සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.උදේනිව හමුවන්නට ඇගේ නිවසට පැමිණෙන අනුෂා, උදේනිගේ කුමක් හෝ අවුලකින් සිටින බව ඇය කතා කරන විට තේරීමත් සමඟම ඇය මෙසේ මුණ එල්ලාගෙන ඉන්නට හේතුව කුමක්ද කියා ඇගෙන් විමසනවා.ඉන්පසු ඇය අවුලින් මෙන් අනුහස්ගේ ප්‍රශ්න බවත් අක්ෂාගේ අසනීපය හොඳ අතකට හැරෙන්නේ නැති බව කියු බවත් අනුහස් මේ දේවල් තේරුම් ගන්නේ නැති බවත් පවසනවා.එත් සමඟම ඩොක්ටර්ස්ලා ඔහුට ඉවසලා ඉන්න කියා දිගින් දිගටම කියුවද ඔහු ගෙදර ආ වේලාවේ සිටිම අක්ෂා ගැන බයයි කිය කියාම ඇයත් සමඟින් පවසනා බව උදේනි කියනවා. ඔහු සිතන්නේ අක්ෂාට මේ අසනීපය නිසා ඇයට වෙන්නට තිබෙන නරකම දේ වෙයි කියා බවත් ඔහු රැට නිදාගන්නේ නැති බවත් හිනෙන් කෑගසනා බවත් උදේනි පවසද්දී අනුහස් ගැන කණාගටුවන අනුෂා, අනුහස්ව ඔවුන්ගේ නිවසට වේලාවක් එවන්න කියාත් දේව්මිලා සමඟින් කතා බහ කරමින් සිටිද්දී පොඩි වේලාවකට හෝ එය ඔහුගෙ සිතට සැනසීමක් වෙයි කියාත් අනුෂා පවසා සිටිනවා.

මේ වේලාවේ ටීෂාගේ ප්‍රශ්නය ගැනත් මේනක විසින් ආනන්දට ඇති කරවන්නා වු ප්‍රශ්න ගැනත් දෙව්මි අවන්තට පැවසීමත් සමඟම එය අසා කලබල වුන අවන්ත මේ සියළු ප්‍රශ්ණ ඇති වුනේ ඔහු නිසා බවත් ඒ නිසා ඔහුට මෙයට මැදිහත් නොවී ඉන්නට බැරි බවත් පවසද්දී ඔහුට මෙසේ කෑගසන්නට එපා කියාත් ආනන්ද ඇයට මේ ගැන ඔහුට වචනයක් කියන්නවත් ආරංචි වෙන්නවත් ඉඩ තියන්න එපා කියා කියු බවත් ඇය මේ ගැන කිවේ ඔහුට නොකියා ඉන්නට බැරිකමකට බවත් අන්තිමට ඔහු මේ කරන දේවල් නිසා ඇයටත් බැහුම් අහන්නට වෙන බවත් දෙව්මි පවසනවා. එ වේලාවේ ඇය එසේ කීවද ආනන්ද මේ ප්‍රශ්නයට පැටලුණේ ඔහු නිසා බවත් ඔහුයි මේ සම්බන්ධව ටීෂා සමඟින් ඔහුට කතා කරන්නට දුන්නේ කියාත් එහෙම එකෙ ඇය කියන්නේ ඔහුට පැත්තකට වෙලා ඉන්න කියලාද කියාත් දෙව්මිගෙන් විමසද්දී ,ඉන්පසු දෙව්මි ඔවුන්ගේ විවාහය දැන් ළඟ බවත් ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ විවාහය අවුල් කර දමන්නට බවත් ඔහු ගොස් මේ ප්‍රශ්නයට පැටලුණාම එය ඊට වඩා ප්‍රශ්නයක් වෙන බවත් දෙව්මි අවන්තට පැහැදිලි කර දෙන්නට උත්සහා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *