සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.මේ වේලාවේ මේනකව හමුවන්නට යන ඩිලාන්, ඔවුන් අතර ගොඩක් ප්‍රශ්න තිබුණු බවත් ඔවුන් ඒ සියළු දේ නීතිමය වශයෙන් ඔප්පු කර පෙන්වා ඉවර බවත් එ නිසා දැන් ඔවුන් අතරේ ප්‍රශ්න තිබෙන්නට බැරි බවත් ඔහු මේනකව හමුවන්නට ආවේ කාරණා කිහිපයක් ගැන කියා යන්න බවත් ඩිලාන් පවසද්දී ඒ මොනවාද කියා එසේ නම් කියන්න කියා මේනක පවසනවා. ඉන්පසු ඔහුගේ මේ දිගින් දිගටම ඇති වෛරයට ඔහුගේ පුතා වන රදිෂ්ව සම්බන්ධ කරගන්න එපා කියා කියලා යන්නයි ඔහු ආවේ කියාත් එවගේම ඊළඟ කාරණාව නම් මින් පසු ඔහුගේ පවුලේ අවන්තවවත් අනුහස්වවත් කිසිම දේයකට සම්බන්ධ කරගන්න එපා කියන දේත් ඔහුට කියන්නට ඕන වුන බවත් මේ ප්‍රශ්න දැන් හොඳටම ඇති කියාත් ඔහු කියනා දේ තේරුම් ගෙන ඔවුන්ට පාඩුවේ නිදහසේ ඉන්න දෙන්න කියාත් ඩිලාන් පවසද්දී කිසිවක් නොකියා ඩිලාන් කියනා දේවල් අසා සිටි මේනක අමුතුවට හිනාවක් දමමින් ඔවුන් ළඟ ඔහුට විරුධව තිබෙනවා කියු සාක්ෂි තිබෙනවාද කියාත් අසද්දී ඩිලාන් ද සිනාසෙමින් ඒ ගැන පස්සේ අපි බලාගමු කියාත් ඔහුට කියන්න තිබෙන්නේ ඔවුන්ගේ පාඩුවේ ඔවුන්ට ඉන්න දෙන්නට කියා බවත් ඔහු තවදුරටත් මෙය ඇඳගෙන ගියාහොත් මේනකට විරුද්ධව ක්‍රියා කරන්නට ඔහුට සිදු වන බවටත් ඩිලාන් තර්ජනය කරමින් එතැනින් පිටව යනවා.

මේ වේලාවේ රවිගේ සොහොන ළඟට ගොස් ඔහුගේ මතකය ගැන අවදි කරමින් හඬමින් සිටින උදේනිව දකින අමීෂා ඇයට කතා කරමින් ඇය මොනවාද මෙතරම් කල්පනා කරන්නේ කියාත් ඇයට රවි නිසා ඇගේ ජිවිතේට සිදු වු දේවල් ගැනද ඇය මෙසේ හඩමින් කල්පනා කරන්නේ කියා අමීෂා අසද්දී එහෙම දෙයක් ගැන ඇය කොහෙත්ම සිතුවේ නැති බවත් ඇය සිතුවේ රවී නිසා ඇගේ ජිවිතෙට හමුවු දේවල් ගැන බවත් ඒ අනුහස් බවත් අනුහස්ගෙන් ඇය දැන් ලබන ආදරය ගැන ඇයට මතකයට නැගුන බවත් වේදනාවෙන් යුතුව උදේනි පවසද්දි උදෙනි තවමත් තමන් සමඟින් තරහින්ද සිටින්නේ කියා අමිෂා විමසමින් ඇය රවිව අගෙන් උදුරගත්තා කියා ඇයට පොඩි හරි කේන්තියක් තිබෙනවා කියා අසනවා.ඉන්පසු ඇයගේ හිතේ එසේ කිසිම තරහක් නැති බවත් ඇය එතැනට ආවේ තනියම ද කියාත් උදේනි විමසද්දී ඩිලාන් ඇයව මෙතනට පැමිණ ඇරලු බවත් හවසට ඇයව ගන්නට ඔහු යළිත් එයි කියාත් අමීෂා පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *