සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.මේ වේලාවේ අභිමන් සමඟින් කුරුළු ගැන කතා කරමින් සිටින ලොයිඩ් ඇගේ අලුත්ම නාට්‍ය ගැනත් ඔහුට එම නාට්‍ය ගැන තිබෙන කැමැත්ත ගැනත් කතා කරමින් සිටින අතරතුරේ ඔහුට කුරුළුව  මුණගැසීමට අවශ්‍ය බවත් ඇයට ඔවුන්ගේ නිවසට එන ලෙස දැනුම් දෙන්න කියාත් අභිමන්ට පවසමින් ඇය නිවසට එනවාට ඔහුගේ අකමැත්තක් නැහැ නේද කියා විමසනවා.ඉන්පසු අභිමන් සිනාසෙමින් ඔහු කුමකටද ඇය එනවාට අකමැති වෙන්නේ කියාත් ඔහුට එය ප්‍රශ්නයක් වෙන්නේ නැති බවත් අභිමන් පවසමින් ඇය ඔහුට කතා කර බලන්නම් කියා අභිමන් පවසනවා. එ වේලාවේ එසේ නම් ඇයව ඉක්මනින්ම ඔහුට මුණගස්වන්න කියාත් පරක්කු වී දුක් වනවාට වඩා ඇය ඉක්මනින්ම ඔහුට හමුවන්නට එන එත තමයි හොඳ කියාත් කියද්දී ඔහු කියනා දෙ නොතේරුණ අභිමන් ඔහු කියන්නේ මොකක්ද කියා ඔහුට තෙරෙන්නේ නැති බව කියනවා. ඉන්පසු ලොයිඩ් සිනාසෙමින් ඒ ගැන ඇය ඔහුව හමුවන්නට ආවයින් පසුව දැනගන්නට ලැබෙයි කියා අභිමන්ට පවසනවා.

මේ වේලාවේ කුරුළු ළඟට පැමිණෙන රෙෂ්මා, අදිත්‍ය එදින ඔවුන්ගේ නිවසට පැමිණි බවත් ඔහු එදින මංගල යෝජනාවක්ද රැගෙන ආ බවත් සිනාසෙමින් පවසද්දී ඒ ගෙනාවේ රෙෂ්මාටද කියා කුරුළු විහිළුවෙන් මෙන් විමසද්දී ඇය දන්නේම නැද්ද ඔහු එම යෝජනාව ගෙනාවේ කටද කියා බවත් ඔහු කෙලින්ම ඔහු කුරුළුට කැමැති බවත් ඇයව විවාහ කරගන්න කැමති බවත් ඇය ඒ ගැන මොනවාද කියාන්නේ කියා විමසු බවත් රෙෂ්මා පවසනවා. එය අසා කුරුළු අකමැත්තෙන් මෙන් ඇය මොනවාද එවිට කිවේ කියා විමසද්දී කුරුළු ඔහුට කැමති නම් ඇයට ඒය ප්‍රශ්නයක් නැති බව අදිත්‍යට පැවසු බවත් කියද්දී ඇය එසේ කිවේ ඇයිද කියාත් ඇයට කියන්නට තිබුණේ කුරුළු කැමති වුවත් ඇය නම් මීට කැමති වන්නේ නැහැ කියා බව බවත් කුරුළු පවසද්දී අදිත්‍ය වගේ කෙනෙකු එවැනි යෝජනාවක් ගෙනාවිට ඇයට පුළුවන්ද එසේ මුණට කියන්න බවත් ඔහු ඔවුන් වෙනුවෙන් බොහේ දේ කර තිබෙන බවත් එහෙම එකේ ඇය එසේ කියන්නේ කොහොමද කියාත් රෙෂ්මා පවසද්දි ඔහු එසේ මුදල් වියදම් කරා කියා ඇගේ ජිවිතය ඇයට එසේ සින්න කරන්නට බැරි බවත් ඇය අදිත්‍ය ගේ ගතිගුණ වලට කැමති නැති බවත් කෙලින්ම කුරුළු රෙෂ්මා සමඟින් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *