සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.මේ වේලාවේ අචිනි සොයා පොලිසිය පැමීණිමත් සමඟම ඇයට පොලිසියට යන්න වෙන හෙයින් එය එසේ නොකර ඇය රටින් පනින්නට සූදානම් වෙනවා. මේ වේලාවේ ඇගේ අම්මා සහ තාත්තා කලබලයෙන් බය වී සිටින ඇය ළඟට ඇයගේ බෑගය ගෙ එමින් , මොකද්ද සිදුවු‍ණේ කියාත් පොලිසිය විසින් ඇය කල චෝදනාවන් බොරු නේද කියාත් අචිනිගෙන් ඇගේ අම්මා විමසද්දී අචිනි කිසිවක් නොකිය ඊට පිළිතුරු නොදී සිටිමින් පොලිසිය නිවසට පැමණ මොනවාද ඔවුන්ට කිවේ කියා අසනවා. ඒ වේලාවේ පොලිසිය විසින් ඇය කවුරුන් හෝ කෙනෙකුව පැහරගෙන ගොස් ඇති බව සහ විශාල්ට සහ ඊෂාට ඇසිඩ් ගහන්නට හැදු බව කියු බවත් එ වගේ ගොඩක් දේවල් කියු බව අය හඬමින් මෙන් පවසද්දී ඇය එරෙහිව එසේ පැමිණිල්ල දමා තිබෙන්නේ කවුරුන්ද කියා අචිනි විමසද්දී ඇගේ අම්මා සහ තාත්තා මුහුණට මුහුණ බලා ගනිමින් පැමණිල්ල දැමු කෙනා ගැන ඔවුන්ට කිවේ නැති බවත් නමුත් සිදු වී ඇති දේ බරපතළ බවත් ඇගේ තාත්තා පවසනවා.

මේ වේලාවේ අගස්තිව සොයා පැමිණෙන අගස්තිගේ ගෝලයෙකු වන පාලිගෙන් දැන් කොහොමද තත්ත්වය කියා විමසද්දී තවම අචිනිව සොයා ගන්නට පොලිසියට හැකි වී නැති බවත් , ඔහු සිතන විදියට අචිනිගේ අම්මා සහ තාත්තා ඇය රටින් පන්නන්නට ඇති කියාත් මේ වාගේ දේවල් ඔවුන්ට ලොකු දේවල් නොවන බවත් පාලි කියද්දී, ඊෂා මේ දවස් ටිකේ යන එන තැන් ගැන සොයා බැලුවා නේද කියා අගස්ති ඔහුගේන් විමසමින් අචිනි රට ගිය නිසා දැන් ඊෂාට ප්‍රශ්නයක් වෙනකක් නැහැ කියාත් නමුත් ඔහු තවදුරටත් ටික කාලයක් ඇය ගැන සොයා බැලිය යුතු බවත් අගස්ති පවසා සිටිනවා.ඉන්පසු පාලි ඊට කැමැත්ත පල කරමින් අගස්තිටත් දුවෙක් ඉන්නට තිබුනේ කියාත් එසේ වුවා නම් ඔහු ඒ දුවව ගොඩක් හොඳින් බලා ගනිවි කියාත් කියද්දී තමන්ගේ දරුවෙක් නොවුනත්  තමන්ගේ දරුවකු වගේ බලා ගන්න ඔහුට පුළුවන් කියා අගස්ති පවසනවා. ඒ වේලාවේ ඊෂා දන්නවා නම් ඇය ගැන මෙතරම් අගස්ති සොයා බලනවා කියා ඇය ඔහුට තාත්තා කෙනෙක්ට වගේ සලකනා බව පාලි පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *