සෑම සතියේ දින පහේම සිරස ටීවී තුලින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය හැමොගේම හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා. මේ වේලාවේ පූජා විසින් ඇලෙක්ස්වත් ඔහුගේ ගෝලයාවත් මරනා හැටි විඩියෝ ගත කරමින් සිටින අශාව පූජාගේ මැරයෙකු විසින් අල්ලාගෙන පූජා ඉදිරියට ගෙන එනවා. ඒ වේලාවේ අශා ළඟට පැමිණෙන පූජා ආශා කියන්නේ ඇයගේ සේවා ස්ථානයේ සේවය කරන කෙනෙකු බවත් නමුත් ඇය එසේ පැමිණ ඇත්තෙ පූජා වන ඇයගේ හොර ඇල්ලීමට බවත් පූජා සියළුදෙනා ඉිදිරියේ කියා සිටිද්දී ආශා බය වනවා. මේ වේලාවේ ආශා ඇය ගැන දන්නේ නැති නමුත් ඇය ආශා ගැන බොහෝ දේවල් දැනගෙන ලොකු කාලයක් වන බවත් කියා සිටිනවා. මේ වේලාවේ ආශා විසින් ඇය ගැන කිසිදු දෙයක් පොලිසියට නොකියන බවත් ඇයව නිදහස් කරන ලෙසත් ඉල්ලා සිටියත් ඇයට පූජාගෙන් බේරීමට හැකි වුයේ නැ. ආශා එකපාරටම එම පුද්ගලයා අතේ තිබු තුවක්කුව අහකට කර එතැනින් බේරී දුවන්නට උත්සහා කලත් ඇයට වැඩිදුරක් එලෙස යාමට හැකි වුයේ නැහැ. මන්ද එම පුද්ගලයා විසින් ආශා එලෙස යනවාත් සමගම වෙඩි තැබුවා.

මේ වේලාවේ පතාලයේ ඇලෙක්ස්ට සහ ඔහුගේ ගෝලයකුට කවුරුන් හෝ කෙනෙකු විසින් වෙඩි තබා ඇති බව දැනගත් පොලිසීය එ අවස්ථාවේම එතැනට යාමට පිටත් වුවා. ඉතිං මේ අවස්ථාවේ ආශා බිම ඇඳ වැටි සිටිනවා දකින පොලිස් නිලධාරියා ඇයව දැක පුදුමයට පත් වී එ බව එතැන සිටි අනිත් පොලිස් නිළධාරීන්ටත් පෙන්වනු ලබනවා. එත් එක්කම පූජා සහ ඇයගේ තාත්තා කෑම කමින් රූපවාහිනිය නරඹමින් සිටියදී විශේෂ ප්‍රවෘත්තියක් ඒ අස්ථාවේ විකාශය වෙනවා. එ වේලාවේ පතාල නායක අලෙක්ස් ගැන වගේම අශා ගැනත් කියනවාත් සමඟම කලබලයට පත් වුන ජානනාත ඒ දෙස පුදුමයෙන් බලා සිටිනවා. මේ වේලාවේ පූජාත් ඉතා බයට පත් වී කර කියගන්නට දෙයක් නැතිව ඇය කිසිවක් නොදන්නා ගනට රඟපන්නට පටන් ගන්නවා. ඉන්පසු කිසිවක් නොදන්නා ගානට මාලන්ට දුරකථන ඇමතුමක් ලබා ගන්නා පූජා ආශා කාර්යාලයට පැමිණියාද අසමින් ආශාව කවුරුන් හෝ කෙනෙකු විසින් දරා දමා ඇති බව පවසනවා. ඒ වේලාවේ එය අදහාගත නොහැකි වුන මාලන් සිතුවේ පූජා විහිළුවක් කරනවා කියාය. නමුත් පූජා විසින් ඇය සීඅයිඩී නිළධාරිනියක බවත් ඇයත් සමඟින් එතැනම පතාලයේ නායකයෙක් වන ඇලෙක්ස්ද මියගොස් ඇති බවත් කියා සිටිනවා.  කුරුළුව සොයා පැමිණි අදිත්‍ය වලස්ගලත් සමඟින් ඉස්කෝල මහත්තයාගේ නිවසට පැමිණෙනවා. ඉතිං එලෙස ඔවුන් පැමිණෙන අවස්ථාවේ ඉස්කෝල මහත්තයාත්,මැණිකෙත් , කුරුළුත් නිවසේ සිටියේ නැහැ. ඒ වේලාවේ වලස්ගල විසින් දොරට තට්ටු කරමින් ඔහුගේ නම කියමින් කතා කරත් කිසි ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ. ඉතිං ඒ වේලාවේ අදිත්‍ය අහම්බයෙන් වාගේ බිත්තියේ අලවා තිබු කොල් කැබැල්ලක් දැක එ අසලට ගොස් එය කුමක්ද කියා බලද්දී ඔහු දකිනවා කුරුළුවට බෙහෙත් ගැනීම සඳහා කොළඹ ගියපු බව එහි ලියා තිබෙනවා. ඉතිං මේ වේලාවේ එ ගැන සැක සිතුන අදිත්‍ය වලස්ගලත් සමඟින් ඔවුන් එලෙස ගොස් තිබෙන්නේ අදිත්‍ය එන බව දැනගෙන කියා ඔහුට සිතෙන බව පවසා සිටිනවා.

ඔය අතරේ මහීමාට දුරකථන ඇමතුමක් ලබා ගන්න මාරසිංහ විසින් ලොකු ප්‍රශ්නයක් ඇති වී තිබෙන බව පවසමින් ආශාව මරා දමා ඇති බව පවසනවා. මේ වේලාවේ මහීමා ඔහු කියනා දේ මුලින්ම පිළිගත්තේ නැති වුවත් මාරසිංහ දිගින් දිගටම සිදු වු දේ ගැන ඇයට තේරුම් කර දීමෙන් පසු මහීමාට එය විශ්වාස කරන්නට සිදුවුවා. මේ අවස්ථාවේ ආශා පාතාලයත් සමඟින් කුමක් හෝ සම්බන්ධතාවයක් තිබි ඇති බවත් ඒ හේතුවෙන් කුමක් හෝ ප්‍රශ්නයක් ඇති වී ඉන්පසු ආශා එලෙස මරා දමන්නට ඇතැයි මාරසිංහ මහීමා සමඟින් පවසනවා. ඉන්පසු එය දරා ගන්න බැරි වුන මහීමා හඬන්නට පටන් ගනිද්දී එැතනට පැමිණෙන ඇගේ අම්මා විසින් ඇය එලෙස හඬන්නේ ඇයි දැයි විමසද්දී ඇයත් සමඟින් කාර්යාලයේ එකට සේවය කල ආශා මියගොස් ඇති බව පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *