සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා. මේ වේලාවේ අචිනි නිවසින් පිටව යාමත් සමඟම ඇය ගියේ කොහේද කියාත් ඇයගේ වෙනස් වු හැසිරීම් රටාව ගැනත් දිල්ෂාන් අචිනිගේ අම්මා සමඟින් කතා කරමින් සිටින අතරේ එකපාරටම අචිනි සොයා පොලිසිය නිවසට පැමිණෙනවා.ඒ වේලාවේ අචිනි කොහේද කියාත් ඇය නිවසේ ඉන්නවාද කියාත් පොලිසිය සැරෙන් මෙන් අසද්දී දිල්ෂාන් කලබල වී බයෙන් මෙන් ඇය වැඩ වගයකට එළියට ගිය බවත් කුමක් හෝ ප්‍රශ්නයක්ද කියාත් පොලිසියගෙන් අසමින් ඇයට කුමක් හෝ කරදරයක්ද කියා දිල්ෂාන් අසනවා. ඒ වේලාවේ ඇයට නම් කරදරයක් නැති බවත් නමුත් දුවගෙන් අනිත් අයට නම් කරදර වෙන බවත් පොලිසිය පවසමින් ඔවුන්ගේ අවසරයකින් තොරවම එක් පොලිස් නිළධාරියකුට නිවස ගොස් පරීක්ෂා කරන්නට කියමින් , ඇයට විරුද්ධව චෝදනා දෙකක් තිබෙන බවත් ඒවා නම් ඇය තරුණියක් පැහැර ගැනීමට තැත් කිරිම සහ ඇයට ඇසිඩ් ගැසීමට උත්සහා කිරිම බවත් කියද්දී එය අසා කලබල වුන දිල්ෂාන් කිසිවක් සිතාගත නොහැකිව ඒය වැරදීමක් විය හැකි බවත් එසේ වෙන්නේ කෙසේද කියාත් පොලිසියෙන් අසද්දී ඒවා ඔවුන් දන්නේ නැති බවත් ඔවුන්ට අචිනි සිටිනා තැන හරියට කියන්න කියාත් ඇයට දුරකථන ඇමතුමක් ඒ අවස්ථාවේදී ගන්න කියාත් පොලිසිය පවසනවාත් සමඟම දිල්ෂාන් ඇයට ඇමතුමක් ලබා ගන්නවා. එසේ ගත්තද ඇගේ දුරකථනය ඒ අවස්ථාවේ ක්‍රියාවිරහිත කරලයි තිබුනේ.

මේ වේලාවේ කලබලයෙන් විපුල ළඟට දිව එන ශානිකා මොකද්දී ප්‍රශ්නය කියාත් විශාල් කොහෙද කියාත් අසද්දී, අචිනි මාර වැඩක් කරලා තිබෙන්නේ කියාත් ඇය විසින් කෙනෙකුට විශාල්ට ඇසිඩ් ගහන්න කියා කන්ට්‍රැක් එකක් ලබා දී ඇති බවත් දැනට ප්‍රශ්නයක් වී නැති බවත් නමුත් පොලිසිය මේ ගැන වැඩිදුර තොරතුරු සොයා බලමින් සිටින බවත් ,ඒ වේලාවේ විශාල්ට කරදරයක් වී නොමැති බවත් ඔහු ඒ පැමිණි පිරිසට පහරදී පන්නාගෙන ඇති බවත් විපුල කියද්දී මේ වේලාවේ විශාල් ගැන බයෙන් සිටින ශානිකා,දැන් අචිනි කොහේද කියාත් ඇය සොයාගෙන යමු කියාත් විපුලට පවසද්දී ඔවුන් ගියා කියා වැඩක් වෙන්නේ නැති බවත් පොලිසියද ඇගේ නිවසට ගොස් බලා ඇති බවත් නමුත් අචිනි නිවසේ සිට නොමැති බවත් විපුල පවසනවා. ඒ වේලාවේ ඇය නැති වුවාට කමක් නැහැ අනිත් එවුන් දෙදෙනා නිවසේ ඇතිනේ කියාත් ඇයට ඔවුන් දෙදෙනාට හරි කතා කරන්නට අවශ්‍ය බවත් කියද්දී මේ වේලාවේ ඔවුන් එතැනට යන එක අවාසි බවත් පොලිසිය මීට මොකද්ද කරන්නේ කියා ටිකක් බලා සිටිමු කියාත් විපුල යෝජනා කර සිටිනවා. ඉන්පසු කේන්තියෙන් සිටින ශානිකා, අචිනිට පොලිසියෙන් බේරෙන්නට ලැබුනද ඇගෙන් නම් බේරෙන්නට වෙන්නේ නැති බව ශානිකා පවසා සිටිනවා.ඔහුට සිතෙන විදියට මේ ගැන දැනගෙන දිල්ෂාන් මේ වෙද්දී අචිනිව කොහේ හරි ආරක්ෂිත තැනක සඟවන්නට ඇති කියාත් දිල්ෂාන් ගැන දන්නවානේ කියාත් විපුල පවසද්දී තවත් කෝපය වැඩි වුණ ශානිකා, එසේ සඟවාගෙන ඉන්නට දෙන්නේ නැති බවත් කෙසේ හෝ ඇයට පොලිසියට අල්ලා දිය යුතු බවත් පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *