සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.ඩිලාන් සමඟින් යළිත් ලිහිණිගේ ප්‍රශ්නය ගැන කතා කරමින් සිටින රදීෂ්, ඔහු ලිහිණිට ඔහුගේ අම්මා සහ අක්කා දැන් ලංකාවේ නැති බවත් එ නිසා තිබුණු ප්‍රශ්න වලින් බාගෙට බාගටක් ඉවර වී ඇති බව තේරුම් කර දුන් බවත් නමුත් ඇය ඒ හැම අවස්ථාවකම කියන්නේ අම්මලා එසේ ලංකාවේ නැති වුවත් එම ප්‍රශ්නය තවමත් විසඳී නැති බව බවත් එගේම ඇය ඇගේ අම්මාට සහ තාත්තාට ඔවුන්ගේ හිත රිදෙන කිසිවක් ඇය කරන්නේ නැති බවට පොරොන්දු වී ඇති බවත් රදීෂ් පවසද්දී , ලිහිණි කියනා දේ ඇත්තක් තිබෙන බවත් මන්ද රමණි ලංකාවෙන් ගියා කියා ප්‍රශ්නය විසදුනේ නැති බව ලිහිණි හොඳින්ම දන්නා බවත් ඩිලාන් කියද්දී ඔහු දැන් මේ සඳහා කල යුත්තේ කුමක්ද කියා කියන්න කියා රදීෂ් ඉල්ලා සිටිනවා. ඉන්පසු මේ ප්‍රශ්නය සඳහා ඔහුට උත්තරයක් දිය නොහැකි බවත් එ සඳහා ඇගෙන්ම තමයි උත්තරයක් සොයා ගත යුත්තේ කියා ඩිලාන් පවසා සිටිනවා.

ටීෂාගේ ප්‍රශ්නය ගැන කතා කරන්නට දෙව්මිගේ අයියාව හමුවන්නට පැමිණෙන අවන්ත, ඔහු අවන්තට කිසිවක් ගැන නොකිවදී සියළු දේ ගැන ඔහුට ආරංචි වු බවත් දෙව්මිත් ඔහුට එ ගැන නොකියා ඉන්නට උත්සහා කල බවත් ඒ නිසා එ ගැන ටිකක් කතා කරමු කියා අවන්ත දෙව්මිගේ අයියාගෙන් ඉල්ලා සිටිනවා. එත් සමඟම මේ ප්‍රශ්නය ඔහුගේ ප්‍රශ්නයක් බවත් ඔවුන් මේක ඔහු නිසයි නිකන් කරේ දාගත්තේ කියාත් කියද්දී ඔවුන් එසේ එම ප්‍රශ්නය කරේ දාගත්තේ නැති බවත් මෙය වෙනම ප්‍රශ්නයක් බවත් දෙව්මිගේ අයියා අවන්තට තේරුම් කර දෙමින් මේ ප්‍රශ්නය ඔවුන් විසඳගන්නම් කියාත් එතෙක් ඔහුට පැත්තකට වී සිටින්න කියාත් ඔහු ඉල්ලා සිටිද්දී දෙව්මි කියන්නේත් ඔහුට ඒ ටිකම බවත් නමුත් ඔහුටත් මේ ගැන දැනගන්නට අයිතියක් තිබෙනා බවත් මන්ද ඔවුන් එක්ක ඔහුද ගේම ඉල්ලු බවත් කියද්දී එය ඔහු දන්නා බවත් නමුත් විවාහය අත ළඟ තියෙද්දී ඔහු මේවාට පටලැවෙන එක හරියන්නේ නැති බවත් ඒ නිසා එය තේරුම් ගන්න කියාත් අවන්තගෙන් දෙව්මිගේ අයියා ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *