සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.පත්තරයක් බලමින් පැත්තකට වී සිටින රදීෂ්ව දකින ඩිලාන් ඔහු ළඟට පැමිණ ඔහු සමඟින් කතා කරන්නට යමක් තිබෙන බව කියමින් , ආනන්දට යළිත් සැරින් සැරේ මේනක ඇතුළු පිරිසගෙන් කරදර වෙන්නට පටන්ගෙන තිබෙන බවත් එසේ පැටලෙන්නට හදන්නේ ටීෂා ප්‍රශ්නය නිසා බවත් ඩිලාන් කියද්දී, එ ගැන ඔහුද දන්නා බවත් නමුත් මේනක එක්ක පැටලෙන්නට යන්නේ නැතිව ඔවුන් මෙතරම් ඉවසා සිටින්නේ සියළුදෙනාගේ ඉල්ලීම නිසා බවත් කියද්දී එය හරි බවත් මේනක ඔවුන්ට සිදු කල කරදර වලට ඔවුන් විසින් දිය යුතු දඩුවම ලබා දුන් බවත් කියද්දී එය එසේ වුවද මේනක යළිත් මෙලෙස පැමිණෙන්නේ අවන්තගේ විවාහය ළඟ නිසා බවත් රදීෂ් කියමින් ඇත්තටම දැන් මේනක ආනන්ද සමඟින් පැටලෙන්නට හදන්නේ කුමක් නිසා ද කියා ඩිලාන්ගෙන් අසා සිටිනවා.ඒ වේලාවේ ඔහු එය මඟ හරිමින් ඔහු කියන්නේ ඔවුන්ට මේ ප්‍රශ්න වලට ගැවෙන්නට එපා කියා බවත් නැතහොත් ඔවුන් ඒවාට පැටලුන හොත් ඔහුටත් මේවාට පැටලෙන්නට වෙන බවත් රදීෂ්ට පැහැදිලි කර දෙනවා.

මේ වේලාවේ ටීෂාව හමුවී සියළු විස්තර දැනගෙන ආනන්දව හමුවන්නට එන ශමෙල් එම විස්තර ගැන ඔහුට කීමෙන් පසුව, මේ සියළු දේ පිටුපස සිටින්නේ මේනක සහ අශෝක බව ඔවුන්ට දැන් හොඳින්ම පැහැදිලි වු බවත් නමුත් ඔවුන් සමඟින් ගේම ඉල්ලන්නට යෑමේදී ගොඩක් පරිස්සම් විය යුතු බවත් කියද්දී ටීෂාව එසේ පැහැරගෙන ගොස් මෙතරම් ඉක්මනින්ම නිදහස් කලේ ඇයිද කියන එක ප්‍රශ්නයක් බවත් මන්ද මේනක එසේ කරනවා නම් කරන්නේ ලොකු හේතුවක් ඇතිව බවත් ශාමෙල් පවසද්දී එය ඇත්ත බවත් එ නිසාම ඔවුන් පැත්තක වී සිට වෙන්නේ කුමක්ද කියා හරිහැටි බලා හිදිමු කියාත් එකම දේ කෙසේ හෝ ටීෂාව හොඳින් බලා ගන්නා එක බව ආනන්ද පවසා සිටිනවා.

උදේනිට දුරකථන ඇමතුමක් ලබා ගන්නා අමීෂා, ඇගේ සැප දුක් ගැන විමසමින් ඔවුන්ගේ ගෙදර සිදු වන දේවල් ගැන නම් ඇයට එහෙන් මෙහෙන් ආරංචි වන බවත් ඇය ඉක්මනින්ම අක්ෂාව බලන්නට එන්නම් කියාත් පවසද්දී ඇය පුළුවන් වේලාවක එන්න කියාත් මන්ද අවන්තගේ විවාහයත් එක්ක ඇයට වුනත් ගොඩක් වැඩ තිබෙනවානේ කියාත් කියමින් අක්ෂාගේ ඔපරේෂන් එක එතරම් බරපතළ එකක් වෙනකක් නැහැ නේද කියා ඇය අවුලින් මෙන් අසමින් ඇය අනුහස්ගෙන් ඒ ගැන විමසුවද ඔහු කිසිදෙයක් හරියට කියන්නේ නැති බවත් කියද්දී ඇයට බය වෙන්නේ නැතිව ඉන්න කියාත් මන්ද අක්ෂා වගේම ඔපරේෂන් එකකට මුහුණ දුන් කෙනෙක්නේ ඇය බවත් කවුරුත් ඇයගේ ජිවිතය බේරෙයි කියා සිතුවේ නැති බවත් නමුත් ඇය දැන් හොඳින් ඉන්නේ කියාත් කියමින් අමීෂා උදෙනිගේ හිත හදන්නට උත්සහා කරනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *