සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.මේ වේලාවේ අක්ෂා රදීෂ්ට ඇයව හමුවන ලෙස දැනුවත් කිරිමත් සමඟම ඇය හමුවන්නට පැමිණෙන රදීෂ් ලිහිණි ඇයව හමුවන්නට පැමිණ මොනවාද කිවේ කියාත් ඔහුට ඒ ගැන ඉක්මනින්ම දැනගන්නට අවශ්‍ය බවත් කියද්දී ඔහුට එලෙස හදිස්සි කරමින් අසන්නට එපා කියාත් ඉවසිමෙන් ඇය කියනා දේ අහගෙන ඉන්න කියාත් කියමින් ලිහිණි මොනවත් කෙලින්ම කිවේ නැති බවත් නමුත් ලිහිණි කතා කරන විදියෙන් එ කෙනාගේ හිතේ මොන වගේ දෙයක්ද තිබෙන්නේ කියා කියන්නට පුළුවන් බවත් ලිහිණිගේ හිතේ රදීෂ් ගැන තවමත් ආදරයක් තිබෙන බව ඇයට හොඳින්ම දැනුන බව කියද්දී රදීෂ් එකපාරට පුදුම වෙමින් ඔහුට කතා කර ගන්නට නොහැකිව ඇය දෙස බලා සිටියදී අක්ෂාද ඔහුට විහිළු කරමින් ලිහිණි ගැන කිවා විතරයි මුහුණ වෙනස් වුන හැටි බලන්න කියාත් කියද්දී රදීෂ් ගොත ගසමින් ඇය එය කෙලින්ම අක්ෂාට කිවාද කියාත් ඇය එතකොට තවමත් ඔහුව හිතින් අත් ඇරලා නැතිද කියාත් අසද්දී කෙනෙක් තව කෙනෙකුට ආදරය කරන්නට පටන් ගත් පසු එක් ලෙසියෙන් හිතෙන් අයින් කරන්නට බැහැ කියන දේ තේරුම් ගන්න කියාත් රදීෂ් අක්ෂා පැහැදිලි කර දෙනවා.

මේ වේලාවේ රදීෂ් එන මග මහ රැ හරස් කරමින් මොටර් සයිකලය තියාගෙන සිටින අශෝකව දුටු රදීෂ් වාහනය අතරමඟ නවතා ඔහු ළඟට පැමිණ බලා සිටිද්දී අශෝක රදීෂ්ට ලංවී ඔහුගේ උරිස්සට අත තබමින් ඔහු මේනකට ගේම දිලා ඔහු යහතින් ජිවත් වෙන්නට හිතාගෙන ඉන්නවා ඇති නේද කියා සිනාසෙමින් අසමින් ඔහු ඔවුන්ට ගේම දෙන්න මාර උත්සහායක් යෙදෙන බවත් ඔවුන් මේ ගේමට බහින්න කලින් ඔවුන්ට වොරින්න එකක දුන් බවත් නමුත් ඔවුන් ඒ කිසිවක් සතේකට ගනන් ගත්තේ නැති බවත් අශෝක පවසද්දී අශෝක වැනි කලකන්නියෙක් එකක් පැටලෙන්නට ඔහුට අවශ්‍යතාවයක් නැති බවත් කියනවාත් සමඟම ඔවුන් සිටින තැනට පොලු මුගුරුද රැගෙන පැමිණෙන පිරිස රදීෂ්ව වට කරගනිමින් ඔහුට පහර දෙන්නට උත්සහා කරද්දී රදීෂ්ද නිකන් බලා සිටියේ නැහැ. ඔහුද අශෝක සහ එම පිරිස සමග පොර බඳිමින් ඔවුන්ට පහරදී දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *