සතියේ දින පහේම රාත්‍රි 8.30ට හිරු නාලිකාවේ විකාශය වන රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.කැතරින්ගේ හිත හැදීමට පැමිණෙන බාබු හා ශිවා හට තමා බැලීමට එන මනමාලයා හට ඇය කැමති වන බව පවසනවා.මේ අතර වීරවර්ණ මෙරිල් ඇමතිතුමා හට ඇමතුමක් ගෙන කාලය ඉවර වී ගෙන යන බවත් මෙරිල් ඇමතිතුමාගේ සිදු වන්නේ කුමක්දැයි කියා වීරවර්ණ විමසනවා.ඉන්පසු අද රාත්‍රියේදි සැම්සන් හමුවන බවත් ඔහුව කැමති කරවා ගැනීමට ඔහුට පැය 24ක් දෙන ලෙස ඉල්ලා සිටිනවා.නමුත් වීරවර්ණ මෙයට අකමැති වනවා.මෙය කලබල නොවී කල යුතු බවත් වැඩ කටයුතු කිරීමට කල් දෙන ලෙස පවසනවා.බාබු හට තාත්තා අරන්දුන් ත්‍රිවිල් එක රැගෙන හයර් කිරීමට පාර්ක් එකට වී සිටිනවා.ඔහු එතැනට වී සිටින විට යෙනුකි එතැනින් යනවා.ඉන්පසු යෙනුකිවෙත යන බාබු ඇය සමඟ කතා කරනවා.තමා හට යෙනුකිව ගිහින් දැමිය හැකි බව බාබු පවසනවා.ඉන්පසු ඉක්මින් ඇගේ වැඩ ටික කරගෙන ඇය පැමිණෙන බව පවසා යෙනුකි එතැනින් පිටව යනවා.මේ අතර යෙනුකි හා බාබු කතා කරමින් සිටින අයුරු එතැන පාර්ක් එකේ සිටි සියලු දෙනා බලා සිටිනවා.ශිවා වෙත යන ශිවාගේ පියා කලින් හිතා සිටියේ සත්‍යා ගැන හා සත්‍යාගේ ආදරය බොරුවක් කියා බවත් නමුත් දැන් ඔහු සත්‍යා ඇත්තටම ශිවාට ආදරය කරන බවදන්නා බවත් පවසනවා.සත්‍යා සිටින්නේ ශිවාගේ පැත්තේ නොවේනම් කිසි දිනක වීරවර්ණ තමාට දරුණු ලෙස කතා නොකරන බව ශිවා හට ඔහු පවසනවා.

සල්ලිකාර දුවෙක්ට තමාගේ පුතා හේත්තු කිරීමට අකමැති බවත් ඒ සල්ලිකාර දුව සල්ලි අතහැර ශිවා වෙත පැමිණෙනවානම් ඇයට තමා ගරු කරන බවත් මාකස් පවසනවා.බාබු යෙනුකිවද ත්‍රිවිල් එකේ දාගෙන යනවා.බාබු හට කෙසේ හෝ දියුණු වන බවත් ඔහුට ඕනම උදව්වක් තිබේනම් ඉල්ලන ලෙසත් යෙනුකි බාබු හට පවසනවා.සැම්සන්වගෙන්වා හොඳින් සත්කාර කරන මෙරිල් ඇමති තමාගේමුදල් වලින් ඔහු සතුටු වන බව යහළුවන් වෙතපවසනවා.මේ වෙලේ සල්ලි ගැන නොව සිදු වීමට නියමිතදේ පමණක් සිතන ලෙස පවසනවා.රාත්‍රියෙදි බාබු හා ශිවා බීමතින් යෙනුකි ගැන කතා කරනවා.යෙනුකිගෙන් ආදරෙයිද කියා විමසීමට තිබු අවස්ථාවක් මිස් කරගත් බව පවසා ශිවා බාබු හට බැන වදිනවා.කෙසේ හෝ යෙනුකිගේ වචනය ගන්නා බව බාබු ශිවා හට පවසනවා.සැම්සන්ව තමාවෙත කැදවා ගන්නා මෙරිල් ඇමතිතුමා කෙසේ හෝ තමා කියන දේ කර දෙන ලෙස පවසනවා.බීමතින් සිටින සැම්සන් මෙරිල් ඇමති කියන සියලු කරන බව පවසනවා.රාත්‍රියෙදි වීරවර්ණ සත්‍යා වෙත පැමිණෙනවා.ඇය දානේ වැඩේ හොඳට කලාද කියා වීරවර්ණ විමසනවා.දානේ දීමට ගියවෙලේ ශිවා හා බාබු හමුවුවාද කියා විමසනවා.

තමා ශිවාට සත්‍යා හමුවීමට නොහැකි බව පැවසුවත් ඔහු එය කලබව පවසනවා.සත්‍යා ඇසුරුකල යුත්තේ තමාට ගැලපෙන යහළුවන් පමණක් බව වීරවර්ණ පවසනවා.කෝප වන සත්‍යා තමාව හිරකිරීමට හදනවාද කියා තාත්තාගෙන් අසනවා.පරම්පරාවට කැලලක් වීමට දෙයක් ඇතිනම් එය කූඩු කරන පව වීරවර්ණ පවසනවා.තමාට ආසදේවල් කිරීමට නොහැකි බවත් ,ආස තැන් වල යහළුවන් සමඟ යාමට නොහැකි බවත් පවසා සත්‍යා වීරවර්ණ හට කෑ ගහනවා.කෝප වන වීරවර්ණ තමාට උවමනා ලෙස සත්‍යා ජීවත්වියයුතු බව පවසා එතැනින් පිටව යනවා.සැම්සන් හට බොන්නට දී ඔහු කල සියලු දේ මෙරිල් ඇමති නැවත විමසනවා.ඉන්පසු ඔහු කියන සියලු දේ මෙරිල් ඇමතිගේ ගෝලයා වීඩියෝ කරනවා.රාත්‍රියේ බීමතින් බාබු හා ශිවා ත්‍රිවිල් එකේ පැමිණෙන විට එය හැප්පෙනවා.පසුදින ශිවා බාබුගේනිවසට පැමිණි පසු බාබුගේ පියා ශිවාටද බැන වදිනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *