සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.මේ වේලාවේ විශාල් ඇඳුම් කඩයකට වී ඔහුට ඇඳුම් තෝරමින් සිටියදී ඔහුව අහම්බයෙන් මෙන් දකින අචිනිගේ තාත්තා වන දිල්ෂාන් ඔහු සමඟින් රණ්ඩුවට යන්නට හදද්දී ඔහුට යනන්ට එපා කියා අචිනිගේ අම්මා නවත්වන්නට උත්සහා කලද ඔහු ඒ කිසිවක් නොඅසා විශාල් ළඟට යනවාත් සමඟම දිල්ෂාවන්ව දකින විශාල් ඔවුන්ගෙන් කොහොම ද කියා විමසද්දී  දිල්ෂාන් සැරෙන් මෙන් ඔහු හිතාගෙන ඉන්නේ ඔවුන් හොඳින් ඉන්නවා කියාද කියා ඔහුගේ අසද්දී විශාල් අචිනිගේ අම්මාගෙන් අචිනි ඔවුනට කතා කරාද කියා අසනවා.ඉන්පසු ඊට දිල්ෂාන් පිළිතුරු දෙමින් ඔවුන් කොහොම අචිනි ඉන්නා තැන ගැන දන්නේ කියාත් බොරුවට ඔහුට බබා වගේ රඟපාන්නට එන්නට එපා කියාත් ඇය ඉන්නකන් ඇයව ඔහු විසින් හුරා කෑ බවත් දැන් බොරුවට තොත්ත බබෙක් වෙන්න හදන බවත් දිල්ෂාන් පවසද්දී ඔහු මොනවා කරන්නද කියාත් අචිනි එවැනි දෙයක් කරන්නට යනවා කියා ඔහු දන්නවා නම් ඔහු කොහොමටවත් ඇයට එය කරන්නට දෙන්නේ නැති බව විශාල් පවසනවා.ඒ වේලාවේ ඔහුට ඇය ගැන පොඩි හරි ආදරයක් තිබුනා නම් එම පැමිණිල්ල දැමු කෙනා ඔහු සොයාගෙන ඔවුන්ට කියා පැමිණිල්ල අයින් කරවා ගන්නට ඕනේ කියාත් දිල්ෂාන් පවසද්දී එම පැමිණිල්ල දැම්මේ කවුද කියා ඔහු දන්නේ නැති බව විශාල් පවසා සිටිනවා.

අලි සහ උදුල් පාරේ ඇවිද යමින් සිටින අවස්ථාවේ ඔවුන්ව අහම්බයෙන් මෙන් දකිනා විපුල වාහනය පාරේ අයින් කර නවත්වමින් වහනයෙන් බැස ඔවුන් ළඟට පැමිණ, ඔවුන් කොළඹ මොනවාද කරන්නේ කියා අසද්දී ඔවුන් වැඩට යන බව උදුල් කියනවාත් සමඟම ඒ කොහේද වැඩ කියලා විපුල විමසද්දී ඔහු ළමයින්ට සංගීතය උගන්වන්නට යන බව කියද්දී උඳුල්ගේ රැකියාව පහතට දමමින් අමුතුවට සිනාසෙමෙින් එ ළමයින්ගෙත් ඔළුව නරක් කරන්නට ඔහු යනවාද කියා විපුල අසමින් සංගතීය කරලා කාටද හරි ගියේ කියා උදුල්ගෙන් අසද්දී ඔහු දෙස කේන්තියෙන් මෙන් බලනා උඳුල්, එතකොට විශාල් සංගීතය කරලා නෙමෙයිද ඉස්සරහාට ගියේ කියලා උඳුල් අසනවාත් සමගම විශාල් මියුසික් කරන එක හරි බවත් නමුත් ඔහුට එය මාකර්ට් කරනා බවත් ඔහු මෙන් විශාල් ගීටර් උල උල පාරවල් ගානේ මෙසේ ඇවිද ඇවිද වත් ඔහු ඉන්නේ නැති බව විපුල පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *