සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.මෙ වේලාවේ අශෝක් සමඟින් පැටලි තුවාල ලබා නිවසට පැමිණ සිටින රදීෂ්ව දැක ඔහු ළඟට කෝපයෙන් යුතුව පැමිණෙන ඩිලාන්, කෑගසමින් ඔහුට මොනවා හෝ ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ ගැන ඔහුට කියන්න කියා තිබෙනවා නේද කියාත් ඔහු මේ කරන වැඩේ තේරුම මොකද්ද කියාත් ඩිලාන් රදීෂ්ගෙන් විමසද්දී ඔහු මෙලෙස රදීෂ්ට බනින්නේ ඇයිද කියා ඔහු විමසනවාත් සමඟම ඔහු හැමදාම අශෝක සහ මේනක සමඟින් පැටලෙනන්ට යන්න එපා කියා තිබෙනවා නේද කියා රදිෂ්ගෙන් විමසද්දී ඔවුන්ගේ රණ්ඩුව දැක එතැනට දින එන අමීෂා ඩිලාන්ව එතැනින් අයින් කරමින් ඔහු මෙලෙස රදීෂ්ට බැන වදින්නේ ඇයිද කියා විමසද්දී ඔහු රදීෂ්ට හැමදාම මේනකලා සමඟින් පැටලෙන්නට යන්න එපා කියු බවත් නමුත් ඔහු කරන්නේම ඒ දේ කියාත් ඩිලාන් කේන්තියෙන් පවසද්දී අමීෂාද රදීෂ් දෙස බලමින් ඔහු මේ දෙව්මිගේ සහ අවන්තගේ වෙඩින් එක අත ළඟ තියාගෙන මේ කරන වැඩ වල තේරුම කුමක්ද කියාත් ඔවුන් සමඟින් පැටලෙන්නට යන්න එපා කියා ඔවුන් කියා තිබෙනවා නේද කියාත් අමීෂා රදීෂ්ගෙන් විමසද්දී මේ වේලාවේ කිසිවක් නොකියා ඔවුන් කියනා දේවල් අසා සිටි රදීෂ් , ඔුහ ඔවුන් සමඟින් රණ්ඩුවට ගියේ නැති බවත් ඔහු වාහනයෙන් ගෙදර එමින් සිටද්දී ඔහු එන මඟ හරස් කරමින් අශෝක ඔහුගෙන් ගේම ඉල්ලු බවත් රදීෂ් පවසා සිටිනවා.

මේ වේලාවේ ලිහිණිට ගෙදර වැඩක් කරගන්නට ඉඩ නොදී සැරින් සැරේ දුරකථන ඇමතුම් ලබා ගන්නා රදීෂ්ගෙන් ඔහුට මොකද්ද වෙලා තිබෙන්නේ කියාත් ඇය ගෙදර වැඩ කරන ගමන් සිටිද්දී ඔහු මෙලෙස ඇයට කරදර කරන්නේ ඇයිද කියාත් ලිහිණි කේන්තියෙන් මෙන් අසද්දී ඇයට ඔහුව කරදරයක් ද කියාත් මිනිස්සු මේ ඔහුට ඇය ගැන කියන කතා මොනවද කියාත් ඇයව බලන්න කවුරුන් හෝ මනමාලයෙක් එනවාද කියාත් ඔහු මෙතරම් ඇයට ආදරය කරද්දී ඇය කෙලෙසද වෙන කෙනෙකු සමඟින් විවාහ වෙන්නේ කියා රදීෂ් ලිහිණීගෙන් විමසද්දී  ඇගේ ගෙදරින් ඇයට එලෙස යෝජනාවක් ගෙන බවත් ඇය කොහොමද එය නවත්වන්නේ කියාත් ඇය සිටින්නේ කසාද බඳින වයසක නිසා ගෙදර අය ඇය ගැන බයෙන් ඉන්නේ කියාත් ඇයට ඔවුන් කරන දේ නවත්වන්නට හැකියාවක් නැති හෙයින් ඔහුට වැඩක් බලාගෙන පාඩුවේ ඉන්න කියාත්  ලිහිණි පවසද්දී වැඩක් බලාගෙන පාඩුවේ ඉන්නේ කෙසේද ඇය මෙලෙස කරද්දී කියාත් ඇය කෙසේද ඔහුට ආදරය කරද්දී තව කෙනෙකු ඉස්සරහට යන්නේ කියා රදීෂ් විමසනවා. ඔහුට මේවා තේරුම් කර දෙන්නට බැරි බවත් ඔහු ඉන්නේ ඒ දේවල් තේරුම් ගන්න පුළුවන් තත්ත්වයක නොවන බවත් ඇයට ගෙදරට ඔහුගේ සහ ඇගේ සම්බන්ධය තවම තිබෙනවා කියා කියන්නට බැරි බවත් ලිහිණි පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *