සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.මේ වේලාවේ ඊෂාගේ තාත්තා යැයි කියමින් ඇගේ උප්පැන්නට නම දමා තිබු පුද්ගලයාව මුණගැසෙන්නට පැමිණෙන දුණුසිංහ ඔහු දෙස කේන්තියෙන් බලමින් ඔහු කන්න දුන්න අත සපා කෑවා යැයි කියා ඔහුට බැන වදිද්දී එම පුද්ගලයා දුණුසිංහ තව තවත් විහිළුවට ගනිමින් ඔහු එසේද කාලයකට පසු ළගම කෙනෙකු මුණගැසුණු විට පිළිගන්නේ කියා අසද්දී ඔහු කෙසේද ළගම කෙනෙකු වන්නේ කියාත් වහාම ඔහු මේ කරන්නා වු සෙල්ලම නවත්වන ලෙසත් දුණුසිංහ ඔහුට කෝපයෙන් යුතුව පැවසුවද ඔහු ඒ කිසිවක් ගනන් නොගනිමින් ඔහුගේ මිනිබිරියගේ උප්පැන්නයේ තාත්තාගේ නමට තිබෙන්නේ ඔහුගේ නම නේද කියාත් එසේ තිබෙනවා නම් ඔහු දුණුසිංහගේ ළඟම කෙනෙකු නොවෙන්නේ කෙසේද කියාත් ඔහුගෙන් අසද්දී ඔහු වජිර සමඟින් කල ගණුදෙණුව ඒ අවස්ථාවේදීම ඉවර කල බවත් ඔහුට දියයුතු සියළු දේද ලබා දුන් බවත් එසේ තිබියදී ඔහු තවත් බලාපොරොත්තු වන්නේ මොනවාද කියා කෑගසමින් දුණුසිංහ විමසනවා.ඒ අවස්ථාවේ ඔහුද සිතාගෙන සිටියේ එම ගණුදෙනුව ඉවරයි කියා බවත් නමුත් ඊෂා මේ රටෙ මෙතරම් ජනප්‍රිය කෙනකු වෙයි කියා කවුද සිතුවේ කියාත් ඒ නිසා තාත්තා කෙනෙකුගේ යුතුකම ඔහුගේ දුවව හොඳින් බලා කියා ගන්න එක නේද කියාත් වජිර දුණුසිංහට ලංවී විමසද්දී ඔහු කෙසේවත් ඊෂාගෙ තාත්තා වෙන්නේ නැති බව වජිරට පවසා සිටිනවා.

විශාල්ව මුණගැසෙන්නට යන ඊෂා ඔවුන්ගේ විස්තර කතා බහ කරමින් සිටින අතරේ එකපාරටම ඇයට ඔහුට යමක් කියන්නට තිබෙන බව කියමින් ඇය ඔහුට ඇගේ තාත්තා පිටරටකදී අනතරුකට ලක් වි මියගිය බව කියා තිබෙනවානේ කියාත් නමුත් ඔහු යළිත් ඇවිත් ඇති බවත් ඊෂා පවසනවාත් සමඟම එය ගසා එකපාරටම ගැස්සෙන් විශාල් , එය එසේ වෙන්නේ කොහොමද කියා කිසිවක් සිතාගන්නට බැරිව මෙන් ඊෂාගෙන් අසද්දී එය ඇයටත් තෙරෙන්නේ නැති බවත් ඔහු එහිදි නැතිවෙලා නැති බවත් ඔහු දැන් ලංකාවටත් ඇවිත් ඇති බව ඊෂා පවසනවා.ඉන්පසු ඔවුන් ඔහු නැතිවෙලා කියා සිතාගෙන සිටිද්දී එසේ ආවා කියන්නේ එක මාර දෙයක්නේ කියාත් ඔහු දැන් ඔවුන් සමඟින්ද සිටින්නේ කියාත් විශාල් අසද්දී මේ දේවල් ඔවුන් හිතනවා වගේ සරල දෙයක් නොවන බවත් ඔහුට යළිත් ඔවුන් සමඟින් සිටින්නට බැරි බවත් ඊෂා පවසමින් ඔහු ඒ රටේද හොරෙන් සිට ඇති බව පවසා සිටිනවා. එබැවින් ඔහු සහ ඔවුන් යළිත් කිසිදින එකතු වන එකක් නැති බවත් ඇය මේ සියළු දේ ඔහුට කිවේ එම පුද්ගලයා විශාල්ව සොයා කොයිම මොහොතක හරි එයි කියා සිතෙන නිසා බවත් ඊෂා පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *