සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.ඊෂා පාරේ කවුරුන් හෝ සමඟින් දුරකථනයෙන් කතා කරමින් සිටියදී ඇයව අහම්බයෙන් මෙන් දකින විපුල ඇය ළගට පැමිණ ඇයට කතා කර සැප දුක විමසමින් ඇය කවුරු හරි එනතුරුද බලා ඉන්නේ කියා අසමින් ඔහුට ඇය සමඟින් පොඩි වේලාවක් කතා කිරීමට අවශ්‍ය බව පවසනවා.මේ වේලාවේ ඔහුව දැක කලබල වී බියෙන් සිටින ඊෂා ඔහුට කියන්න තිබෙන දේ කියන්න කියා විපුලට පවසද්දී ඇයට ළඟදී දවසක විශාල්ව මුණගැසුනාද කියා අසද්දී එය ඇසීමත් සමඟම තවත් බයවුන ඊෂා මඳ වේලාවක් කුමක්ද කියන්නේ කියා කල්පනා කරමින් හිඳ ඇයට විශාල්ව දවස් කිහිපයකට කලින් මුණගැසුණ බව පවසනවා.ඉන්පසු ඇය ඇගේ අම්මාට ගොඩක් ආදරෙයි නේද කියාත් ඇගේ හිත රිදෙන කිසිදෙයක් ඇය කරන්නේ නැහැ නේද කියා විපුල අසද්දී ඔහු කුමක්ද කියන්නට යන්නේ කියා සිතාගත නොහැකි වු ඊෂා ඇය කිසිදින ඇගේ අම්මාගේ හිත රිදෙන දෙයක් කරන්නේ නැති බව කියනවා.ඉන්පසු ඒ ගැන ගැහැනු ළමයි සිතුවද පිරිමි ළමයින්ට කිසි අවබෝධයක් නැති බවත් විශාල්ගේ අම්මා මේ දිනවල ගොඩක් අවුලින් සිටින බවත් ඔහු මේ ඉල්ලීම කරන්නේ තාත්තා කෙනෙකු විදියට බවත් ඇයට විශාල් සමඟින් මොකක්ම හරි සම්බන්ධයක් තිබෙනවා නම් ඇය හොඳට කල්පනා කර එය නතර කර දමන්න කියා ඊෂාගෙන් විපුල ඉල්ලා සිටිනවා.

විශාල්ගේ තාත්තා කල ඉල්ලීමෙන් පසු යළිත් විශාල්ව මුණගැසෙන්නට යන ඊෂා, ඔහුගේ ගෙදර විස්තර ගැන අසමින් ඔහු තවමත් ගෙදර ගියේ නැතිද කියාත් තව කෙතරම් කාලයක් මෙසේ වෙන වෙන තැන් වල ඉන්නද කතියාත් විශාල්ගෙන් විමසද්දී ඔහුට පුළුවන් දවසක් වෙනතුරු ඔහු ඉන්නා බවත් ඔවුන්ගේ ගෙදරින් කාකා එයාලාගේ සල්ලි වලින් ඉන්නා නිසානේ ඔවුන් ඔහුට ඔවුන් කියන කියන විදියට ඉන්න කියන්නේ කියාත් ඒ නිසා ඔහු යන්නේ නැතිව සිටියාම ප්‍රශ්නය ඉවරයිනේ කියා කියද්දී ඇයට විශාල්ගේ තාත්තාව මුණගැසුණ බවත් ඔහු මේ කරන දේවල් නිසා ඔවුන් අවුලින් සිටිනා බවත් ඔහු ඇගෙන් ඇගේ අම්මාට ඇය දුකක් දෙනවාද කියා අසමින් විශාල් ඇගේ අම්මාව රිදවන විදිය ගැන ඇයට පැහැදිලි කර දුන් බවත් ඒ නිසා ඒ ගැන ඇයට සිතන්න කියා ඇගෙන් ඉල්ලා සිටිය යුතු බවත් ඔහුගේ අම්මා ඇය නිසා ඔහු සමඟින් අවුලින් ඉන්නා නම් ඇය කෙසේද ඔහු සමඟින් එකට ඉන්නේ කියා ඊෂා දුකින් මෙන් විශාල්ගෙන් විමසද්දී විශාල් ඇයට ලංවී ඇගේ අතින් අල්ලා ගනිමින් කිසිම හේතුවක් නිසා ඔහු ඇයව අත්හරින්නේ නැති බවට ඇයට පොරොන්දු වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *