සතියේ දින පහේම සිරස ටීවී නාලිකාව ඔස්සේ රාත්‍රී හතයි තිහට විකාශනය කෙරෙන කිසා ටෙලි නාට්‍යය කාගේත් ආදරයක් සමඟින් හොඳ ප්‍රතිචාර ලබමින් ඉදිරියට ගලාගෙන යනවා..ඔය අතරේ බහාර්ගේ කාමරයට පැමිණෙන මේසීර්ගේ ගෝලයකු වන හස්මෙන් ඇයට දරුවන් දෙදෙනා නැතිව තනිව මේසීර්ව මුණ ගැසීමට පැමිණෙන කියා පවසා ගොස් පිරල්ටත් එලෙසම තනිව මේසීර් හමුවීමට පැමිණෙන කියා පවසනවා. ඉතිං ඉන්පසු මේසීර්ගේ කාමරයට පැමිණෙන පිරල් සහ බහාර් ඔහු මෙලස ඔවුනට එන්නට කීවේ ඇයි දැයි කියා කල්පනා කරමින් සිටිනවා. මේ වේලාවේ බහාර් සහ පිරල් ළඟට පැමිණෙන මේසීර් මුදුවක් අතට ගෙන සාප් වෙනුවෙන් ඔවුන් දෙදෙනා ඕනෑම දෙයක් කරනවාද කියා අසනවාත් සමඟම පිරිල් සහ බහාර් එයට ඔව් කියා පිළිතුරු දෙනවා.. ඒ වේලාවේ ඔවුන් දෙදෙනා අතරින් කවුරුන්ද ඔවහුව විවාහ කර ගැනීමට කැමති කියා මේසීර් අසනවා. ඒ අවස්ථාවේ බහාර් ඇයට එය කල නොහැකි බවත් ඇයට දරුවන් ගැන සිතන්නට වෙන බවත් පවසනවාත් සමඟම බහාර් කියු දේ ගැන කේන්ති ගිය පිරල් ඇයටත් දරුවන් සිටින බව පවසමින් ඇයටත් ඇගේ දරුවන්ව වටින බව පවසමින් පිරිල් බහාර්ට බැන වදිනවා.එ අවස්ථාවේ ඔවුන්ගේ රණ්ඩුව දෙස බලා සිටි මේසීර් සාප්ට ජිවිතෙන් සමු ගන්නට කාලය ඇවිත් බව කියමින් එතැනින් පිටව යනවා…ඉතිං මේ වේලාවේ පිරල් බහාර් සමඟින් තනිව කතා කිරීමට අවශ්‍ය බව කියා ඇයට මේසීර් සමඟින් විවාහ වුවහොත් සැප ජිවතයක් ගත කිරීමට හැකි වන බව පැහැදිලි කර දුන්නත් ඇය එයට එකඟ වුයේ නැහැ.

 

ඉතිං ඉන්පසු සාප් සිටින තැනට පැමිණෙන මේසීර් ඔහු විවාහ වෙන්නට යන බව පවසමින් ඔවුන්ට එයට අවශ්‍ය කරන සියළුම ඇඳුම් පැළඳුම් ඔහු විසින්ම සූදානම් කරන බව පවසනවාත් සමඟම කලබල වුණ සාප් ඔහු විවාහ වෙන්නේ කවුරුන් සමඟින්ද කියා සාප් විමසනවා.ඔහු විවහා වෙන්නේ සාප්ගේ පරණ බිරිඳ සමඟින්ද අලුත් බිරිඳ සමඟින්ද කියන දේ ඔහුම තීරණෙය කරන්න කියමින් මේසීර් එතැනින් පිටව යනවා.. ඉතිං ඔය අතරේදී අරිෆ් ඉතාමත් දක්ෂ ලෝයර් කෙනෙකු සොයා ගෙන ඇති බවත් ඇය ඔවුන් පිළිබඳවත් විස්තර දැනගෙන ඇති බව හස්මෙන් සමඟින් මේසීර් පවසනවා.  ඉතිං එත් එක්කම එන්වර් සොයාගෙන පැමිණෙන අරිෆ්ගේ ලෝයර් ඔහුත් සමගින් කතා කිරීමට අවශ්‍ය බව පවසනවා. මේ වේලාවේ අරිෆ් මුණු ගැසීමට එන්වර් කැමතිද කියා ඇය අසද්දී එකලෙසම එයට කැමති බව පවසා ඔහු ඔහුගේ බිරිඳ වන ආනිස්වත් එක්කගෙන අරිෆ්ව බැලීමට පැමි‍ණෙන්ද කියා ලෝයර්ගෙන විමසනවා. ඒ වේලාවේ එසේ කල නොහැකි බවත් ඒවා නීති ප්‍රශ්න බවත් පවසින් එහෙයින් ඒවා රහස් ලෙස තබා ගත යුතු බවත් ඇය එන්වර් සමඟින් පවසනවා. ඉතිං පසුදින එනවර් අරිෆ් හමුවීම සඳහා බන්ධනාගරය වෙත යනවා. එ අවස්ථාවේ අරිෆ් විසින් බහාර් දරු දෙදෙනාත් සමඟින් සිටි නිවසට කිස්මෙට් ගෝස් බැලුවත් එම නිවසෙම් ඔවුන් සිට නැති බව එන්වර් සමඟින් පවසනවා.ඉතිං ඔවුන් දැන් සිටින්නේ කොහේද කියා කිසිවෙකුත් නොදන්න බවත් අරිෆ් එන්වර් සමඟින් පවසනවා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *