සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.මේ වේලාවේ අලුතින් කම්පැනියට ලැබුණු ප්‍රොජෙක්ට් එක ගැන කතා කිරිමට අභිමන් හමුවන්නට පැමිණෙන අමායා, ඔවුන් එම ප්‍රොජෙක්ට් එක හරියට කරගතහොත් හොඳයි කිය කියද්දී ඔවුන්ට එය කරගනන්ට පුළුවන් බවත් බය වෙන්නට එපා කියාත් පවසමින් ඔහුට ඇයට යමක් කියන්නට අමතක වුන බවත් ඔවුන්ගේ අනිත් වැඩේට කුරුළුගේ ෆොටෝ ෂුට් එකක් කර යවන්නට ඕන බවත් ඒ නිසා ඔහු ඇයට එදින එන්නට කියු බවත් නමුත් ඇයට එදින් ෂුටිං වැටි ඇති නිසා එනන්ට වෙන්නේ නැති බවත් කියද්දී අමායා අකමැත්තෙන් මෙන් එම ෂුට් එකට කුරුළුව කුමකටද කියා අභිමන්ගෙන් විමසමින් කුරුළුව බොරුවට මෙවැනි දෙයකට මහන්සි කරවන්නට එපා කියාත් ඇය හිතන විදියට කුරුළු ඊට කැමති වෙනකක් නැති බවත් අමායා පවසද්දී ඇය එසේ කියන්නේ ඇයිද කියාත් කුරුළු ඊට අකමැති වෙන්නේ ඇයිද කියාත් අමායාගෙන් විමසනවා.එ වේලාවේ ඔවුන් ඉල්ලා සිටින්නේ අලුත් කෙනෙකු නොවන බවත් ක්ෂේත්‍රයේ අත්දැකීම් තිබෙන කෙනෙකු බවත් අමායා කියද්දී කුරුළු මේ වෙද්දී ෆෙමස් කෙනෙකු බවත් ඒ නිසා එහි තිබෙන ප්‍රශ්නය කුමක්ද කියාත් අසා සිටිනවා. මේ වේලාවේ අමායා කුරුළු ගැන හිතේ තිබුන අකමැත්ත සඟවන්ට හැදුවද ඇය කතා කල දේ තුළින් ඇයගේ හිතේ කුරුළු ගැන කුමක් හෝ අකමැත්තක් තිබෙන බව අමායාට තේරුණා. ඉතිං මේ වේලාවේ අභිමන් දිගින් දිගටම කුරුළුව එ සඳහා යොදවා ගන්නට තීරණය කිරිම හේතුවෙන් ඒ පිළිබඳ කේන්ති ගිය අමායා ඔහු වැඩක් නැති වැඩ කර ප්‍රොජෙක්ට් එක අවුල් කරන්නට හදනන් එපා කියාත් එසේ වුවහොත් එයින් ප්‍රශ්නය වන්නේ ඔහුට නොව ඇයට බව කියමින් එතැනින් යන්නට යනවා.

ඉතිං මේ වේලාවේ කුරුළුව නිවසමින් ඇරලවන්නට පැමිණෙන දෙව් ඔවුන්ගේ නිවස ඇතුළට පැමිණ විස්තර කතා කරමින් සිටින අතරේ එකපාරටම අදිත්‍ය ඔහු සිටිනා බව නොදැන කුරුළුගේ නිවසට පැමිණෙනවා. මේ වේලාවේ දෙව්ව දකින අදිත්‍ය තරහෙන් මෙන් ඈතට වී බලා සිටින අතරේ රෙෂ්මා ඔහුව දැක එළියේ ඉන්නේ ඇයිද කියාත් ඇතුළට එන්නට කියාත් පවසනවා. ඉන්පසු එලෙස නිවස ඇතුළට පැමිණෙන අදිත්‍ය දෙව් ළඟින් වාඩෙි වෙමින් ඔහු මොකද මෙහේ කියාත් ඔහුට වැඩ නැතිද කියාත් අමුතුවට මෙන් විමසද්දී වැඩ නම් තිබෙනවා ඔහු එසේ ඇහන්ට හේතුව කුමක්ද කියාත් අසද්දී ඔහු එක්කෝ පාරවල් ගානේ රස්තියාදු වන බවත් නැතිනම් ගෑනු ඉන්න ගෙවල් ගානේ ඉන්න බවත් කියද්දී ඔහුගේ හැසිරිම බලා සිටිමට නොහැකි වු කුරුළු මැද්දට පනිමින් ඔවුන් ෂුටිං ඉවර කර මෙසේ ආ බව කියද්දී අදිත්‍ය අමුතුවට මෙන් එකත් එහෙමද කියා අසමින් දෙව් ටිවි එකේ රඟපානවා ඔහු ලොකුවට දැකලා නැති බව අදිත්‍ය පවසනවා. මේ වේලාවේ අදිත්‍ය අමුතු කෙනෙකු බව දන්නා දෙව්ත් එලෙස ඔහුව පහතට දමා කතා කරමින් ඔහු කොහොමත් ලොකුවට රඟපාන කෙනෙකු නොවන බව අමුතු සිනාවකින් පවසා සිටිනවා. ඉතිං අදිත්‍ය කතා කරන විදිය ඇල්ලුවේ නැති රෙෂ්මා , ඔහු දෙව්ව දැකලා නැද්ද කියාත් ඔහු ඇය සමඟින් අවුරුදු පහක් එක දිගට රඟ පෑ බව පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *