සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.මේ වේලාවේ ඊෂාට ඇගේ උප්පැන්නේ තාත්තා ලෙස නම දමා තිබුණු පුද්ගලයා හමුවීමත් සමඟ ඒ පිළිබඳ වේදනාවෙන් අවුලින් සිටින ඊෂා උඳුල්ව සහ අලීව මුණගැසෙන්නට පැමිණ , ඇයට ඇගේ හිතේ තිබෙනා දේ ගැන කියන්න කවුරුත්ම නැති බවත් ඒ නිසායි ඔවුන් දෙදෙනාට මෙසේ එන්නට කිවේ කියාත් පවසද්දී කුමක්ද ප්‍රශ්නය කියාත් යළිවතාවක් විශාල් මොකක් හෝ ලෙඩක් දාගෙනද කියාත් අලී අසද්දී එය විශාල් ගැන ප්‍රශ්නයක් නොවන බවත් ඇය ඇගේ තාත්තා රට ඉද්දී නැති වුනා කියා ඔවුන්ට කියා තිබෙනවා මතකද කියාත් එසේ ඇගේ උප්පැන්නේට නම දැමු ඒ මනුස්සයා ලංකාවට ඇවිත් ඇති බවත් එලෙස ඔහු පැමිණි සියළුදෙනා සමඟින් ඔහු ඇගේ තාත්තා බව කියමින් යන බවත් ඔහුගේ නම උප්පැන්නේ තිබෙන හෙයින් ඇය නැ කියා කිවාට කිසිවෙකු එය විශ්වාස කරන්නේ නැති බවත් එම මනුස්සයා යළි මෙසේ එයි කියා සීයා තාත්තා කිසිසෙත්ම සිතා නැති බවත් මේ ප්‍රශ්නය නිසා අම්මාත් අවුලින් සිටින බවත් කියද්දී එ මනුස්සයා අගස්ති කියන්නේ ඇගේ ඇත්තම තාත්තා කියා දන්නවාද කියා උඳුල් විමසනවා.  ඉන්පසු ඇය නම් ඒ ගැන හරිහැටි නොදන්නා බවත් ඇයට සියළුදේ එපා වී තිබෙන බවත් කියා ඇය ඇයටම චොදනා නග ගනිද්දී උඳුල් ඇය ළඟට ලංවෙමින් ඔළුව අතගාමින් ඇගේ හිත හදමින් ඇයට කිසිදේකට බය වෙන්නට එපා කියාත් ඇගේ ඕනම ප්‍රශ්නයකට ඔවුන් සිටිනා බවත් උඳුල් පවසා සිටිනවා.

මේ වේලාවේ අගස්ති සහ වසන්ත කතා කරමින් සිටිද්දී එකපාරටම ඒ අසලට ඊෂාගෙ තාත්තා බව කියන පුද්ගලයාවද රැගෙන අගස්ති අසළට පැමිණෙන සජීව දකින වසන්ත අගස්තිට සුජී එන බවත් ඔහුට කටවහගෙන පාඩුවේ කියන දෙයක් අසාගෙන ඉන්න කියාත් රහසින් මෙන් පවසනවා. ඉන්පසු ඔවුන් එන දෙස බලා සිටන වසන්තගෙන් ඔවුන් දැන් ඔහුව හලලාම දාලා නේද කියා සුජි අසද්දී එසේ නැති බවත් ඔහුත් මේ අගස්තිව හමුවී ගොඩ කලකට පසුයි මෙසේ කතා කරන්නේ බවට බොරු කියද්දී අගස්ති අනිත් පුද්ගලයාට අත දිගු කරමින් අගස්තිට ඔහුව දැක පුරුදු බව කියද්දී ඔහු සමගින් සෙල්ෆි එකක් ගත්තා මතක නැතිද කියා අසද්දී නමුත් වජිර ඇගේ දුවගේ නම කිවහොත් අගස්ති ගොඩක් අවුල් යයි කියා සුජී ඔහුව අවුස්සමින් කියද්දී අගස්ති සිනාසෙමින් ඔහු අවුල් යන්නේ ඇයිද කියාත් දුවගේ නම කුමක්ද කියාත් වජිරගෙන් අසද්දී ඔහු අමුතුවට සිනාසෙමින් ඊෂා දුණුසිංහ බව කියනවාත් සමඟම අගස්ති අදහා ගත නොහැකිව කිසිවක් හිතාගන්නට බැරිව නිහඬ වී මඳ වේලාවක් සිටිනවා.ඒ වේලාවේ ඔවුන් දන්නා විදියට ඊෂාගේ තාත්තා රටකදී අනතුරකට ලක් වී මැරුණ බව වසන්ත පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *