සතියේ දින වල රාත්‍රි 8.30ට සියත නාලිකාවේ විකාශය වන රේස් ටෙලි නාට්‍ය මේ දින වල එය මෙසේ ගලා යනවා.සුසිල්ගේ නිවසට වෙඩි තැබු එකට පරික්ෂණ පැවැත්වීමට පොලිසියෙන් පැමිණෙනවා.එහිදි පොලිසිය හට සුසිල් තමාම එය කරගත්තාද කියා සැක පල කරනවා.කෙසේ හෝ එයට සාක්ෂි සොයාගන්නා බව පැමිණි පොලිස් කාන්තාව පවසනවා.වෙඩිතැබීමට මහේන්ද්‍ර සම්බන්ධ බව සුසිල් පොලිසියට පවසනවා.පසුදින මහෙන්ද්‍රගේ නිවසට පොලිසිය පැමිණෙනවා.මහේන්ද්‍ර හට පැමිණිල්ලක් ඇතිබව පවසා සියලු දේ පොලිසිය ඔහුට පවසනවා.සුසිල් ටී ෆැක්ටරියට යනවා.එහිදි උවිඳු හට කතා කර ඔහු බැන වදිනවා.කිසි දිනක ඔහුගේ යටතේ වැඩ නොකරන බවත් කිසි දිනක ඔහුට හොඳක් නොවන බව පවසා එතැනින් පිටව යනවා.දේවානි හා ගිම්හානි වෙත පැමිණෙන උවිඳු හට ඔවුන් නැවත එවැනි ලෙස සුසිල් සමඟ රණ්ඩුවට නොයන ලෙස පවසනවා.සුසිල් හමුවීමට පැමිණෙන හසන්ත හට උවිඳු හට වෙඩි තබා ඝාතනය කරන ලෙස පවසනවා.පසුදින කෝපයෙන් සුසිල් නිවසට පැමිණෙනවා.තේ ෆැක්ටරියට නැවත ඔහුට යාමට නොහැකි බව පවසනවා.නඩුව මහේන්ද්‍ර දිණන බව පවසා කිසි කෙනෙක් යහතින් තියන්නේ නැති බව සුසිල් පවසනවා.මේ අතර හසන්ත උවිදු මැරීමට හදන බව ශ්‍රීමතී දැනගන්නවා.

ඉන්පසු එය නවත්වන ලෙස පවසනවා.නිවසට පැමිණෙන මහේන්ද්‍ර දේවානි හට මේඝා ලෙස තේ ෆැක්ටරිය බාරගන්නා ලෙස පවසනවා.හෙට දින එය කරන ලෙස පවසනවා.මේ අතර උවිඳු සමඟ තිබ්බ සම්බන්ධය නවත්වන ලෙසද මහෙන්ද්‍ර පවසනවා.රාත්‍රියේදිද දේවානි වෙත පැමිණෙන මහේන්ද්‍ර උවිඳුව අමතක කරන ලෙස පවසනවා.මේඝා වු විට උවිඳුව අමතක කිරීමට නොහැකි බව දේවානි බව පවසනවා.උවිඳු හට ඇමතුමක් ගන්නා නසිරා තමා විවාහ වීමට යන ලෙස පවසනවා.උවිඳු හා ජෝන් හට මේඝා වැඩ බාරගන්නා බව ගිම්හානි මිස් පවසනවා.රන්දුලිව එෂාන් නිවසට කැදවාගෙන එනවා.ඉන්පසු එතැනදි ශ්‍රීමති ඇයට කැමති බව පවසනවා.පසුදින සියලු දෙනා ඉදිරියේ දේවානි මේඝා ලෙස තේ ෆැක්ටරි එකේ වැඩ බාරගන්නවා.උවිඳු හාජෝන් ඉතාම පුදුම වනවා.පසුව උවිඳු ඉතාම දුකින් සිටිනවා.උවිඳු වෙත පැමිණෙන දේවානි ඇයගේ අතින් සිදුව ඇති දේට සමාව ඉල්ලනවා .නමුත් ඔහු ආදරය කරන්නේ දේවානිට බවත් මේඝාට නොවන බවත් උවිඳු පවසා එතැනින් පිටව යනවා.නිවසට පැමිණෙන මහේන්ද්‍ර මේඝා වෙත පැමිණෙනවා.සිදු වූ දේ මහෙන්ද්‍ර හට මේඝා පවසනවා.තමා උවිදුට කැමති බව මහේන්ද්‍ර පවසනවා.නසිරා විවාහ වීමට යන බවත් ඇයව ඉක්මනින් ගිහින් හමුවන ලෙස උවිඳු දේශිත හට පවසනවා.මේ අතර උවිඳුගේ කකුලට හසන්ත වෙඩි තබා එතැනින් පලා යනවා.නසිරා හමුවීමට ශාක්‍ය පැමිණෙනවා.මේ අතර සිදු වූ සියලු දේ නසිරා ඔහුට පවසනවා.මේ අතර හසන්ත සුසිල් වෙත පැමිණෙනවා .ඉන්පසු ආරණ්‍යාහටද වෙඩි තබන ලෙස සුසිල් පවසනවා.නසිරා දේශිතගේ මව හමුවීමට යනවා.දේශිත සමඟ විවාහ වන ලෙස පවසනවා.උවිඳු හට ප්‍රතිකාර කීරීමට ඉරෝෂ් වෙත දේවානි හා ආරණ්‍යා පැමිණෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *