොහේද කියා විමසමින් ඔහුට පරිස්සමින් දැන් නිවසට යන ලෙසත් ඔහු එදිනම වේලාවක් හදාගෙන පුජාව බලන්නට යන්නම් කියාත් අභිමන් පවසා සිටිනවා.

මේ වේලාවේ අභිමන්ගෙන් අවසාන තීරණය කුමක්ද කියා දැනගැනීමට අභිමන්ව හමුවන්නට වේලාවෙක් ඉල්ලා ගැනීම සඳහා ඔහුට කතා කරන කුරුළු, ඔහු කාර්යබුහුලද කියා අසමින් ඇයට ඔහුව හමුවන්නට පුළුවන්ද කියා කුරුළු අසනවා.ඒ වේලාවේ ඒ ඇයිද කියාත් කුමක් හෝ හදිසියක්ද කියාත් අභිමන් අසද්දී ඒ ගැන හමුවෙලාම කතා කරමු කියා කුරුළු පවසද්දී එසේ නම් කවදාටද කියා අභිමන් අසනවා. ඒ අවස්ථාවේ අද හවස කියා කුරුළු පවසද්දී එදින හවස ඔහු වැඩක් දා ගත් බවත් ඔහු එය කන්ෆඍ්ම් කර ඉවර බවත් ඒ නිසා වෙනස් කිරීමට නොහැකි බවත් අභිමන් පවසනවා.මෙලෙස අභිමන් කුරුළුට වැඩක් දා ගත් බවට බොරුවක් කියන්නේ අභිමන් අමායාට ෆිල්ම් එකක් බලන්න යන්නට පොරොන්දු වු නිසයි.ඉන්පසු අභිමන් කුරුළුගේ දැඩි ඉල්ලීම් හමුවේ හෙට දිනයේ හමුවෙමු කියා පවසද්දී කුරුළු ඊට කැමති වනවා.ඉන්පසු ඒ ගැන අවුලක් හිතන්නට එපා කියාත් හෙට දිනයේ මීට් වෙමු කියාත් අභිමන් පවසා සිටිනවා.

අමායා මහ රැ වනතුරුත් නිවසට නොපැමිණිම හේතුවෙන් ඒ ගැන කෝපයට පත්ව සිටිනා අමායාගේ තාත්තා මඟ බලමින් අමායාගේ අම්මා සමඟින් අමායාට බනිමින් සිටිනවාත් සමඟම අමායා නිවසට පැමිණෙනවා. ඉන්පසු ඇයට නිවස ඇතුළට ඇතුළු වන්නටවත් නොදී ඇය ගැහැණු ළමයෙකු නේද කියා විමසමින් මහ රැ ජමේ කොහේද ගියේ කියා කෑගසමින් ඇගේ තාත්තා අසද්දී ඇය අභිමන් සමඟින් ෆිල්ම් එකක් බලන්නට ගිය බවත් ඉන්පසු රැ කෑම කන්න ගිය බවත් ඉන්පසු ඒ අතරතුරේදීම වාහනයේ පැච් එකක් ගිය බවත් අමායා කේන්තියෙන් ඇගේ අත් වල තිබු මචන්ද පෙන්වමින් ඇය ඇගේ සීමාව දන්නා බවත් ඇය වැරදි ගමනක් ගියෙ නැති බවත් අමායා කියමින් එතැනින් යන්නට යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *