සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.මේ වේලාවේ ලිහිණිව බලන්නට මානමලයකු එන බව දැනගැනීමත් සමඟම දෙමාව්පියන්ගේ තීරණයට අකමැති වෙනන්ට බැරි හෙයින් ඇයට ඊට කැමති වනව. නමුත් මේ වේලාවේ ඇය ඔවුන් නිසා ඊට කැමැති වුවද බලන අයට පෙන විදියට නම් ඇය තවමත් රදීෂ් ගැන සිතමින් සිටින්නේ. ඉතිං මෙලෙස ඇය පැත්තකට වී කල්පනා කරමින් සිටිනවා දකින ඇගේ අම්මා ඇය ළගට පැමිණ ඇය මෙතරම් කල්පනා කරන්නේ මොනවා ගැනද කියා විමසමින් ඇය එසේ කල්පනා කරන්නේ පාසලේ දේවල් ගැනද නැතිනම් අතීතයේ දේවල් ගැනද කියා අසද්දී ඒ හැමදේම ගැනම ඇය කල්පනා කරන බවත් කියද්දී ඇයට ඇත්තම කියන්න කියාත් ඇයට ඇගේ ජිවිතේ නැතිවුන දේවල් ගැන ඇය තවමත් දුක් වනවාද කියා ලිහිණිගේ අම්මා විමසද්දී ඇය එසේ නැහැ කිවොත් එක බොරුවක් වන බවත් තවමත් ඇය ඒ ගැන හිතන බවත් කියද්දී නැති වුන දේවල් ගැන හිත හිතා ජිවත් වන එක තේරුමක් නැති බවත් එවිට ඔවුන්ගේ ජිවිතය යළිත් පස්සට යන බවත් ලිහිණිට තේරුම් කර දෙනවා. ඉන්පසු ඇය ඇගේ ජිවිතේ පසුතැවෙන්නට ඉඩ තියන්නේ නැති බවත් ඇය කෙසේ හෝ ජිවිතය ඉදිරියටම ගෙන යන බවත් අම්මා සමඟින් පවසනවා.

උදේනිව මුණගැසෙන්නට පැමිණෙන අමීෂා, අනුහස් කෙලින්ම අක්ෂාගේ අසනීපය කුමක්ද කියා කියන්නට ඔවුන්ට අකමැති වුවද ඇය නම් කලින් සිටම අක්ෂාට තිබෙන්නේ කැන්සර් එකක් කියා දැනගෙන සිටිය බවත් මන්ද ඇයටත් තිබුණේ ඒ ලෙඩේමනේ කියාත් අමීෂා කියමින් ඇයට බය වෙන්නට එපා කියාත් මේ කරන ඔපරේෂන් එකෙන් පස්සේ අක්ෂාටත් සනීප වෙයි කියා ඇය පවසනවා.ඉන්පසු ඇයටත් අක්ෂාගේ මේ අසනීපය ගැන ඒ කාලයේ සිට දැනුන බවත් නමුත් ඒ කිසිදෙයක් ගැන අනුහස් කතා කරන්නට කැමති වුයේ නැති බවත් උදේනි පවසද්දී එය එසේ වෙන බවත් ඇයටත් ඒ ලෙඩේ තිබෙන බව දැනගත් විට මුළු ලෝකයට කඩා වැටුන බව දැනුන බවත් ඇය සිතුවෙත් ඇය මැරෙයි කියා බවත් නමුත් ඩිලාන් ඇය ළඟ හිඳගෙනම ඇයට ශක්තියක් වෙමින් ඇගේ හිත සුවපත් කල බවත් අමීෂා පවසනවා. ඇයට ඒ නිසා කලබල වෙන්නට එපා කියාත් රිපොර්ට් ආ පසු ඒවයි ප්‍රශ්නයක් තිබුනහොත් අක්ෂාව රට යවලා හරි ඇයව සනීප කරගමු කියමින් උදේනිගේ හිත හදන්නට උත්සහා කරනවා.ඉන්පසු ඇයත් අනුහස්ගෙන් මේ ගැන සැරින් සැරේ අහන්නේ නැතිව ඉන්නේ ඒ ගැන ඔහුගෙන් අහපු ගමන් ඔහු අවුල් වන නිසා බවත් නැතිනම් විස්තර ඔහුගෙන් දැනගන්නට තිබුණ බවත් උදේනි පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *