සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.මේ වේලාවේ අභමින් ලොයිඩ්ගේ දැඩි ඉල්ලිම පරිදි කුරුළුව ඔහුට මුණ ගස්වන්නට ඔහුගේ නිවසට වෙත රැගෙන එන අවස්තාවේ කුරුළුව දකින ලොයිඩ් ඉතා සතුටින් යුතුව ඇයව වැලඳ ගනිමින් , නිලියක් වුනාට පස්සේ ඇයව අල්ලා ගන්නට තිබෙන අමාරුව කිය විහිළුවෙන් මෙන් කියමින් ඇය මේ ආත්මයේ ඔහුගේ දුවෙක් නොවුනත් ඇය කලින් ආත්මේක ඔහුගේම දුවෙකු වෙලා ඉන්නට ඇති කියාත් එ නිසයි ඇයට මෙතරම් ඔහු ආදරය කරන්නේ කියාත් ලොයිඩ් පවසද්දී ඇයටද එසේ බවත් ඇයටත් දැනුත් ඔහුව ඇගේම තාත්තා මෙන් දැනෙන බවත් කියමින් ආ ගිය විස්තර ගැන කතා කරමින් සිටිනවා. ඉතිං මෙසේ කතා කරමින් හිඳ ඉන්පසු යළිත් කුරුළු යළිත් සිය නිවසට යාමට සූදනාම් වෙද්දී ලොයිඩ් කාමරේ සිට කුමක් හෝ දෙයක් රැගෙන එමින් එය කුරුළුට ලබා දෙමින් එය ඇයට ඔහුගේ පුංචි තෑග්ගක් බවත් කියමින් එය කුරුළුට ලබා දෙද්දී එහි තිබෙන රත්රන් මාලය දකින කුරුළුට එය අදහා ගත නොහැකිව ඔහුට ස්තුති කරමින් අභිමන් සමඟින් නිවසින් පිටව යනවා.

මේ වේලාවේ කුරුළුට හමුවන්නට පැමිනෙන අදිත්‍ය,ඔහුට හදිසියේම රට යෑමට සිදුවන බවත් ඔහු එන තෙක් ඇයට පරිස්සමින් වැඩ ටික කරන්න ඉන්න කියාත් පවසමින් කුරුළුගේ ඔළුව අතගාන්නට හදද්දී ඇය එකපාරට ඈත් වෙමින් ඔහුට ඊට ඉඩ නොදෙද්දී අදිත්‍යද එය වැඩි ගානකට නොගෙන ඔහු නැ කියා ෂුටිං වැඩ අතපසු කරගන්න එපා කියාත් ඔහු ඉක්මනින්ම නැවතත් එන බවත් කුරුළුට පවසද්දී ඒ ගැන බය වෙන්නට එපා කියාත් ඇය බාරගත් හැම වැඩක්ම ඒ විදයටම හොඳින් කරනා බවත් ඔහු ගොස් ඔහුගේ වැඩේ කරගෙන එන්නට කියාත් කුරුළු අදිත්‍යට සුභ පතනවා.ඉන්පසු ඔහු ගිහින් එනන්ම් කියමින් කුරුළුගේ නිවසමින් පිටව යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *