සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.ඊෂා තනිව සිටිනවා දැක ඇය ළඟට පැමිණෙන ඇය නොහඳුනන පුද්ගලයකු ඇයට කතා කරමින් ,ඇය ඊෂා දුණුසංහ නේද කියා විමසමින් ඇය ඉතාම ලස්සනට රයිසින් ස්ටාර් එකේ ගීත ගායනා කරන බවත් ඔහු ඒවා බලන බවත් එමෙන්ම ඔහු ලංකාවට ආවේ ළඟදී බවත් ඊෂාට කියමින් ඇය මෙතන තනිව මොකද්ද කරන්නේ කියා අසනවා. ඒ අවස්ථාවේ ඊෂා ඔහුට ඇය යළුවකු එනකන් සිටිනවා අංකල් කියා පැවසීමත් සමඟම ඔහුට ඇය සමඟින් සෙල්ෆි එකක් ගන්නට පුළුවන්ද කියා අසනවා. එය ගැනීමෙන් අනතුරුව ඇගේ අම්මාගේ නම සමාධි දුණුසිංහ නේද කියා අසද්දී ඊෂා පුදුම වෙමින් මෙන් ඔහු ඇයව හඳුනනවාද කියා ඔහුගෙන් විමසද්දී ඔහු ඇයව හොඳින්ම දන්නා බවත් කියද්දි එය එසේ ද කියාත් ඇය ඔහුව හමුවු බව සමාධිට සහ ඇගේ සීයාට කියන්නම් කියමින් ඔහුගේ නම කුමක්ද කියා ඊෂා විමසනවා. එ අවස්ථාවේ ඔහු වජිර දුණුසිංහ බව කියනවාත් සමඟම ඊෂා ගැස්සෙමින් බයවී ඔහු දෙස බලා සිටිද්දී ඇගේ උප්පැන්න සහතිකයේ ඔහුගේ නම තියනවා නේද කියා කියමින් ඔවුන්ට බොහෝ දේ කතා කරන්නට තිබෙව බවත් ඔවුන් යළිත් ඉක්මනින්ම හමුවෙමු කියාත් කියමින් ඇය ඇගේ සීයාට ඔහුව මුණගැසුණු බව කියන්න කියාත් වජිර ඊෂාට කියා සිටිනවා.

මේ වේලාවේ ඊෂා සිදු වු දේ ගැන දුණුසිංහට සහ සමාධිට කීමෙන් පසු ඔවුන් ඒ ගැන කතා කරමින් සිටිද්දී සමාධිට එකපාරටම නොහඳුනන දුරකථන අංකයකින් ඇමතුමක් ලැබෙනවා. ඒ අවස්ථාවේ මේ කතා කරන්නේ සමාධිද කියා විමසමින් ඇය ඔහුව දැකලා නම් නැතුව ඇති නමුත් මේ කතා කරන්නේ ඇයට සමීපතම කෙනෙකු බවත් ඔවුන් දෙදෙනාගේ දුව එතැන සිටිනවාද කියා වජිර අසනවාත් සමඟම කවුරුන්ද කතා කරන්නේ කියා සමාධි ඔහුගෙන් අසද්දී ඒ කතා කරන්නේ ඇගේ දුවගේ තාත්තා බව ඔහු පවසනවා.ඉන්පසු සමාධිගේ දුරකථන දුණුසිංහ උඳුරා ගනිමින් ඔහු බැනවදිද්දි වජිරද ඔහුව විහිළුවට ගනිමින් අනංමනං කියමින් දුරකථන නොකියාම කට් කරනවා. ඉනපසු සමාධි හඩා වැටෙමින් දුණුසංහව වැළද ගනිද්දී ඇයට බය වෙන්නට එපා කියාත් ඔහු මේ ගැන බලා ගන්නම් කියාත් කියමින් ඇගේ හිත හදන්නට උත්සහා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *