සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.මේ වේලාවේ ආනන්දව මුණගැසෙන්නට නිවසට පැමිණෙනබ ශමේල්ගෙන් ටීෂාට කවුරුන් හෝ කෙනෙකු තර්ජනය කර තිබෙනවාද කියාත් ඇගේ පස්සෙන් කවුරුන්ද එන්නේ කියාත් ඔහුගෙන් විමසද්දී එහෙම දෙයක් නම් තවම වෙලා නැති බවත් නමුත් ටීෂාගේ ගේ පිටිපස්සේ වත්තේ කොල්ලෙක් දෙන්නෙක් සැරින් සැරේ පැමිණ ගොස් තිබෙන බවත් නමුත් ඒ කවුරුන්ද කියා ඔහු නොදන්නා බවත් ශමේල් පවසමින් ඒ කෙසේ වෙතත් ඔහුට අශෝක ගැන සැකයක් තිබෙන බවත් පවසනවා. ඔහු ගැන නම් අමුතුවෙන් කියා සැක කරන්නට දෙයක් නැති බවත් ඔහුගේ හැටි කවුරු කවුරුත් දන්නා බවත් ඔහු සල්ලි වලට ඕනෑම ජාරා වැඩක් කරනා බවත් එහෙයින් ඔහු ටීෂා ඉන්න තැන ගැන සමහරවිට කියන්නට ඇති කියාත් ආනන්ද පවසනවා. ඉනපසු සිළුදේටම කලින් ටීෂාට ඉන්න තැනක් සොයා දෙන්න කියාත් වත්තේ ඉඳන් මෙය කරන්නට අමාරු බවත් ආනන්ද පවසද්දී ඔහු කියන්නෙත් එයම බවත් නමුත් ටීෂා කියන්නේ කීයක් හරි හොයාගෙන ජිවත් වෙන්නට නම් ඇයට වත්තේ ඉන්න ඕන කියා බවත් කියද්දී ඔහු කුමක් හො දෙයක් ඒ සඳහා කරන්නට උත්සහා කරන්නම් කියා ආනන්ද පවසා සිටිනවා.

රදීෂ් නැතිව තනිව ලිහිණි සමඟින් කතා කරන්නට පැමිණෙන ඩිලාන්ගෙන් ඔහුට ඇය සමඟින් කතා කරන්නට තියනවා කිවේ මොනවාද කියා ඔහුගෙන් විමසද්දී කතා කරන්නට නම් දේවල් බොහෝමයි කියාත් ජිවිතෙ බොහෝ අත්දැකීම් ඔවුන් මේ වයස වෙද්දී ලබා තිබෙන බවත් කියමින් ඒ අත්දැකීම් ජිවිතේ ඉස්සරහට ගෙනයන්ට ලොකු අත්වැලක් වෙන බවත් පවසනවා. ඉන්පසු ඒ හේතු නිසයි ඇයට තවත් වතාවක් රදීෂ් ගැන සිතා බලන්නට කියන්නේ කියාත් ඔවුන්ට එක තැනකදී වැරදුන බව ඔහු පිළිගන්නා බවත් නමුත් රදීෂ් එ සියළු දේ හදාගෙන මේ ප්‍රශ්න වලින් ගොඩ එන්න අත්හරින්නේ නැතිව ඇය පස්සෙන්ම එන බවත් එ නිසා ඇයට පුළුවන් නම් රදීෂ්ට එක අවස්ථාවක් දෙන්නට එය මේ වේලාවේ ලොකු දෙයක් බවත් නමුත් ඔහු මේ ඇයට කරන බල කිරිමක් නොවන බවත් කියද්දී එය ඇය හොඳින්ම දන්නා බවත් ඔහු ඇයට ඒ කාලයේ සිටම තමන්ගේ දුවකට මෙන් ආදරය කරනා බව ඇය දන්නා බවත් ලිහිණි පවසද්දී එ නිසා තමයි ඔහුටත් බය සැක නැතිව මෙසේ ඇය සමඟින් පැමිණ කතා කරන්නට හැකියාවක් තිබෙන්නේ කියා ඩිලාන් පවසා සිටිනවා. ඉතිං මේ වේලාවේ ලිහිණිගේ හැසිරිමෙන් නම් තේරුම් යන්නේ රදීෂ් ගැන ඇයටද යළිත් සිතන්නට අවශ්‍ය වී තිබෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *