සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.ඊෂා සහ සමාධි කොෆි ශෝප් එකට වී කතා කරමින් සිටියදී ඔවුන්ව දැක ඒ අසළට පැමිණෙන වජිරව දකින ඊෂා යළිත් බය වී ඒ බව සමාධිට පවසනවා.ඒ අවස්ථාවේද සමාධිද ඔහුව දැක අහක බලා ගනිද්දී ඔහු ඔවුන් ළඟටම පැමිණ ඊෂා දෙස බලා ඇයට කොහොමද කියා විමසද්දී ඊෂා ඔහුව වැඩි ගානකට නොගනිමින් ඇය හොදින් සිටිනා බව පවසනවා. ඉන්පසු සමාධිට ඔහු කතා කරමින් ඇය ටීවි එකේ දකිනවාට වඩා ළඟට දකිද්දී ගොඩක් ලස්සන බවත් ඊෂා ඔහුව ඇයට හමු වු බව සමාධිට කියන්නට ඇති නේද කියාත් ඔහු විමසනවා.මෙලෙස කිසිවක් නොකියා ඔහු කියනා සියළු දේ ඉවසාගෙන අසා සිටි සමාධි , ඔහුට මොනවාද ඕන කරන්නේ කියාත් ඇත්ත මොකද්ද කියා ඔහු හොඳින්ම දන්නවා නේද කියාත් විමසද්දී ඇත්ත මොකද්ද කියා මේ වෙද්දී මුළු ලෝකයම දන්නවානේ කියාත් ඊෂාගේ උප්පැන්න සහතිකයේ තිබෙන නම සහ ඇය තරඟයට යන විට ටීවි එකේ කියු සියළු දේ ඇත්තනේ කියාත් කියමින් සමාධිව සහ ඊසාව වජිර විසින් අපහසුතාවයට පත් කරනවා. ඉන්පසු ඔහු මෙලෙස දිගින් දිගටම කරදර කරන්නේ ඇයිද කියාත් ඔහුට ඔනැ කරන්නේ මොනවාද කියාත් සමාධි අසද්දී මඳ වේලාවක් කල්පනා කරමින් සිටින ඔහු ඔහුට අවශ්‍ය වි ඇත්තේ පවුලක් බව සමාධිට කියනවාත් සමඟම එය අසා කෝපයට පත් වු සමාධි ඔහුව දැක්කෙත් ඇය එදින බවත් කිසිදින ඔහුගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙන්නේ නැති බවත් කියමින් ඊෂා සමඟින් එතැනින් යන්නට යනවා.

මේ වේලාවේ ඊෂාව හමුවන්නට පැමි‍ණෙන විශාල්, ඔවුන් යළිත් නුවරඑළියේ යන්නේ කවදාද කියා ඊෂාගෙන් විමසද්දී ළඟදීම දවසක යයි කියා ඊෂා පවසමින් ඔහු එසේ ඇහුවේ ඇයිද කියා විශාල්ගෙන් විමසනවා. ඒ වේලාවේ ඔවුන් මේ පාර යන විට ඔහුත් නුවරඑළියේ එන බව කියද්දී ඊෂා සිනාසෙමින් ඔවුන් එකක් ඔහු එලෙස එන්නේ කෙසේද කියාත් සීයාතාත්තාගෙන් ඔහුට හොඳට අහන්නට වෙයි කියාත් ඊෂා පවසද්දී ඇය ඔවුන් ගැන හැමදාම හංගගෙන ඉන්නද කල්පනාව කියා විශාල් ඊෂාගෙන් විමසනවා. ඒ අවස්ථාවේ ඇය වේලාව ආවාම ඒ ගැන කියන්නම් කියාත් එතෙක් ඉවසලා ඉන්න කියාත් ඊෂා පවසනවා.ඒ වේලාවේ දැන් තාත්තාගේ ප්‍රශ්නය මොකද කියා විශාල් ඇගෙන් විමසද්දී ඒ ප්‍රශ්නය තවමත් ඒ විදියම තමයි බවත් ඔහු ඔහු ඉන්න තැන ඉන්න බවත් ඔවුන් ඔවුන්ගේ තැන ඉන්නා බවත් ගානකට නොගෙන ඊෂා කියද්දී ඇත්තතටම ඔවුන්ට ඔහු සමඟින් තිබෙන ප්‍රශ්නය කුමක්ද කියා විශාල් අසනවා.ඒ අවස්තාවේ නිරුත්තර වු ඊෂා මඳ වේලාවක් කල්පනා කරමින් සිට ඔහු ඔවුන්ට බොරු කර තිබෙන බව ඊෂා පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *