සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.මේ වේලාවේ අභිමන් සමඟින් කුරුළු ඔවුන්ගේ කම්පැනියේ ඇග්රිමන්ට් එකට අත්සන් කිරිමට ඔෆිස් කාමරයට පැමිණි අවස්ථාවේ එතැන අමායා නොසිටිම හේතුවෙන් කේන්ති යන අභිමන් සුබසිංහට කතා කරමින් කෝ අමායා කියාත් ඇයට එන්නට කිවේ නැතිද කියාත් ඔහුගෙන් අසද්දී ඔහු ඇයට එන්න කිවේ නැති බවත් නමුත් ඇය මිට්න් එකක් තිබෙන බව හොඳින්ම දන්නා බවත් ඔහු ගොස් ඇයට කතා කරගෙන් එන්නම් කියාත් කියමින් අමායාගේ ඔෆිස් කාමරයට ගොස් ඒ ගැන සුබසිංහ කියු විට ඇය කුමකටද එතැනට එන්නේ කියාත් ඇය ළඟ නම් ඇග්ග්‍රිමන්ට් එක තිබෙන්නේ ඇය සිටින තැනට ඔවුන් දෙදෙනාට එන්න කියන්න කියාත් අමායා ඉතා කෝපයෙන් යුතුව පවසනවා. ඉන්පසු ඔහු පැමිණ ඩොකියුමන්ට් සියළු දේ ඇය ළඟ තිබෙන හෙයින් අභිමන්ට සහ කුරුළුට එතැනට ඇය එන්න කියු බව සුබසිංහ පවසවාත් සමඟම අභිමන් කේන්තිය පාලනය කරගෙන ඉන්පසු ඇය සමඟින් අමායා ළඟට ගොස් කුරුළු ඇග්ග්‍රිමන්ට් එක සඳහා අත්සන් කරන්නට සූදානම් වෙද්දී කුරුළුට එහි ඉංග්‍රිසියෙන් තිබෙන දේවල් මොනවා හෝ තේරෙන්නේ නැතිනම් කියන්න කියාත් කියද්දී අභිමන්ට අමායා කියනා දේවල් ඉවසා ගත නොහැකිව අමායාට හැම වෙලේම වැඩක් පටන් ගත්තාම නෙගටිව් දේවල් කියන්න එපා කියාත් කුරුළුට වැඩේ එපා කරවන්නට එපා කියාත් අභිමන් පවසා සිටිනවා.

සැරින් සැරේ අදිත්‍ය කුරුළුගේ වැඩ වලට අත දැමීමත් සමඟම ඇය පසුපසින් සෑම විටම පැමණිමත් එකක් ඔහු සමඟින් කේන්තියෙන් සිටින කුරුළු ඇයට සැරින් සැරේ ඔහුට මේවා පැහැදිල කර දෙන්නට බැරි බවත් ඔහු මෙය තේරුම් ගන්න කියාත් පවසද්දී ඇයට එසේ වුවත් ඔහුට තේරුම් කරන්නට දේවල් තිබෙන බව අදිත්‍ය පවසමින් ඔහු කියන කරන හැමදේම ඇයට වැරදියටම පෙන්නේ ඇයිද කියාත් ඇගේ අම්මා ඔහුට කිවේ ඇයව පරිස්සමින් බලාගන්න කියා බවත් ඔහුට ඕන කරන්නේ ඒ විශ්වාසය රකින්න කියාත් අදිත්‍ය පවසද්දී ඔහුට ඒ විශ්වාසය රකින්න ඕන වුවත් ඔහු ඒසේ වු පොරොන්දු සියල්ලම රකින්න ඔහුට බැඳිලා නැති බවත් එය තේරුම් ගන්න කියාත් කුරුළු කේන්තියෙන් මෙන් පවසද්දී ඇය එසේ ඔහුට කතා කිරිම ගැන වේදනාවට පත් වු අදිත්‍ය ඇය දෙස අමුතුවට බලමින් එ කියන්නේ දැන් ඇයට ඇගේ අම්මා කියු වචන පවා වටින්නේ නැහැ නේද කියා අමුතුවට කියද්දී ඇගේ අම්මා ඔහුට කිවේ ඇය ගැස සොයා බලන්න කියා මිසක් ඔහුට ඇගේ නිදහස නැති කරන්න කියා නොවන බවත් කුරුළු පවසා සිටිමින් ඒ දෙකේ වෙනස තේරුම් ගන්න කියා කුරුළු අදිත්‍යගෙන් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *