සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.මේ වේලාවේ ඊෂාට සිදු වු කරදරයත් සමඟම ඇය නිවසට පැමිණිම පරක්කු වීම හේතුවෙන් කලබලයට පත් වී සිටින ඊෂාගේ අම්මා සහ සීයා දිගින් දිගටම ඇයට දුරකථන ඇමතුම් ලබා ගන්නවා.ඉන්පසු ඊෂා නිවසට පැමිණෙනවාත් සමඟම සීයා තාත්තා ඇයව මඟදී නවතාලමින් ඇය මෙච්චර වෙලා කොහේද සිටියේ කියාත් ෆොන් එක අන්සර් නොකළේ ඇයිද කියාත් විමසද්දී ඊෂා බයෙන් මෙන් ඇයට මිට්න් එකක් තිබුණ බවත් ඇයට මහන්සි බවත් කියමින් කාමරයට යනවාත් සමගම ඇයට කුමක් හො කරදරයක් සිදු වී ඇති බව දැනුන සමාධි ඇය පසුපසින්ම ගොස් ඒ ගැන විමසද්දී ඇයට තිබෙන ප්‍රශ්නය කුමක් ද කියාත් ඇය මෙසේ අවුලින් ඉන්නේ ඇයිද කියාත් අසද්දී ඊෂා එකපාරට හඬන්නට පටන් ගනිමින් ඇයට ඔවුන් පාඩුවේ ඉන්නට දෙන්නේ නැති බවත් තවමත් ඔවුන් ඇය පසු පසින් එන බවත් එදින ඇය විශාල් සමගින් එළියේ ඉද්දී ඔවුන්ට ඇවිත් පහර දෙන්නට හැදුව බවත් එතැන සිට එක් පුද්ගලයෙක් ඔවුන් දෙදෙනාව බේරාගත් බවත් ඊෂා පවසනවා. ඇගේ කතාව අසා කලබලයට පත් වු සමාධි මෙය තවදුරටත් බලා හිඳ වැඩක් නැති බවත් පොලිසියට යමු කියාත් සමාධි පවසද්දී ඇයට යන්නට බැරි බවත් ඇයට බය බවත් ඊෂා හඬාවැටෙමින් පවසා සිටිනවා.ඔය අතරේ ඊෂාට දුරකථන ඇමතුමක් ලබා දෙන විශාල්, ඔහුට පොලිසියෙන් කතා කල බවත් ඔහුව හමුවන්නට පොලිසිය එන බව කියු බවත් ඊෂා සමාධි සමඟින් පවසනවා.

මේ වේලාවේ දිල්ෂාන් අචිනිගේ අම්මා සමඟින් අචිනිගේ වෙනස් වු හැසිරිම් රටාව ගැන කතා කරමින් ඒ ගැන බයෙන් සිටින අවස්ථාවේ ඔවුන් දෙදෙනාගේ කතාව අතරට කේන්තියෙන් යුතුව පැමිණෙන ඇය විපුලට සහ ශානිකාටයි එක පඑක ගෙම් වලට ලැස්ති වෙන්නට එපා කියා කියන්න කියාත් ඇය ඔවුන් එක්නෙනෙකුවත් ලෙහෙසියෙන් අත අරින්නේ නැති බවත් කියද්දී ඇගේ කේන්තියට හේතුව නොදන්නා දිල්ෂාන් කුමක් සිදු වී ඇත්තේ කියා පැහැදිලිව ඔවුන්ට කියන්න කියාත් ඇය මෙතරම් තරහින් ඉන්නේ ඇයිද කියාත් අචිනිගෙන් විමසද්දී ඔවුන් හදන්නේ ඇයට වඩා ලොකු අත්තක් අල්ලා ගන්නට බවත් එහෙයින් ඔවුන් මෙය හොඳින් විසඳා නොදුන්නහොත් ඇය එය වෙන විදියකින් විසඳා ගන්නා බවටත් කෑගසමින් අචිනි පවසමින් එතැනින් යන්නට යනවා.ඉන්පසු අචිනිගේ අම්මා කෑගසමින් මොනවා හෝ දෙයක් ඉක්මනින් ඊට කරන්න කියාත් ඔහු තමයි විපුල කෙනෙකු ලොකු කරගෙන සිටියේ කියාත් සැරනේ යුතුව කියමින් එතැනින් යන්නට යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *