සතියේ දින පහේම ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන පාරදිගේ ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.සෑම සතියේ දිනකම රාත්‍රි 8.30ට මෙය විකාශය වනවා.බානුක හමුවීමට ආණ්‍යා පැමිණෙනවා.ආණ්‍යා බානුක සමඟ කතා කරමින් සිටිනවා.ඔවුන් කතා කරමින් සිටින තැනට සිකුරා පැමිණෙනවා.ඉන්පසු ආණ්‍යා දකින සිකුරා මේ සිටින්නේ බානුකගේ පෙම්වතියද කියා විමසනවා.ඉන්පසු ටුටුට පිස්සු හැදු ලෙස ආණ්‍යාට එසේ නොකරන ලෙස පවසනවා.තමාගේ නංගි ටුටු බවත් ඇය බානුක නිසා වහ බියු බව සිකුරා පවසනවා.ඔහු කියන්නේ බොරු බව බානුක පවසනවා.ඉන්පසු සිකුරාව බානුක එතැනින් එළවා ගන්නවා.උදෑසන සරිනි රෙහාන් හට කතා කරනවා අම්මා සමඟ කෝපයෙන් සිටින රෙහාන් සරනිටද බැන වදිනවා.තමා ඔෆිස් එකට ගොස් කතා කරන්නම් කියා පවසනවා.

 

මේ අතර මාටියා රුක්ෂානා හා යහළුවා කැටුව පැමිණෙනවා.ඉන්පසු ඔහුට ඇමතුමක් ගන්නා බන්ඩා ඔවුන් හට ළඟට පැමිණ ඇමතුමක් ගන්නා ලෙස පවසනවා.සරනි රෙහාන්ගෙන් ඇමතුමක් එනතෙක් බලා සිටිනවා.ඇය වෙත පැමිණෙන අම්මා ඇය එසේ සිටින්නේ ඇයි දැයි විමසනවා.රුක්ෂාණා යහළුවා හා මාටියා පැමිණෙනවා.ඉන්පසු මාටියා රුක්ෂානා සමඟ සිකුරා හමුවීමට පැමිණෙනවා.ඉන්පසු ඇය දකින සිකුරා කලබල වී ඇයට කෑ ගහනවා.මේ අතර ඩාලිං හට ඇමතුමක් ගන්නා මාටියාගේ යහළුවා තමා සිකුරා හමුවීමට ආ බව පවසනවා.කලබල වන ඩාලිං සිකුරා හමුවීමට යනවා.කෝපයෙන් පැමිණෙන ඩාලිං රුක්ෂානා හට බැන ඉදලෙන් ගසනවා .මේ අතර අළුවිහාරේ හා සරනිගේ දික්කසාද නඩුව භාරදුන් නීතීඥ්‍යවරයා හට දුරකතනය දෙන රෙහාන් ඔහුට සරනි සමඟ කතා කරන ලෙස පවසනවා.එය අසා සිටින සරනි හඩමින් දුරකථනය විසන්ධි කරනවා.බන්ඩා වෙත යන සරනි ඔහු නිසා තමාට රෙහාන් නැති වු බව පවසා බැන වදිනවා.

 

මේ අතර නානායක්කාර හා මාටියාගේ මිතුරිය ආපනශාලාවකට වී කෑම ගනිමින් සිටිනවා.මේ අතර ඇයට ඩාලිංගෙන් ඇමතුමක් එනවා.තමාගේ මනුස්සායා අල්ලා ගැනීමට ලැඡ්ඡ නැද්ද කියාත් තමාගේ හැටි කියාදෙන ලෙස බවත් පවසනවා.එම ඇමතුම අසා සිටින නානායක්කාර බිය වී දුරකතනය විසන්ධි කරනවා.ඉන්පසු තමාට හදිසි වැඩක් ඇති බව පවසා එතැනින් පිටව යනවාරෙක්සි හමුවීමට බන්ඩා පැමිණෙනවා.එහිදි බන්ඩා ඔහු සමඟ අළුවිහාරේගේ දික්කසාදය ගැන කතා කරනවා.මේ අතර සරනිගේ ප්‍රශ්ණය විසදාගත් බවත් දික්කසාදය ගැන නැවත හිතන ලෙස පවසනවා.මේ අතර අළුවිහාරේ හට ඇමතුමක් ගන්නා රෙක්සි නැවත සරනි සමඟ කතා කර විසදාගන්නා ලෙස පවසනවා.ඩාලිං හට ඇමතුමක් ගන්නා නානායක්කාර තමාගේ බිරිඳගේ දුරකථනයට කතා කර ඇය බැන වැදු බව පවසනවා.තමාගේ ස්වාමියාගේ පසු පස නානායක්කාරගේ බිරිඳ එන බව පවසා ඇය පාඩුවේ සිටින ලෙස පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *