සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.මෙ වේලාවේ අදිත්‍ය කියු පරිදි ෂුටින් කර විවේකිවී කුරුළු සහ දේව් ඇඳක් මත නිදා සිටිනවා දුරකථනයෙන් පින්තුරයක් ලබා ගන්නා පුද්ගලයා එය සමාජ මාධ්‍යට මුදා හැරිමත් සමගම එය දැක කලබලට පත් වන රේෂමා නාමින් සිටි කුරුළුට කතා කරමින් එය පෙන්වද්දී එය දැක කලබලයට පත්වන කුරුළු එ කුමක්ද කියා රෙෂ්මාගෙන් විමසද්දී ඇයත් අසන්නේ එම ප්‍රශ්නයමයි කියා රේෂමා පවසමින් එම පින්තුරය ගත්තේ කවුරුන්ද කියා විමසනවා. ඒ අවස්ථාවේ ඇය ඒ ගැන දන්නේ නැති බවත් කවුරුන් හො කෙනෙකු විහිළුවක් කරන්න සිතාගෙන මෙසේ ගන්නට ඇති බවත් කුරුළු කලබලයෙන් මෙන් පවසමින් රේෂ්මාගේ අතේ තිබුණ දුරකථනය උඳුරා ගනිමින් එහි තිබෙන කමෙන්ට්ස් කියවමින් වේදනාවට පත්ව සිටියදී කවුරුන් හෝ කෙනෙකු මෙය විහිළුවට කෙරු වැඩක් නම් ,එය මෙසේ පොඩි පෙජ්කාරයකුට ලබා දෙයිද කියාත් කියද්දී කුරුළුට එය දරාගත නොහැකිව වෙව්ලමින් ඇය කිසිදෙයක් දන්නේ නැති බවත් මිනිස්සු මෙලෙස දෙයක් දුටු විට සොයා බලන්නේ නැතිව ඒවා ශෙයාර් කර දමන බවත් කුරුළු පවසනවා.ඉන්පසු කුරුළුගේ හිත හදන්නට උත්සහා කරනා රෙෂ්මා , ඇයට කලබල වෙන්නට එපා කියාත් මේ ෆිල්ඩ් එක ගැන දන්න අය මේ වගේ බොරු කතා විශ්වාස කරන්නේ නැති බවත් කුරුළුට පවසා සිටිනවා.

මේ වේලාවේ හඬමින් අභිමන්ට දුරකථන ඇමතුමක් ලබා ගන්නා කුරුළු, ඇය ලොකු අමාරුවක වැටී ඇති බවත් කියමින් සිදු වු දේ ගැන අභිමන්ට කියන්නට හදනවාත් සමඟම අභිමන් ඇයට කතා කරන්නට නොදීම ඇය මෙලෙස අමාරුවේ වැටී ඉන්නවා කියා කියන්නේ ෆෙස්බුක් එකේ ශෙයාර් වෙන පින්තුරය නිසාද කියා අභිමන් වැඩි ගානකට නොගෙන මෙන් ඇගෙන් විමසද්දී ඔහු එය දැක්කද කියා කුරුළු අවුලින් මෙන් අසද්දී ඔහුට එය දැක හිනා ගිය බවත් එක නිනක් ගෑනි මිනිහයි රණ්ඩු වෙලා නිදාගෙන ඉන්නවා වගේයි ඔහුට නම් පෙනෙන්නේ කියාත් කියද්දී ඇය බයෙන් සිටියෙ ඔහු ඇයව වැරදියට තේරුම් ගනිවි කියා බවත් කියද්දී ඇය ඒ ගැන හිතන්නට එපා කියාත් ඔහු මීට වඩා ලොකු දෙයක් දැක්කද ඔහු ඒවා විශ්වාස කරන්නේ නැති බවත් ඇය කවුද කියා ඔහු හොඳින්ම දන්නා බවත් අභිමන් පවසනවා.එත් සමඟමස ඇයට හඬමින් ඒ ගැන හිතන්නට එපා කියාත් වෙන මිනිස්සු කියන දේවල් ඇයට ආදාල වෙන්නේ නැති බවත් ප්‍රශ්නයකට මුහුණ දෙන්න ඕන මෙලෙස අඬලා වැලපිලා නොවන බවත් මුලක සිට මෙය සිදුවුයේ කෙසේද කියා සොයා බැලිය යුතු බවත් අභිමන් පවසනවා.ඉන්පසු ඇයට මේ ප්‍රශ්නය විසඳා ගන්නට ඔහු පුළුවන් හැකි සියළුදේම කරනවා කියාත් කුරුළුට පොරොන්දු වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *