සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.මේ වේලාවේ උදේනිගේ නිවසට ලිහිණි පැමිණ සිටි අවස්ථාවේ අහම්බයෙන් මෙන් එතැනට පැමිණෙන ආනන්ද, ඇය නේද ලිහිණි කියන්නේ කියාත් ඇය නේද රදීෂ්ව විවාහ කරගන්නවා කියා ඔහුව රැවටුවා නේද කියාත් ලිහිණිව බය කරමින් අසමින් ඇය මේ කරන දේ බොහෝම බරපතළ වැඩක් බවත් ඔහු කිසිදින ලිහිණි වගේ කෙනෙකුගෙන් මෙවැනි දෙයක් බලාපොරොත්තු වුනේ නැති බවත් ආනන්ද ඇයව තව තවත් කලබලයට බයට පත් කරවමින් පවසද්දී ලිහිණිට ඔහු එලෙස විහිළුවෙන් කියනා දෙවල් ඇත්තටම කියනා දේවල් කියා සිතා එය දරා ගැනීමට නොහැකිව ඇයගේ දෑස් වලින් කඳුලු වැටෙන්නට පටන් ගන්නවා. ඉන්පසු හොඳ වේලාවට අනුහස් නම් එයින් බේරුණු බවත් අක්ෂා නම් හොඳ කෙල්ලෙක් බවත් ඔවුන් හොඳින් ඉන්නා බවත් ආනන්ද පවසා සිටිනවා. ඉතිං ඔහු මෙලෙස ඒ ගැන කියමින් ලිහිණිගෙන් ඇගේ හිතේ තිබෙනා දේ ගැන දැනගන්නට උත්සහා කලද ලිහිණි කිසිවක් නොකියාම හඩමින් සිටිනවා.

ආනන්දට දුරකථන ඇමතුමක් ලබා ගන්නා ඩිලාන්, ඔහුට කතා කරන්නටත් බැරි වුන බවත් ඊට සමාව දෙන් ලෙසත් මේ දිනවල ඔෆිස් එකේ සියළු වැඩ ඔහුගේ කරපිට පැටලිලා බවත් එ නිසා කතා කරන්නටවත් බැරි වුන බවත් කියමින් දැන් මේකගේ ප්‍රශ්නයට මොකද වුනේ කියා ආනන්දගෙන් විමසනවා.ඉන්පසු ආනන්දට මඳ වේලාවක් කල්පනා කර ඉන්පසු තවම ඒ ගැන හරි විස්තරයක් ඔහුට සොයා ගැනීමට බැරි වුන බවත් ඔහුගෙ ගරාජ් එකට ගැහුවේ කවුද එහි පිටිපස සිටින්නේ කවුරුන්ද යන වග ගැන ඔහු මේ වෙද්දී සොයාගෙන ඉන්නේ කියාත් කියද්දී මේනකගේ හොල්මන් තවමත් ඔවුන්ගේ ඔෆිස් එක තුළත් සැරිසරන බවත් ලඟදීත් ඔහුගේ ගෝලයකු ඔෆිස් එකේ හොරකමට හසුවු බවත් ඩිලාන් පවසා සිටිනවා.ඒ වේලාවෙ එය ඇත්ත බවත් තවමත් මේ සිදුවන සියළු දේ පිටුපස මේනක සිටින බවත් එය ඔහුට හොඳටම විශ්වාස බවත් ආනන්ද පවසද්දී එ නිසාම තමයි ඔහුට බය කියාත් මන්ද මේ ප්‍රශ්නයකම කොනක රදීෂුත් සිටින හෙයින් ඔහුට ඒ ගැන තිබෙන්නේ ලොකු බයක් බවත් ඩිලාන් පවසමින් පුළුවන් නම් රදීෂ්ගේ පස්සේ ඔවුන් තවමත් පන්නන්නේ ඇයිද කියා සොයා බලන්න කියා ආනන්දට ඩිලාන් පවසනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *