සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.ඊෂාට යළිත් ඔහුව හමුවන්නට පැමිණෙන ලෙස ඉල්ලා සිටින විපුල ඇය ළඟට පැමිණ ඇය ඇවිත් ගොඩක් වේලා වෙනවාද කියා අසමින් ඇය ඔහුව හමුවන්නට යන බව විශාල්ට කිවේ නැහැ නේද කියා ඊෂාගෙන් අසද්දී ඔහු ඒ ගැන විශාල්ට කියන්න එපා කියු නිසා ඇය ඒ ගැන විශාල්ට කිවේ නැති  බව පවසනවා. ඉන්පසු එක හොඳයි කියාත් ඔහු ඇයව හමුවී පසුදින කියු කාරණය ගැන ඇය විශාල්ව දැනුවත් කලාද කියා විපුල අසද්දී ඇය ඒ ගැන පැවසු බව ඊෂා පවසනවා.එය එසේ වුවද විශාල්ගේ නම් කිසිම වෙනසක් වී නොමැති බවත් කෙසේ වෙතත් මෙවැනි කාරණා වලදී එකපාරට තීරණයක් අරගන්නට අමාරු බව ඔහු දන්නා බවත් විශාල් ඔහුගේ ජිවිතයේ හැමදෙයක් ගැනම ඇයට කියනව කියා විපුල අසද්දී ඇය හිතන විදියට ඔහු එසේ කියනවා ඇති කියා ඇය සිතනා බව ඊෂා බයෙන් මෙන් පවසද්දී එය අසා සිනාසෙන විපුල,ඔහු මේ ඇයට කියන්න යන කාරණය ඉතා සංකීර්ණ එකක් බවත් කියමින් උඳුල් ගැන විස්තර ඊෂාගෙන් විමසමින් එකපාරටම උඳුල්ගේ සහ විශාල්ගේ මෙනවා හෝ විශේෂත්වයක් ඇයට පෙනිලා නැතිද කියා අසමින් ඇයගේ බොයිෆ්‍රෙන්ඩ් විශාලුයි හොඳම යාළුවා උඳුලුයි අයියයි මල්ලි කියා ඇයට කිසිදින තේරිලා නැති ද කියා විපුල අසද්දී එය ඇසීමත් සමඟම කලබල වන ඊෂා ඇස්වල කඳුලු පුරවාගෙන ඔහු කියු දේ අදහා ගත නොහැකිව බලා සිටිද්දී ඔහු කියනා දේ ගැන සැකයක් තිබෙ නම් ඒ ගැන උඳුගෙන් හෝ විශාලගෙන් අසා ඔප්පු කරගන්න කියා විපුල පවසා සිටිනවා.

මේ වෙලාවේ සියළු ඇත්ත ගැන දැනගෙන උඳුල්ව සහ අලීව හමුවන්නට පැමිණෙන ඊෂා වෙනදා මෙන් නැතිව උඳුලට අමුතුවිදියට කතා කරමින් ඔවුන් වැඩ කරන ගමන්ද සිටියේ කියා අසමින් ඇයට තිබුණු ප්‍රශ්න සියල්ලටම උත්තර හමුවු බව කියද්දී ඇය කතා කරන විදියේ අමුත්තක් දැනුන උඳුල් මොකද්ද ප්‍රශ්නය කියා යළිත් ඇගෙන් විමසද්දී මෙ වේලාවේ විශාල් ඉන්නේ කොහේද කියා ඔහු දන්නවාද කියාත් අසද්දී අලි එකපාරට ඔවුන්ගේ කතාවට මැදි වී යළිත් විශාල් කුමක් හෝ ප්‍රශ්නයක් දාගෙනද කියාත් එසේ කර තිබෙනවා නම් කන පැලෙන්න මේ පාර දෙන්න ඕන කියාත් අලි පවසද්දී ඊෂා එකලසෙම ඔවුන් දෙස බලා හිඳ එසේ කන පැලෙන්න දෙන්නෙ ඔහුද නැතිනම් උඳුල්ද කියා ඔවුන්ගෙන් අසද්දී ඊට උඳුල් උත්තර නොදී ඇය එසේ කතා කරන්නේ ඇයිද කියා ඊෂාගෙන් අසද්දී කොහොමත් මල්ලිගේ කනට ගසන්නට අයියාට පුළුවන් නේද කියා ඊෂා උදුල් ලෙස බලමින් කියනවාත් සමඟම එය අසා කලබල වී බයවෙන උඳුල්ට කිසිවක් කරකියා ගත නොහැකිව නිහඩ වී සිටිද්දී මෙතරම් දෙයක් ඔවුන් කෙසේද ඇගෙන් හංගගෙන සිටියේ කියා අසමින් උඳුලට සහ අලිට බැන වදිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *