සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.කුරුළු සමඟින් කතා කරන්නට රෙෂ්මා ඇය ළඟට පැමිණි මොහොතේ ඇයට එදින නිවාඩු හෙයින් ඇය අභිමන්ගේ ඔෆිස් එකට යන බව කුරුළු පවසද්දී රෙෂ්මා ඇය දෙස අමුතුවට මෙන් බලමින් ඒ කුමකටද කියාත් නිවාඩුවක් ලැබුන ගමන් ඇය එහෙ යන්නේ ඇයිද කියාත් කුරුළුගේ විමසද්දී කුරුළු ලැජ්ජාවෙන් මෙන් ඇය යන්නේ අභිමන් සමඟින් වැඩක් ගැන කටයුතු කරන්නට බව කුරුළු පවසනවා.ඉන්පසු රෙෂ්මා සිනාසෙමින් ඇය එසේ යන්නේ ඇත්තටම වැඩක් ගැන කතා කරන්නටද නැතිනම් වෙන කුමකට හරිද කියා අසමින් කුරුළුට විහිළු කරන්නට පටන් ගන්නවා. ඉන්පසු කුරුළු සිනාසී යළිත් ලැජ්ජාවෙන් මෙන් එහෙම දෙයකට නොවන බවත් අභිමන්ට ඉන්ටර්නැෂනල් ප්‍රොජෙක්ට් එකක් ලැබී ඇති බවත් එකේ මොඩ්ල් කෙනෙකු විදියට අභිමන් ඇයව තෝරාගෙන ඇති බවත් සතුටින් යුතුව පවසමින් එහි ඇග්‍රිමන්ට් එක අවුරුදු පහක් බවත් ඇයට හිතෙන විදියට එය ලොකු ප්‍රොජෙක්ට් එකක් බවත් පවසද්දී රෙෂ්මාද සතුටින් යුතුව අභිමන්ට තවමත් ඕනෑ ඇයව උඩට අරගන්නට බවත් පවසනවා.

ඔෆිස් එකේ වැඩ කරමින් සිටින අමායාට එතපාරටම නොදන්නා දුරකථන අංකයකින් දුරකතන ඇමතුමක් ලැබෙනවා. ඒ අවස්තාවේ එම පුද්ගලයා ඇය සමඟින් කටහඩ වෙනස් කර කතා කරමින් , ඒ කතා කරන්නේ ඇය පුංචි කාලේ සිටම දන්නා හඳුනනා මාමා කෙනකු බවත් ඒ කාලේ සිටම ඔහු ඇගෙ තාත්තා සහ අම්මලා සමඟින් එතට හිටිය අය බවත් කියද්දී ඔහු එසේ කීවත් ඇය ඇගේ තාත්තාගෙන් ඒ ගැන විමසුවද ඔහු එවැනි කෙනෙකුව නොදන්නා බව ඇයට කී බව අමායා පවසනවා. ඉන්පසු ඇය එසේ කියද්දී ඇය කෙසේද තාත්තාගෙන් ඒ ගැන ඇසුවේ කියාත් මන්ද මෙ වෙද්දී ඇගේ තාත්තා ජිවතුන් අතර නැහැනේ කියාත් එම පුද්ගලයා පවසද්දී එහෙම වෙන්නේ කොහොමද කියා කලබල වී අමායා ඔහුගෙන් අසද්දී එම පුද්ගලයා ගොත ගසමින් ඒ ගැන ඔහු ඇයව හමුවු අවස්තාවකදී කියන්නම් කියා කියමින් දුරකථනය තියනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *