සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.මේ වේලාවේ ෂුට් එක අවසන් වී ඉන්පසු කුරුළුත් අභිමනුත් අමායා සමඟින් වාඩී වි බීම එකක් බොමින් කතා කරමින් සිටින අතරතුරේ එකපාරම කුරුළු ෂුටින් ලොකේෂන් එකක සිටින අවස්ථාවේ එතැනදී ලීක් වුන ඇඳේ සිටින විඩියෝව මොකද්ද කියා කුරුළුගෙන් විමසනවාත් සමඟම එකපාරටම ඇය කියු දේ නිසා යළිත් අවුල් වුන කුරුළු ඒ බව ඇයට නොපෙන්වා එය ෂුටින් ලොකේෂන් එකේදී සිදු දෙයක් බවත් එය එතරම් ලොකු දෙයක් නොවන බවත් කුරුළු වැඩි ගානකට නොගෙන පවසමින් එය අසහනකාරයකුගේ වැඩක් කියාත් කුරුළු පවසනවා. මේ වේලාවේ ඒ පිළිබඳ අමායා දිගින් දිගටම හර අවුස්සින් විමසද්දි ඊට මැදිහත් වෙන අභිමන් අනවශ්‍ය කතා මෙතැනට ඇඳලා ගන්නට එපා කියාත් සිදු වු දේ හොඳින් තේරුම් ඇතිව ඔහු ඇයට කියුවා නේද කියාත් අභිමන් අමායාගෙන් විමසද්දී එය හරි බවත් නමුත් ඔහු ඒ ගැන කීවද කුරුළුගෙන්ම ඇය ඒ ගැන අසා දැනගන්නට ඕන බවත් මන්ද ඔවුන් ඇයව විශ්වාස කරලා ඇමරිකාවට රෙකමන්ඩ් කරලා තියෙන්නේ කියාත් අමායා අමුතුවට හිනාවක් දමමින් කියා සිටිනවා.ඒ වේලාවේ ඇය කියනා දේ ඉවසා ගන්නට බැරිම තැන ඒ ෆොටෝ එක ඇත්ත එකක් බවත් නමුත් ඒ තුළ මිනිස්සු කියනවා වගේ දෙයක් සිදු වුයේ නැති බවත් , ෂුටින් එකක් කරන විට නිවසේ තිබෙන සියළු කාමර ඔවුන්ට ලබා නොදෙන බවත් එ නිසා සියළුදෙනාම එකම කාමරයේම සිටින බවත් කුරුළු පවසනවා.

මේ වේලාවේ අදිත්‍ය කියු පරිදි ඔහුව හමුවන්නට පැමි‍ණෙන දෙව්, ඔහුට මොනවාද දෙව් සමඟින් කතා කරන්නට තිබෙන්නේ කියා විමසමින් මොකද්ද ප්‍රශ්නය කියා අදිත්‍යගෙන් විමසනවා. ඒ වේලාවේ  එය ප්‍රශ්නයක් ද කියා නම් කියන්න බැරි බවත් නමුතක් දැනටමත් ප්‍රශ්නයක් වෙලාද දන්නේ නැහැ කියාත් අදිත්‍ය පවසමින් ඔහු කුරුළුව දන්නේ කොයි කාලෙක ඉඳන්ද කියා දෙව්ගෙන් විමසනවා. ඒ අවස්ථාවෙම් ඔවුන්ගේ නාට්‍ය රූගත කරන්නට ගත් දිනයේ පටන් ඔහු ඇයව ඇඳුරන බවත් ඔහු මෙසේ අසන්නේ ඇයිද කියා අදිත්‍යගෙන් විමසනවා. ඉන්පසු ඇයව ඔහු හඳුනන්නේ පුංචි කාලේ සිට බවත් කුරුළුගේ අම්මා නැති වෙන්නට කලින් ඇයව ඔහුටයි බාර දුන්නේ කියාත් කියද්දී ඒ ගැන ඔහුට කුරුළු කියා තිබෙනවා කියා දෙව් පවසද්දී ඔහු ඒ දේවල් අසා තිබුණද ඒවා දේවට සමහර අවස්ථාවල අමතක වෙන බව කියද්දී එය ඔහුට අදාලා දෙයක් නොවන හෙයින් එය මතක තියාගන්න බවත් අමතක කරන්නවත් උවමනාවක් නැති බව දෙව් කියද්දී එය එසේ වුවද ඔහුට කුරුළු ගැන විශේෂ උවමනවාක් නම් දෙව්ට තිබෙන බව ඔහුට තෙරේන බව අදිත්‍ය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *