සතියේ දින පහේම රාත්‍රි 8.30ට ස්වර්ණවාහිනියේ විකාශය වන පාරදිගේ ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.රෙහාන් හට ඇමතුමක් ගන්නා සරනි තමා හට ඔහු සමඟ කතා කිරීම උවමනා බව පවසනවා.නමුත් තමාට කතා කිරීමට කිසිවක් නැති බව පවසනවා.මාටියා හා යහළුවා නානායක්කාර ගැන කතා කරනවා.නානායක්කාර දුරකථනය ගන්නේ නැති බව මාටියා සමඟ ඇය පවසනවා.මේ අතර නානායක්කාර හට ඩාලිං කතා කරනවා.තමාට ඩාලිංව හමුවීමට උවමනා බව පවසා හමුවීමට දිනයක් දාගන්නා ලෙස පවසනවා.මේ අතර නානායක්කාර සමඟසම්බන්ධයක් ඇති මාටියාගේ මිෂෙල් මානවි හට කතා කර තමා තාත්තාගේ යහළුවෙකුගේ දුවෙක් බව පවසනවා.මේ අතර සරනි නැවතත් රෙහාන් හට ඇමතුමක් ගන්නවා.ඔහු සරනිව මගහරින බව ඇය දන්නා බව පවසනවා.

 

ඉන්පසු සරනි සුදානම් වී රෙහාන් හමුවීමට යනවා.ඇය පාරේ යන විට බානු හා යහළුවන් හට ඇයව හමු වනවා.යන්නේ කෙහේද කියා විමසුවත් ඇය යන තැන ඔවුන්ට නොපවසා එතැනින් පිටව යනවා.බණ්ඩා වෙත යන යහළුවන් සරනි ගිය පවසනවා.ඉන්පසු කලබල වන බන්ඩා ඇය යන්නේ රෙහාන් හට ඇත්ත කීමට බව පවසා ඔවුන් ඇය නැවැත්වීමට යනවා.ඔවුන් ඇය සොයා ගියද බන්ටි නොනැවති ත්‍රිවිල් එකට නැග යනවා.මේ අතර ඩාලිං නානායක්කාර හමුවීමට යනවා.ඩාලිං හමුවීමට නානායක්කාර පැමිණෙනවා.සරනි හට රෙහාන් ඇමතුමක් ගෙන තමා එනතෙක් ඔවුන් හමුවු හෝටලයට වි සිටින ලෙස පවසනවා.බානුක හා යහළුවන් සරනි හා රෙහාන් සිටින හෝටලයට පැමිණෙනවා.සරනි රෙහාන් හට ආදරය කරන බව පවසනවා.සරනිට පෙනෙන ලෙස පැමිණෙන අභි ඇයට කිසිවක් රෙහාන් හටනොපවසන ලෙස පවසනවා.නානායක්කාර නිවසට පැමිණෙන විට මානවි හා පොඩ්ඩි මිෂෙල් සමඟ නානායක්කාර ගත් ඡායාරූප පෙන්වනවා.තමා නොවන පව නානායක්කාර පවසනවා.තමා කිසිවක් දන්නේ නැති බව නානායක්කාර පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *