සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.මේ වේලාවේ විශාල්ගේ අම්මා ඇයට බැන වැදුන නිසා ඒ ගැන කණගාටුවෙන් දුකින් සිටින ඊෂාගෙ වෙනස දැනුන උඳුල් ඒ ගැන ඊෂාගෙන් විමසමින් ඔහු ඇයව හමුවෙලා කතා කරන්න සිටි බවත් මෙය අසා ඇයට කලබල වෙන්නට එපා කියාත් ඔවුනුත් ඒ පිළිබඳ හරිහැටි නොදන්නා බවත් කියමින් විශාල්ව ගෙදරින් විවාහ කර දෙන්නට යන බව ඔවුන්ට ආරංචි වු බවත් ඒ කතාව ඇත්තක් ද කියාත් උඳුල් ඊෂාගෙන් විමසද්දී එය අසා දරාගත නොහැකි වු ඊෂා විශාල් ඇයට එලෙස කරේ ඇයිද කියා උඳුල්ගෙන් විමසමින් ළඟදී විශාල්ගේ අම්මා ඇයව හමු වී හොදටම බැනපු බවත් විශාල්ගෙන් ඈත් වී සිටින්න කියා පැවසු බවත් ඊෂා හඬමින් ඔවුන් සමගින් සියළු දේ පවසා සිටිනවා. ඉන්පසු අලි, විශාල්ට ඇයට එවැනි අසාධාරණයක් කරනන්ට දෙන්නේ නැති බවත් එසේ කලහොත් විශාල්ව මරණ බවත් ඔහු පවසනවා. ඒ වේලාවේ ඇයට තව කිසිවක් දැනගන්නට අවශ්‍ය නැති බවත් විශාල්ට මේ ගැන ඇයට කලින්ම කියන්නට තිබුණු බවත් ඊෂා කියමින් උඳුල්ට සහ අලිට ඇගේ ප්‍රශ්න වලට පැටලෙන්නට එපා කියා ඇය ඉල්ලා සිටිනවා.

මේ වේලාවේ දිගින් දිගටම ඊෂාට ඇමතුම් ලබා ගන්නා විශාල් ඇය සමඟින් ඔහුට කතා කරන්නට අවශ්‍ය බව කියමින් දුරකථනය තියන්නට එපා කියා ඉල්ලා සිටිනවා. ඒ අවස්ථාවේ ඔවුන්ට තවත් කතා කරන්නට කිසිවක් ඉතුරු වී නැති බවත් ඇයට පඩුවේඉන්නට දෙන්න කියාත් ඊෂා ඉල්ලා සිටිද්දී ඔහුව මෙතරම් ඇය රිද්දවන්නට තරම් ඔහු කල වරද කුමක් ද කියා කියන්න කියාත් පවසද්දී ඔහුගේ වරදක් නැති බව ඇත්ත බවත් නමුත් ඔහුට සහ ඇයට කිසිදින එකතු වෙන්නට වෙන්නේ නැති බවත් ඊෂා පවසමින් මෙලෙස දිගටම ඔවුන් ආදරය කලහොත් දෙන්නගේම හිත් රිදෙන එක පමණයි වෙන්නේ කියාත් ඊෂා ඔහුට පැහැදිලි කර දෙමින් ඔහුගේ දෙමාවුපියන් ඇයට කිසිදින කැමැති වෙන්නේ නැති බව විශාල්ට තේරුම් කර දෙන්න උත්සහා කලද විශාල් ඒ කිසිවක් නොඅසමින් ඔහුට ඇයව අත්හැරීට නොහැකි බව දිගින් දිගටම ඊෂාට පවසනවා.

තරුපතිව මුණැගසෙන්නට යන නිලු, අගස්තිව ඔහුට මුණගැසුණු අවස්ථාවේ ඔහු මොනවාද කිවේ කියා විමසනවා. ඒ අවස්ථාවේ තරුපති සිනාසෙමින් ඊෂාව සහ සමාධිව ඔහුට බලා ගන්න කියා කියු බව පවසමින් ඔහු එය කිවේ ඇනුම්පදයක් විදියට බවත් නමුත් ඔහු වෙනදාට වඩා වෙනස් බවත් ඒ කෙසේ වුවද අගස්ති ඇත්ත පළිගන්නට කැමති නැති බවත් පවසද්දී එය ඇත්ත බවත් වෙනදාට වඩා නම් අගස්තිගෙ වෙනසක් තිබෙන බවත් ඔහු හොඳටම දැන් හිරවෙලා ඉන්නේ කියාත් නිලු පවසමින් අගස්ති ඇයට හමු වු අවස්ථාවේ ඇය ගැන වින්ඩි සොයන බව කියු බවත් එ හරහා ඊෂා ගැන වින්ඩි දැනගනියි කියා අගස්ති බයෙන් සිටින බවත් නිලු පවසද්දී එක තමයි අගස්ති හිරවෙලා තියන තැන කියාත් ඇත්ත පිළිගතහොත් ඔහුට සියළු දේ නැති වෙයි කියා ඔහු බයෙන් සිටින බවත් තරුපති පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *